Chapter 47

400 59 19
                                    

" බබා මම දැන් මෙහෙන් පිටත් වුනා"

" පරිස්සමින් එන්න හ්‍යුන්ග්"

" මොකො බයද මගෙ පැටියට"

" ම්ම්ම් හ්ම් ටිකක්"

" බය නොවි ඉන්න. හැමදේම හොඳින් වෙයි"

" එහෙම ප්‍රාර්ථනා කරමු... හ්‍යුන්ග් පොඩ්ඩි ඇහැරියා.. මම තියනෝ... ආදරෙයි හ්‍යුන්ග් පරිස්සමට එන්නෝ... බායි"

"Ok. love you too baby.. bye"

ඇඳ ගාවට වෙලා මගෙ හ්‍යුන්ග් එක්ක කෝල් එකක හිටපු මම, නින්දෙන් ඇහැරිලා අඩන්න හදන අපෙ හ්‍යුන්ග්ගෙ සෝස මල දිහා බලාගෙනම මම කෝල් එක කට් කරලා පෝන් එක සාක්කුවට දාගෙන සෝස පැටික්කිව මගෙ අත් දෙකට ගත්තා..

" ම්ම්ම් ඈ.... ඇ..... ඇ.... ඇ...."

" හලි හලි මණික ඔම්මා ඉක්මනට එයී... ඕ.. ඕ... හොද බබාලා අඩන්නෑ.... ම්ම්ම්.... අඩන්නෙපා වස්තුවෙ මං ගාව කුක්කු නෑ..."

අපෙ හ්‍යුන්ග්ට දෙවෙනි බබා හම්බෙලා දැන් මාසයක් විතර වෙනවා... ආ නැ නැ හ්‍යුන්ග්ට නෙවෙ නූනට.... කලින් ඉපදුනෙ කොලු පොඩ්ඩක්. දැන් කෙලි පොඩ්ඩක්. ඉතින් මෙ කෙලි පොඩ්ඩ එක්ක මාව තනි කරලා එයාගෙ ඔම්මා නාන්න ගිහින්. මෙයාලා ඉන්නෙ නම් මෙහෙ නෙවෙයි  හ්‍යුන්ග් වෙනම ගෙයක් අරගත්තා. ඒත් බබා ලැබුන නිසා මෙහෙ ඇවිත් නැවතුනා ටික කාලෙකට.   අපෙ ඔම්මා නර්සරි ගියා අපෙ හ්‍යුන්ග්ගෙ පන්ඩිත කොලු පැටියව එක්කන් එන්න. දැන් නම් ලඟම එනවත් ඇති. අද මට නිවාඩු. ඒකයි  මෙ වෙලාවට මම ගෙදර. නැත්තං ඉතින් වෙනදට මෙ වෙලාවට මන් පේශන්ලා එක්ක තමා.

ඒක නෙවෙයි විශේශම කරුණ... මගෙ හ්‍යුන්ග් දැන් අපෙ ගෙදර එනව ගෙදරින් මන් ගැන අහන්න. ඉතින් අද අප්පත් ගෙදර.  ටිකකින් ඔම්මත් එනවා. මෙ මොහොත් මගෙ ඇඟෙ ලෙ වතුර වෙලා තියෙන්නෙ කිව්වොත් හරි. මොනාගෙන් මොනා වෙයිද කවුද දන්නෙ.

නම්ජූන් ස' රට ඉදන් ඇවිත් අපි හිතුවා වගේම එයාගෙ එෆෙයා එක ගැන ගෙදරට කිව්වා. වෙනසක් නැ ගෙදර අයගෙ තීරණෙ වුනේ අවුරුදු ගානකට කලින් අපට ලැබුණ තීරණයම තමයි. ඉතින් තව අහන්න ගියත් අපටත් ආය සැරයක් අත් වෙන්නෙ එ ඉරණමම තමයි කියලා දන්න නිසා හ්‍යුන්ග් ආය එයාලගෙන් මුකුත් අහන්න ගියෙ නැ.

𝐀 𝐌𝐞𝐥𝐨𝐝𝐲 𝐎𝐟 𝐇𝐢𝐝𝐝𝐞𝐧 𝐋𝐨𝐯𝐞  ᵗᵃᵉᵏᵒᵒᵏ ᶠᶠ (completed)Where stories live. Discover now