Chapter 38

414 60 8
                                    


පුන්චි බ්‍රේක් එකකින් පස්සෙ අපි පාරවල් දෙකෙන් එකක් තෝරගෙන එ පාර දිගෙ ගියා. මුල් ටිකේ සාමාන්‍ය විදිහට තිබුනට  යන්න යන්න එ පරිසරය මහ මුස්පේන්තු ගතියක් දැනෙන්න ගත්තා. පෝන්ස් වලට සිග්නල් එන්නෙත් නෑ. තාම ඉර මුදුන් වෙලා නැති උනත් යන්න යන්න හරි  අන්ධකාරයි.

"ගායිස් අපි වැරදි පාර තෝරගෙන වගේ..."

" අනෙ හ්‍යුන්ග්ග්...."

ජිමිනා බය වෙලා සුගාගෙ ඇඟේ එල්ලුනා. ඇත්ත ඌට විතරක් නෙවෙයි දැන් දැන් මටත් බයක් නැතුවම නෙවෙයි.

" සුගා අපි ආපහු යමු. අපි මෙ යන්නෙ හරි පාරෙ නෙවෙයි."

" ඒත් ටේ බලපන්කො මේක වැරදි පාර උනත් පාර පැහැදිලියිනෙ. නිතරම යන එන පාරක් වගෙ"

" අනෙ ලබ්බො නිතරම යනඑන පාරක් උනත් යමං ආපහු. මේක වෙන මොන මගුලකට හරි පාවිච්චි කරනව ඇති. මෙ දෙන්නාම බය වෙලා යමන් යමන්"

ඔව් ඉතින් ට්‍රැවල් කරන අය නොගියට මේ පාරෙ මිනිස්සු යනව ඇති. සමහරවිට මේක ප්‍රයිවට් ඒරියා එකක්ද දන්නැනෙ. ප්‍රයිවට් බැ නම් ඕන මගුලක් තවත් නම් යන්න බැ.

" මේ කැලේ කොටිත් ඉන්නවද හ්‍යුන්ග් "

" මම හිතන්නැ"

" හොල්මං ඉන්නවාද දන්නැ නේද"

" දන්නැ"

ජිමිනා උගෙ මිනිහගෙන් මගුලක් අහනව. මෙ වගෙ බය හිතෙන වෙලාවක හිතන්න හොද මගුල්ද ඒකා හිතන්නෙ. කොටි හොල්මන් නෙවෙයි දෙයියනේ කියල ආපහු හැරිලා යන්නැතුව මේකා මගුලක් දොඩවනව.

අපි ආපහු එන්න හැරුනා. ඇත්තටම ජිමිනා කීව වගෙ කොටි කෙසේ වෙතත් හොල්මන් ඉන්නවද දන්නැ. අම්මො බයෙ බැ.

" ටේහ්‍යුන් හ්‍යුන්ග්ග්..."

" ම්ම්ම්"

" ඇ ඇ ඇත්තටම ම් ම් මේකේ හ් හොල්මං ඉ ඉන්නවා ද"

ජිමිනා හොල්මං ගැන කීව වෙලෙ ඉදන් මගෙ හාට් එක බීට් වෙලා පැයට කිලෝමීටර් බර ගානක වේගෙකින් ගැහෙන්න පටන් ගත්තා. එ නිසා මම එයාගෙ උරහිසට මූන ගහගෙන ඇස් දෙක පියාගත්තා.

𝐀 𝐌𝐞𝐥𝐨𝐝𝐲 𝐎𝐟 𝐇𝐢𝐝𝐝𝐞𝐧 𝐋𝐨𝐯𝐞  ᵗᵃᵉᵏᵒᵒᵏ ᶠᶠ (completed)Where stories live. Discover now