Chapter 33

506 67 29
                                    



ඊයෙ මීට් එක අද සුපුරුදු පරිදි පාඩම් වැඩ. පොඩි නිදහසක්වත් නෑ අනේ. හරි නම් අද නිවාඩු දෙන්න ඕන සතුට මහන්සිය දුක හැමදෙම විඳින්න. කොහෙද ඉතින් එහෙම සැපතක් මෙ ඉස්කෝලෙ.

අද ඉස්කෝලෙට අඩිය තිබ්බා විතරයි අහන්න ලැබුනෙ හොඳ නිවුස් එකක් නම් නෙවෙයි. ඊයෙ මීට් ඉවර වෙනකොට කවුරු හරි අපෙ ස' කෙනෙක්ගෙ බයික් එකක් උස්සලා. ගොඩාක් අය නම් කිව්වෙ අපෙ ඉස්කෝලේ අය නෙවෙයි වෙන්න ඇති කියලා. පිටිනුත් ඇවිත් හිටියනෙ මීට් එක බලන්න ගොඩක් අය. දැන් ඉතින් ඇත්තටම වැරදිකාරයා හොයා ගන්නව කියන්නෙ කරන්න අමාරු වැඩක් නෙවෙයි කරන්න බැරි වැඩක්.

ඉතින් ඒ නිසාම උදේ මේන් එසෙම්බ්ලි එකක් තිබ්බා. ඒකෙ මුලින්ම කතා කලේ ප්‍රින්සිපල් ස'. මීට් එක හොදින් සිද්ද වෙච්ච එකට හැමෝටම ස්තූති කලා. ඊටපස්සෙ අර සීන් එක ඇදලා අරන් ලොකු දේශනාවක් දුන්නා. ඒක කලේ ඉස්කෝලෙම කෙනෙක් නම් වැරැද්ද පිලි අරන් ඉදිරිපත් වෙන්න කිව්වා. එහෙම උනොත් නම් ගොඩින් බේරගන්න පුළුවන් කිව්වා. එහෙමත් නැත්නම් නීතිමය ක්‍රියාමාර්ග ගන්නව කිව්වා.

මම නම් කියන්නෙ ඉස්කෝලේ ඇතුලෙ කෙනෙක් කලත් පිට කෙනෙක් කලත් අනිවාරෙන්ම හිරෙ දාන්න ඕන. අවුරුදු පහක් විතර ඇතුලෙ තිබ්බම ඕකුන් නිකන්ම හැදෙනවා.

ඊලගට මයික් එක ගත්තෙ අපෙ ගෙදර එකම බෑනා පොඩ්ඩ. එයත් ඒ වෙච්ච දේ ගැන කණගාටුව ප්‍රකාශ කරලා එ හොරකම කලේ මෙතන ඉන්න කෙනෙක් නම් ඉස්කෝලේ නම කැත නොකර දැන් ඉදිරිපත් වෙන්න බැරි නම් අද ඉන්ටවල් එකට කලින් හරි  ඇවිත් හෙඩ් ප්‍රිෆෙක්ට් ජින් හ්‍යුන්ග්ව හම්බෙලා වැරැද්ද පිලිගෙන ඇවිත් කතා කරන්න කිව්වා.

ඔව් ඉතින් එ වගෙ දෙයක් ඇවිත් මෙ මනුස්සය එක්ක කවුරුත් කියයියැ තියෙන බයට. ජින් හ්‍යුන්ග් ඉතින් හැමෝම එක්ක යාලුයිනෙ. ඔන්න ඉතින් හොරාට ගොඩින් බේරෙන්න තියෙන එකම චාන්ස් එක.






උදේම ඉස්කෝලේ එනවා හ්‍යුන්ග් ව හම්බෙනවා ගෙදර යනවා. ක්ලාස් යනවා. ඔහොම ඔහොම මීට් එකට පස්සෙ සතියකින් එක්සෑම් එකත් පටන් අරන් දැන් එක්සෑමුත් ඉවරයි. මම නම් ඉතින් මෙලො දෙයක් පාඩම් කරලා නෙවෙයි ලිව්වෙ. තාම ඉතින් කල් තියෙනවා නෙ විසාල එක්සෑම් එකට.. එතකොට බැරියැ ඉතින් පාඩම් කරන්න. තාම බයික් හොරාව අල්ලගන්නත් බැරි වුනා. දැන් නම් පොලිසියෙන් කේස් එක අතෑරලා ඇත්තෙ.

𝐀 𝐌𝐞𝐥𝐨𝐝𝐲 𝐎𝐟 𝐇𝐢𝐝𝐝𝐞𝐧 𝐋𝐨𝐯𝐞  ᵗᵃᵉᵏᵒᵒᵏ ᶠᶠ (completed)Where stories live. Discover now