Chapter 05

609 76 0
                                    

" ඒ ඉස්සරහින් බැ. මැද්දෙනුත් බැ. පස්සෙන් නං අපිදෙන්නට සෙට් වෙයි වගේ"

" පස්සෙන් බැ බං මැද්දෙන් තමා අපට සෙට් වෙන්නෙ..."

" උඹ පගයා නොවි මම කියන දෙ අහපං. අපි තාම මේකට අලුත්නෙ. මෙ අපෙ පලවෙනි දවස. අපිට තාම මුකුත් තේරෙන්නෙත් නෑ.. එ නිසා පස්සම හොඳයි.. "

" ඒක හින්ද තමා බල්ලො කියන්නෙ. පලවෙනි දවස හින්දා මැද්ද හොඳ."

මායි ජිමිනායි හිටියේ ටියුශන් ක්ලාස් එකේ දොර ගාවට ටිකක් මෙහායින් හිටගෙන ක්ලාස් එකේ අපිට වාඩි වෙන්න තැනක් හිතාගන්න බැරුව ඇණ කොටා ගන්න ගමන්.  ජිමිනා කියන්නෙ මැද්දෙං වාඩි වෙමු කියලා. ඒත් මට ඔය මැද්දෙං සෙල්ලං හුරු නෑ. පස්ස තමා සෙට් වෙන්නෙ. තාම කෙල්ලො විතරයි වාඩි වෙලා ඉන්නෙ. කොල්ලො සේරම තැන් තැන් වල ගැන්සි ගැහිලා කයිය ගහනවා. අපෙත් තියෙනවා ගැන්සියක්. ඒකේ සාමාජිකයො ඉන්නෙ දෙන්නයි.

" මෙ අහපිය ජන්කුක්. අපි දැන් මෙලො ලබ්බක් දන්නැනෙ උගන්නන්නෙ මොනාද කියල වත්. ඉතින් එ හින්ද අපි මැද්දෙං වාඩි වෙමු. උඹ නිකමට හිතහං සර් කාරයා ප්‍රශ්න අහන පොරක් කියලා. එහෙම උනොත් වැඩියෙන්ම අහන්නෙ ඉස්සරහම ඉන්න උන්ගෙනුයි පස්සෙන්ම ඉන්න උන්ගෙනුයි.."

" මොකද එ"

" මෙ ටියුශන් ජීවිතෙ එහෙම තමා බං. දැන් බලහන්..  සාමාන්‍යයෙන් පස්සෙන් වාඩි වෙන්නෙ කවුද"

"කවුද?"

" වල බහින සෙට් එකනෙ..."

" ම්ම් ඔව්. ඉතින් "

" ඉතින් දැන් හිතහං සර් කාරයට ප්‍රශ්නයක් අහන්න ඕන කියලා. පොර ඉස්සරෝම අහන්නෙ පිටි පස්සෙන්ම ඉන්න උන්ගෙන්"

" ඇයි එ"

" උන්ට මෙලො දෙයක් බැ කියල තේරුම් කරලා දෙන්න."

" තේරෙන්න කියහංකො ජිමින් බල්ලො"

" නෙදකිං. යකො පස්සෙ ඉන්න උන් ඉගෙන ගන්නවද. නැ නෙ. දෙමාපියො ගෙදරින් එවන නිසා එන උන් තමා පස්සට රිංගන්නෙ. උඹ හිතනවද මෙ හොඳට ඉගෙනගන්න පුළුවන් එවුන් පස්සට රිංගනව කියල "

𝐀 𝐌𝐞𝐥𝐨𝐝𝐲 𝐎𝐟 𝐇𝐢𝐝𝐝𝐞𝐧 𝐋𝐨𝐯𝐞  ᵗᵃᵉᵏᵒᵒᵏ ᶠᶠ (completed)Where stories live. Discover now