Chapter 23

506 79 23
                                    


මම එදයින් පස්සෙ මෝඩ ටේහ්‍යුන්ගෙ මූනවත් බැලුවෙ නැ. උගෙ විතරක් නෙවෙයි අනිත් දෙන්නගෙත්. මට ඒ තරම් කේන්තියි අනේ. එදා මම ටේහ්‍යුන්ගෙ කනට ගැහුව දවසට පහුවදා අර කොල්ලා ඇවිත් මාව හම්බුනා. එයාව බේරගත්ත එකට මට ගොඩාක් පින් දුන්නා. එ වගේම එයාගෙ කතාවත් එදා මට එයා කිව්වා.

" මම ඔයාට කොහොම ස්තූති කරන්න ද මම දන්නැ ජන්කුක්. එදා ඔයා මට කලෙ ලොකු උදව්වක්. ඔයා නොහිටින්න උන් මට එදා මොනවගෙන් මොනව කරයිද දන්නැ "

" උබම උන්ට ජරාව අදිනව ඊටපස්සෙ උබම උන්ට කැලෑපත්තර ගහනවා. මට තේරෙන්නැ එ ඇයි කියල "

" ජන්කුක්.. ඉස්කෝලේ පටන් ගන්න තව වෙලාව තියෙන නිසා ග්‍රවුන්ඩ් එකට යමුද. මට ඔයාට කියන්න කතාවක් තියෙනව. මට මේක වෙන කියන්න කෙනෙක් නෑ. ඔයාට කීවොත් මගෙ හිත හරි නිදහස් වෙයි කියල හිතෙනවා. ඔයාට.. කරදරයක් නැත්නම්ම්ම් එන්න පුළුවන් ද"

" ම්ම්ම් යමු ප්‍රශ්නයක් නෑ. ඒ ජිමිනා මම ග්‍රවුන්ඩ් එකට යනව උබ එනව ද"

" උබ පලයන් "

"ඕකේ"

මම කොල්ලගෙ කරට අත දාගත්තා. ග්‍රවුන්ඩ් එකට එන අතරෙ මම උගෙ නම අහගත්තා. ඌ සෝහ්‍යුන්. ක්ලාස් එකෙ අය කියන්නෙ සෝහු කියල ලු. මාත් උට සෝහු කිව්වා. ඌත් අලුතින් ආපු පොරක්. බයෝ නම් නෙවෙයි ආට්. ඒ කියන්නෙ අරුන් ආට් එකෙත් කරක් ගහල උන්වත් රැග් කරලා.

" හරි සෝහු කියපන්"

අපි ආවෙ ජිමින් සුගා කාරයා එක්ක මල් කඩන ගහ ගාවට.

" මම මුලින්ම මම ගැන කියන්නම්. මම ගොඩාක් පොහොසත් පවුලක එකෙක් නෙවෙයි ජන්කුක්. මගෙ අප්පා ඇක්සිඩන්ට් එකකින් නැති වුනා. ඔම්මා පොඩි කැෆේ එකක් කරනවා. ඒකෙන් තමයි අපි ජීවත් වෙන්නෙ. මගෙ අප්පා වැඩ කලෙ ඔය හොබී කියන කෙනාගෙ අප්පා ගාව. මම දන්නෙ එයා ගාව වැඩ කලා කියන්න විතරයි අප්පගෙ රස්සාව මොකක්ද කියල අදටත් මම දන්නැ. ඔම්මගෙන් ඇහුවම කියන්නෙ අප්පා හොබී කියන කෙනාගෙ අප්පගෙ බිස්නස් වැඩ වලට උදව් කරා කියලා. හරි ඒවගෙන් වැඩක් නෑ මම කතාව කියන්නම්කො. ඉස්සර අප්පා මාව පොඩි කාලෙ එහෙ එක්කන් යනවා. මට හොබී හ්‍යුන්ග් එක්ක සෙල්ලම් කරන්න කියල අප්පා හොබී හ්‍යුන්ග්ගෙ අප්පා එක්ක ගමන් යනවා. හොබි හ්‍යුන්ග්ගෙ අප්පා හොද කෙනෙක් නෙවෙයි කියල මට ඒ කාලෙ තේරුනා.. 
ඒක මහ සුවිසාල ගෙදරක්. එ ගෙදර කට්ටිය මාව ගනන් ගන්නෙ නෑ මම පොඩි පවුලක නිසා. එක දවසක්  එයාගෙ සෙල්ලම් රොබෝ කෙනෙක් මගෙ අතින් කැඩුනා. එදයින් පස්සෙ එ කට්ටිය මට එ ගෙදර ට යන්න දුන්නෙ නෑ. මාව ආය එක්කන් යන්න එපා කිව්වලු. හරි එ කතාව එතනින් ඉවරයි. දැන් එමුකො වර්තමානෙට. අප්පා නැති උනාම අපෙ ගෙදර බර සම්පූර්ණයෙන්ම අදින්නෙ මගෙ ඔම්මා. මට ඕන ඔම්මව එ වැඩ වලින් නිදහස් කරගෙන හොද රස්සාවක් කරලා ඔම්මවව රැජිනක් වගෙ බලාගන්න. ඒකයි මම මෙ ඉස්කෝලෙට ආවෙ. රැග්ස් සීසන් එකේදි තමයි මම අවුරුදු ගානකට පස්සෙ හොබී හ්‍යුන්ග්ව දැක්කෙ. මුලින්ම දැක්කම නම් එයා මාව අදුරන්නැ වගෙ ගියා. මම සතුටු උනා ඒකට. ඒත් ඒක එහෙම නෙවෙයි ඊටපස්සෙ දවසක මට එයාගෙ යාලුවො දෙන්නයි එයයි ඇවිත් තර්ජනය කලා. සල්ලි දීල තැනකුත් කියල එතනින් එයාල කියන දේවල් අරන් ආවෙ නැත්තන් මට මෙ ඉස්කෝලේ ඉගෙන ගන්න දෙන්නෑ කියල කිව්වා. මගෙ ඉගෙනීම කඩාකප්පල් කරනව කිව්වා. මට බය හිතුනා ඉතින් මට ඒ දේ කරන්න සිද්ද වුනා. ඒක පොඩි ළමයින්ට යන්න හොද නැති ක්ලබ් එකක්. අද විතරයි නෙ කියල හිතාගෙන ගිහින් මම ඒවා අරන් ආවා.  ඒත් ඒක දවසකට දෙකකට සීමා වුනේ නෑ. මට ඒක දිගටම කරන්න වුනා. මට බය හිතුනා. මට මේක කරන්න බැ කිව්වා. මම හැමදාම ඉස්කෝලේ ඇරිලා ඔම්මගෙ කැෆෙ එකට යනවා. ඉතින් එදා එ බැ කියපු දවසෙ මම කැෆෙ එකට යද්දි එ තුන් දෙනා කැෆෙ එකට ඇවිත්. ඊටපහුවදා ඉස්කෝලේ ආවම ඔම්මා ගැන කියල එයාලා මට ආයෙත් තර්ජනය කලා. මට ඉන්නෙ මගෙ ඔම්මා විතරයි ඉතින් මම ඔම්මා ගැන හිතලා එ දේවල් ගෙනාවා. මම කැමැත්තෙන් නෙවෙයි මේව කරන්නෙ. මට බයයි මගෙ ඔම්මට කරදරයක් වෙයි කියලා. මට මේක මානසිකව වදයක් ජන්කුක්. මට පාඩම් කරන්න වත් හිතෙන්නෑ. බැරිම තැන තමයි මම කැලෑපත්තර ගහන්න හිතුවෙ. එහෙම උනාමවත් එයාලා බය වෙයි කියල හිතුවා. ඒත් අන්තිමට එයාලා මාව අල්ලගත්තා. ඔයා තමයි මාව බේරගත්තෙ ජන්කුක්. ඔයාලා දෙන්නා එදා එතනින් ගියාට පස්සෙ එ තුන් දෙනත් මාව එතන දාලා ගියා ජන්කුක්. ඔයාට ගොඩාක් පින්. ඒත් ආය කොයි වෙලෙ කොහොම එයාලා මට මොනවා කරයිද කියල දෙයියො තමයි දන්නෙ.. මට මේක හිතට බරක්.."

𝐀 𝐌𝐞𝐥𝐨𝐝𝐲 𝐎𝐟 𝐇𝐢𝐝𝐝𝐞𝐧 𝐋𝐨𝐯𝐞  ᵗᵃᵉᵏᵒᵒᵏ ᶠᶠ (completed)Where stories live. Discover now