Chapter 31

489 69 32
                                    


ස්පෝර්ට් මීට් එකත් ලඟ ලඟම එනවා. ඒත් අපෙ ගෙදරින් මට නීති ටොන් එකක් විතර දාලා තියෙන්නෙ. ' ඔව්වට ගියාම ඉගෙනීම කඩාකප්පල් වෙනවා. කලින් ඉස්කෝලේ ඇති වෙනකන් ස්පෝර්ට්ස් කලානෙ ඉතින් තව අවුරුදු දෙකයි එක්සෑම් එකට. එ නිසා ස්පෝර්ට්ස් තහනම් යැයි යැයි යැයි යැයි.' ඉස්කෝලෙනුත් කිසිම බුරුලක් හම්බුනේ නැ ඉස්කෝලෙ ඉහළ පන්ති වල වෙසෙන අපට ග්‍රවුන්ඩ් යාම තහනම් ස්පෝර්ට්ස් කරන්නෙ නැත්නම්. අනික් වැසියො ග්‍රවුන්ඩ් එකේ සතුටින් කාලය ගෙවද්දි අපට සිද්ද වුනේ බිත්ති හතරක් අස්සට කොටු වෙලා ගුරුවරයෙක් එක්ක තනි වෙන්න. මහ අසාධාරණ ලෝකයක් මේක අනේ.

අපට වඩා මේ නීතිය තර කලේ ටේහ්‍යුන් හ්‍යුන්ග් ලට. එයාලාට මෙ අවුරුද්ද අවසානෙ එක්සෑම් එක නිසා හුස්මක් ගන්නවත් ඉඩක් නෑ. ඒත් ප්‍රිෆෙක්ට් ලට එ නීති අදාල වුනේ නෑ. එයාලට ඕන වෙලාවක ග්‍රවුන්ඩ් යන්න පුළුවන් එහෙ යන්න පුළුවන් මෙහෙ යන්න පුළුවන්. ටේහ්‍යුන් හ්‍යුන්ග් ගැන මට පුදුම ඉරිසියාවක් එන්නෙ.

බැජ් එක ගලවල දුන්නත් එයාව ප්‍රිෆෙක්ට් බෝඩ් එකෙන් අයින් කරලා තිබුනෙ නෑ. තෑන්ක්ස් ගෝඩ්. ඒත් තාම බැජ් එක නම් ප්‍රින්සිපල් ස' හ්‍යුන්ග් අතට දීලා තිබුනෙ නැ. හිමින් දෙයි එයා දැන් හොඳ ළමයෙක් වෙන්නනෙ ඉන්නෙ. උදෙ ඉස්කෝලේ ආවම බෑ බෑ කියල දෙකට අදිද්දි මම රවලා ගොරවලා කිව්වම එයා ඩියුටි යනවා. ප්‍රිෆෙක්ට් පට්ටම හම්බුනත් හරි ඔය ඩියුටි කරනවමයි ලු. තාම අප්පා කතා කරන්නෑ දකින ගානෙ බනිනව කියල හ්‍යුන්ග් නිතරම මම එක්ක කියවනවා. 'තමුසෙ කරන වැඩ නිසා තමුසෙට ඔහොම වෙලා මදි' කියල හිත යටින් හිතාගෙන 'හැම දේම ඉක්මනට විසදෙයි ඔයා දැන් හොද ළමයෙක් වෙන්නනෙ ඉන්නෙ' කියල මම එයාගෙ හිත හදනවා.

අද අපට ලයිබ්‍රි පීරියඩ් එකක් තිබ්බත් මිස් ග්‍රවුන්ඩ් එකට ගිහින් නිසා අපට නිදහසක් හම්බුනා ග්‍රවුන්ඩ් එකට පැන ගන්න. මම යි ජිමිනයි හවුසස් දෙකක වුනාට අපි දෙන්න ඔය එකකටවත් නොගිහින් ග්‍රවුන්ඩ් එක වටේ ඇවිද්දා. පොඩි ඇච්චො ගෑ ගහ ගහ එහාට දුවනවා මෙහාට දුවනවා ඇගේ හැප්පෙනව එකම කාලගෝට්ටියක්. අපිත් එ කාලෙ ඉතින් ඔහොමනෙ. ස්පෝර්ට් මීට් කියන්නෙ ඉතින් ඊටවඩා දෙයක් නෑ. උගන්නන්නෙත් නැ නෙ දවසම ග්‍රවුන්ඩ් එකට වෙලා නටනවා.

𝐀 𝐌𝐞𝐥𝐨𝐝𝐲 𝐎𝐟 𝐇𝐢𝐝𝐝𝐞𝐧 𝐋𝐨𝐯𝐞  ᵗᵃᵉᵏᵒᵒᵏ ᶠᶠ (completed)Where stories live. Discover now