Chapter 04

587 79 7
                                    

අද දවසම මහ මුස්පේන්තු දවසක්. මගෙ ලස්සන මිසුත් මගෙ දිහා වැඩිය බැලුවෙ නෑ. එ මදිවට මගෙ ඇඳුමෙ කුණුයි අර අපතයගෙ සපත්තු පොලිශුයි ගෑවිලා. ඇවිදගන්නත් බැ කකුල හොඳටම රිදෙනව දවල් වෙන්න දවල් වෙන්න කැක්කුම වැඩියි.. එක පීරියඩ් එක්ක්වත් හිස් වුනෙත් නැ ඔක්කොම ගුරුවරු අද ඉන්නවා. ඉන්ටවල් එකේදි කැන්ටින් එකට යන්නත් බැරි උනා මෙ කකුල නිසා. හොඳ වෙලාවට ජිමිනගෙ ඔම්මා අද ඊයෙට වඩා කෑම ටිකක් වැඩියෙන් එවලා තිබ්බෙ.

මගෙ ඔම්මා උදෙ පරිස්සමට ගෙදර ආවද දන්නැ. එයා මගෙ පුතු පැටියට කන්න දීලාද දන්නැ. උදෙන්ම නැගිටපු ගමන් ලොකු ඈනුමක් ගිය නිසාද දන්නැ දවසම මෙහෙම මූසල විදිහට ගලන් යන්නෙ. ආය ඈනුම් යවන්නැ ඇහැරුන ගමන්.

දැන් පැය භාගෙක විතර ඉදන් ඉංග්‍රීසි සර් ඇවිත් මොනාද බෝඩ් එකේ ලිය ලියා මකනවා. එයා ලියන එක අපිට පොතෙ ලියාගන්න කියල කිව්වට එයාගෙ ස්පීඩ් එකට අපිට ලියන්න අමාරුයි. එයා ලීව ගමන් මකන නිසා බෝඩ් එකේ තියෙන එව්වගෙන් බාගයක් විතරයි ලියාගන්න පුළුවන් වෙන්නෙ. මම ඉතින් මට පුළුවන් හරිය ලියාගෙන අනිත් ටිකට ඉඩ ඇරලා ආපහු සර් බෝඩ් එකේ ලියන තැනින් පටන් ගන්නවා.

මම නිකමට ජිමිනගෙ පොතට හොට දාලා බැලුවෙ අඩුම තරමෙ ඌ වත් හරියට ලියලද බලන්න. එහෙම උනොත් මට උගෙ පොත ගෙදර අරන් ගිහින් හරි ලියාගත්තැකිනෙ. ඒත් උ මට හපං.  උ පාට දහයකින් විතර පෑන් මාරු කර කර ලියන්නෙ. ඌ පොත චිත්‍ර පොතක් කරගෙන. උ පෑනක් මාරු කරනකොට පෙරහැර ගිහින් බලන්න ඉතුරු වෙන්නෙ අලිබෙටි ටික විතරයි. මදැයි මම උගෙන් බලාගෙන ලියාගන්න හිටියා. ඌ ඒකේ රටා මවනවා.

මේවා ඉතින් ලිව්වත් ඇති වැඩක් නෑ. පාඩම් කරනව කියල යැ. මට මෙ මොලො දෙයක් තේරෙන්නෙ නෑ නෙ. මම අනිත් හැම සබ්ජෙක්ට් එක්කටම මාර දක්ශයි ඉංග්‍රීසි ඇර. මොන හෙනයක්ද මන්දා ඒක නං. ඔම්මා කියනවා වගෙ දිය කරලා බීවොත් හරි යයිද දන්නැ. එහෙම මොකක් හරි කරන්න වෙනව තමා මෙ ප්‍රශ්නෙට මෙහෙම බලන් ඉදල බැ.

තවත් විනාඩි ගානක් ඔය විදිහට බෝඩ් එක දිහයි පොත දිහයි බෙල්ල උලුක් වෙනකන් අපි මාරුවෙන් මාරුවට බලද්දි ඉස්කෝලේ ඉවර උනා.

𝐀 𝐌𝐞𝐥𝐨𝐝𝐲 𝐎𝐟 𝐇𝐢𝐝𝐝𝐞𝐧 𝐋𝐨𝐯𝐞  ᵗᵃᵉᵏᵒᵒᵏ ᶠᶠ (completed)Donde viven las historias. Descúbrelo ahora