Chapter 20

531 82 47
                                    

" චූ..ටි... නැගිටින්න.."

ඊයෙ ලොකු ගමනක් ගිහින් ආව නිසා මහන්සිය හින්දමද කොහෙද පාන්දර එලාම් එක වැදුනද කියල වත් මට මතක නෑ. එ තරම් සැරට නින්ද ගියා. ඒ එලාම් එක නැතුවට මෙ එලාම් එකෙන් බේරෙනව බොරු. ඔම්මා දැන් විනාඩි ගානක ඉදන් මගෙ කන අස්සට රිංගගෙන කෑ ගහනවා

" අනෙ ඔම්මා තව ටිකක් ඉන්නම්කෝ.. සීතලයී.."

මම තව ටිකක් බ්ලැන්කට් එක අස්සට රිංගගෙන ඔලුවෙ ඉදන්ම වහ ගත්තා. වෙනදට වඩා පට්ට සීතලයි අද. මගෙ ඇගටත් අමුත්තක් දැනුනා. එ නිසා නැගිටින්න බෑමයි කියල හිතුනා.

" ඉස්කෝලේ යන්න පරක්කු වෙනව දරුවෝ... නැගිටින්න කො හොඳ බබානෙ"

ආයිශ් ඔම්මා මගෙ ඇඟෙන් බ්ලැන්කට් එක ඇදලම  ගත්තා. ඔම්මා එක්ක බේරෙන්න බැ අනේ. මට වද දෙනවා.

" ම්ම් සීතලයි ඔම්මා තව විනාඩි පහකින් නැගිටින්නම්ම්.. අනේ.. ම්හ් ම්හ් ම්හ්.."

මම ඔම්මගෙ උකුල උඩින්  ඔලුව තියාගෙන එ උනුහුම අස්සෙ ගුලි උනා. මගෙ ඇස් බරයි. පියවෙනවා වගේ.

" දෙයියනේ චූටි ඔයාට උණ දරුවෝ..."

ඔම්මා මගෙ නලලෙයි බෙල්ලෙයි එයාගෙ අත තියලා බලලා ආපහු බ්ලැන්කට් එකෙන් මාව පොරවලා මාව තුරුල් කරගත්තා.

" සීතලයි ඔම්මා"

" මගෙ රන්කඳ අපි තව ටිකකින් ඩොක්ට හම්බ වෙන්න යමු... "

ඔම්මා මගෙ නලලට හාද්දක් දීලා මාව පරිස්සමින් කොට්ටෙ උඩින් තියලා ගිහින් උණුම උණු කිරි එකක් හදාගෙන ඇවිත් මට පෙව්වා. ඊටපස්සෙ බ්ලැන්කට් එක පිටින්ම මාව වොශ් රූම් එකට එක්කගෙන ගියා. ඔම්මා නම් මාරයි. මම අසනීප වෙනවට එයා මාරමම බයයි. මට පොඩි අසනීපයක් හැදුනත් එයා ගොඩාක් කලබල වෙනවා. ඒක පොඩි කාලෙ ඉදන් තාමත් එහෙමයි. ඒ වගේම මමත් හරිම බයයි මම අසනීප වෙනවට. මගෙ ඔම්මා ලඟ නැත්තං මම අසනීප වෙච්ච දවසකට මට කිසිම දෙයක් කරගන්න බෑ.. ඒක ඔම්මා හොඳටම දන්නවා.

හැබැයි ඉතින් මම විහින් තුවාල කරගත්තම නම් ඔම්මා මට සලකන්නෙ අමුතු සතෙක්ට වගෙ. මෙ තරම් ආදරෙ නෑ. මහ නරකයි. වෙනස්කම්. තුවාල වලට බෙහෙත් දානකොට එහෙම රිද්දවනවා.

𝐀 𝐌𝐞𝐥𝐨𝐝𝐲 𝐎𝐟 𝐇𝐢𝐝𝐝𝐞𝐧 𝐋𝐨𝐯𝐞  ᵗᵃᵉᵏᵒᵒᵏ ᶠᶠ (completed)Место, где живут истории. Откройте их для себя