Chapter 03

669 77 15
                                    

"  මොනාද චූටි ඔයා මෙ කරගෙන තියෙන්නෙ.. "

" ආයි ඔම්මා... අල්ලන්න එපා දැවිල්ලයී..."

" මම යද්දිම කීවනෙ චූටි ඔයාට දඟලන්න එපා කියලා. බලන්න ඉස්සරෝම දවසෙම තුවාල කරගෙනනෙ ඔයා ගෙදර ආවෙ.."

" හ්ම් මම ඉන්ටවල් එකේදි ක්ලාස් එකට දුවන් එද්දි ගලක හැප්පිලා වැටුනා ඉතින්.. ආව්ව්.. හිමින් ගලවන්නකෝ... ආහ්හ්..."

මේ ඔම්මා.. මම එක්ක කතා කරන් ඉන්න ගමන්  කිසිම හිතක් පපුවක් නැ වගෙ මම විලාප තියද්දි ප්ලාස්ටර් එක ඇදල දැම්මා. එ වෙලාවෙ හැටියට පොඩි ප්ලාස්ටර් කෑල්ලක් ඇලෙව්වට මේක ටිකක් අස්සටම තුවාල වෙලා වගේ පේන්නෙ. අර ටේහ්‍යුන් කියන ගස් නරියගෙ බොටුව පුච්චලා කන්න හිතෙන්නෙ මෙ වගෙ වෙලාවට තමා. ඇයි යකො උ හින්දනෙ මම මේ වේදනා විදින්නෙ මගුල.

"මහ නරකයි. ඔයාගෙ චූටි පුතාට රිදෙනව කියල තේරෙන්නැද්ද ඔම්මා"

" කට නම් තියෙනවා පණ්ඩිතයා. හොඳ ළමයා වගෙ ඔයා ඔහොමම ගිහින් නාලා එන්න. ඊටපස්සෙ බෙහෙත් දාමු අපි.. හොඳ ද.. "

ප්ලාස්ටර් එක ඩස්පින් එකට විසිකරපු ඔම්මා මගෙ ඔලුව අත ගාලා කීවා. මොනා උනත් මගෙ ඔම්මා මට ගොඩාක් ආදරෙයි කියල මම දන්නවා.

" ආ..පෝ... මට නම් බෑ"

" මම එක්කන් ගිහින් නාවන්න කලින් ගිහින් නාගෙන එන්න  මගෙන් ගුටි නොකා."

" අනේ ඔම්මා.... රිදෙනවනෙ......"

" රිදෙන එක ඇරිලා යයි බෙහෙත් දැම්මම. හොඳ පුතානෙ මගෙ. යන්නකො.."

" බෑ.."

"චූටී.... ගුටි ඕනෙද...."

" හරි හරි මම යන්නං"

මම ඉක්මනට ලිස්සලා ඔම්මා ගාවින් ආවා. ඔම්මා ඔහොම හිටියට හෙන වසයි. මම දැන් නාන්න නොගියොත් මගෙ කනෙන් ඇදන් ගිහින් ඔම්මා මාව නාවනවා මට ගුටිත් දීලා. ඉතින් නිකරුනේ එහෙම අවදානමක් ගන්න ඕන්නැනෙ. මන්ම නැගිටලා ආවා. හ්‍යුන්ග්ට නම් එයා වස නැ ඒත් මට කොයි වෙලාවෙත් සැර කරපු ගමන්. මට හිතෙන්නෙ මාව අරන් හදාගෙනද කොහෙද ඒකනෙ මට වෙනස්කම්. හැබැයි ඉතින් මොනව හරි කෑමක් හදපු ගමන් ඔම්මගෙ කටෙන් එලියට එන මුල්ම වචනෙ ' චූටි පුතා.. කන්න එන්න..' ඔම්මගෙ ආදරෙ හරි පුදුමයි. හැබැයී ඉතින් එයා හැමෝම එක්ක කියන්නෙ සැර නොවී මාව හදාගන්න බැ කියලා. මම හ්‍යුන්ග් වගෙ නෙමෙයිලු. අනේමන්ද මට ඔම්මා කියන දේවල් වෙලාවකට තේරෙන්නෙත් නෑ. මම ඉතින් එහෙම දඟ නෑ නෙ.

𝐀 𝐌𝐞𝐥𝐨𝐝𝐲 𝐎𝐟 𝐇𝐢𝐝𝐝𝐞𝐧 𝐋𝐨𝐯𝐞  ᵗᵃᵉᵏᵒᵒᵏ ᶠᶠ (completed)Where stories live. Discover now