Chapter 25

554 78 17
                                    


මම උදෙන්ම ඇහැරලා ලෑස්ති වෙලා දුවන් ගියා මගෙ දකුණු අත හොයාගෙන. ඒත් දකුණු අත තාම ඇදුම් අයන් කරනවා. දකුණු අත මම දැක්කා විතරයි අයන් එක එහෙමම දාලා ඇවිත් මගෙ ඇගට පැන්නා.

" හනේ මගෙ වස්තුව මම හිතුවෙ මන් එක්ක තරහ වෙලා කියල. මම ඊයෙ රෑ කොච්චර කෝල් ගත්තද උබ ආන්සර් කලෙ නෑනෙ"

කොහෙ ආන්සර් කරන්නද මම පෝන් එක සයිලන්ට් දාලා බුදියෑවනෙ. හිකිස් හොද වැඩේ තාරා පැටියට. මු විතරක් නෙවෙයි ටේහ්‍යුන්නුත් කෝල් අරන් තිබ්බ.

" අහකට පලයන් ඇදුම පොඩි වෙනවා"

" කියපන් මම එක්ක තරහ නැ නේද. අනෙ කියපන්කෝ...."

මූ මගෙ නලලට නලල තියාගෙන හොම්බෙන් අඩනව. මහ කපටියෙක් මේකා. මූ හොදටම දන්නව එහෙම කරාම මගෙ බොක්ක උණු වෙනව කියලා.

" හා හා තරහ නැ ගිහින් ලෑස්ති වෙනවා"

මූ මගෙ නලලට හෙන ලොකු උම්මෙක් දීලා ගිහින් ඇදුම් ටික අයන් කලා.

" අද හවස ගමනක් තියෙනවා උබ එන්න ඕන මගෙ තනියට"

" ඒ කොහෙද"

මූ ජොකා පිටින් දෙකට නැවීගෙන අල්මාරිය පෙරලගෙන මේස් හොයනවා. හිකේ මට මෙ පීච් ගෙඩියෙ පොටො එකක් පූස් මූනාට යවන්න තියෙනවා නං. හිකිස්.. මූ අදින්නෙම පාට පාට ජොක්කු. අද ඇදන් ඉන්නෙ ලා කහ පාට එකක්. බේබි කෙනෙක් වගෙ අනේ. අදින්න එපැයි මම වගෙ තද පාට එව්වා. කොහෙද ඉතින් මෙ සීනිබෝල තාරාව අදින්නෙත් උ වගේම සීනිබෝල පාට එව්වනෙ.

" ස' නැම්ජූන්ස් හවුස්"

" එ මොකටද. අද ක්ලාස් දවසක් නෙවෙයි. අනික අද හවස අපි ගමනක් යනව "

" ඒ බලු වැඩ කරන්න එපා. මගෙ තනියට යමන්."

මූ කලිසම ඇදගෙන මට එහා පැත්තෙන් වාඩි වෙලා මේස් දාන්න ගත්තා. මම නිකන් ඉන්න එකේ මුගෙ මේස් එකක් අරන් හොඳ පිට හරවලා දුන්නා.

" ස' කිවද ක්ලාස් තියෙනවා කියලා. ඒ වෙන දවසක දාගන්න බැරිවෙයිද බන්. අද අපේ අප්පගෙ යාලුවගෙ ඇන්වසරි පාටි එක. මට යන්න වෙනවා. ඇදුම් එහෙම ඔක්කොම රෙඩී"

𝐀 𝐌𝐞𝐥𝐨𝐝𝐲 𝐎𝐟 𝐇𝐢𝐝𝐝𝐞𝐧 𝐋𝐨𝐯𝐞  ᵗᵃᵉᵏᵒᵒᵏ ᶠᶠ (completed)Where stories live. Discover now