Chapter 40

488 55 5
                                    


මම උදේ ඇහැරුනේ මගෙ පෝන් එක රින්ග් වෙද්දි.  නිදිමතේම ඇස් පියාගෙනම මම තනියට තියාගෙන ඉන්න කොට්ටෙ උඩ අත ගෑවෙ මෙ මහ පාන්දර මාව මතක් වෙලා තියෙන්නෙ කාටද බලන්න. එ කොට්ටෙ උඩනෙ මම පෝන් එක සාමාන්‍යයෙන් තියන්නෙ.

" යකේක්ක් හොල්මනාක්ක්.. ඔම්මා..."

පෝන් එක හොයපු මගෙ අතට අහු උනේ මූනක් වෙනකොට මම කෑ ගහගෙනම ඇඳෙ වාඩි වුනා. ඒත් එ හොල්මන කවුද කියලා දැකපු මට අඩි හයේ වලක් කපන් එවලෙම වැලලෙන්න හිතුනා ඇත්තමයි. හොල්මන දැක්කමයි මට මීටර් උනෙ මම මොන ලෝකෙද ඉන්නෙ කියලා.  හොල්මන මගෙ දිහා බලාගෙන කින්ඩියට හිනා වෙවි රින්ග් වෙන පෝන් එක මට දික් කරද්දි ලැජ්ජාව වහගන්න මම පෝන් එක උදුරන් බ්ලැන්කට් එක අස්සට රිංග ගත්තා කෙස් ගහක්වත් එලියට පේන්නැති වෙන්න.

" හෙලෝ ඔම්මා...
තවම නිදි..
ම්ම්ම් දන්නෑ
ටේහ්‍යුන්ග් හ්‍යුන්ග් ගාව
හරි ඔම්මා කැ ගහන්න එපා නැගිටින්නං
ම්ම්ම් හරී...
උදෙම්ම එන්න ඕන්නැනෙ
ටිකක් දවල් වෙලා එන්නම් ඉතින්
අප්පෝ රැ වෙන්නැ
ආහ් හරි හරි අනෙ මගෙ කනත් කැක්කුමයි රැ වෙන්න කලින් එනවා
මම තියනවෝ බායී ආදරෙයී.."

කෝල් එක ඉවර වෙලා මම පෝන් එක හිමින් හිමින් බ්ලැන්කට් එකෙන් එලියට කලාම මගෙ ගාව ඉන්න හොල්මන ඒක අරන් පැත්තකින් තිබ්බා.

ඒ ගමන්ම හොල්මන් අතක් මගෙ ඉණ වටේ එතෙද්දි  යටි තොල හපාගෙන මම තව තවත් ගුලි වුනා.

" මාව හොල්මනක් හරි යකෙක් හරි වගේද පේන්නෙ බබා"

ලැජ්ජයි ලැජ්ජයි හරිම ලැජ්ජයි. තොල හපාගෙන ඉදලා රිදෙන නිසා මං බ්ලැන්කට් එකේ කෙලවරක් අල්ලලා හව්ව් ගාලා හපාගත්තා.

" ගුඩ්මෝනින් මයි ලව්"

හනිමූන් ආව මනමාලිගෙ වේල් එක අයින් කරනව වගෙ එයා මගෙ මූනෙන් බ්ලැන්කට් එක අයින් කලා. ඒත් ඉතින් එයා හිනා වෙනවනෙ. එයාට හිනා මමනෙ බය උනේ ඉතින්. නරකයා.

" ගුම්මෝනිම් හ්‍යුම්ග් හුම්"

" ඔම්මා මොකද කිව්වේ "

𝐀 𝐌𝐞𝐥𝐨𝐝𝐲 𝐎𝐟 𝐇𝐢𝐝𝐝𝐞𝐧 𝐋𝐨𝐯𝐞  ᵗᵃᵉᵏᵒᵒᵏ ᶠᶠ (completed)Where stories live. Discover now