Chapter 39

448 56 6
                                    

බයික් වල නැගලා අපට වැඩි දුරක් එන්න හම්බුනෙ නෑ. අද මොන හේතුවකටද මන්දා අහසට හොදටම තරහා ගිහිල්ලා එ පලිය  අහිංසක අපෙන් ගන්න බලාන ඉන්න හැඩයි. වැස්සක් අත ලඟම වගේ. අහස පුරා හරහට දිගට අකුණු පාරවල් ඇස් පනාපිටම ඇඳි ඇඳී මැකිලා යනවා.  වැස්සක සේයාවක් නොතිබුණු පරිසරය එක පාර වෙනස් වෙලා ගස් වල අතු රිකිලි අඹරගෙන මෙ රඟ දක්වන නාඩගම දිහා බලාගෙනම අපි ඉක්මන් කලා.

ඒත් වැඩි දුර යන්න උනෙ නෑ මහ වරුසාවක් ඇද හැලෙන්න පටන් ගත්තෙ තව මීටරයක් තරම් දුරක් වත් යන්න බැරි වෙන්න අපෙ යන මග අහුරලා. වෙන වාහනයක් වගෙ නෙවෙයි වහින වෙලාවට බයික් වල ගමන් යනවට වඩා හොඳයි නිකන් ඉන්න එක. ගෙවල් මෙ අහල පහල වත් තිබුනා නම් ඕන මගුලක් කියලා තෙමීගෙනම යන්න තිබුනා. ඒත් තව පැය දෙකක් හමාරක් විතර යන්න තියෙන ගමනක් තෙමීගෙන ගිහින් ගෙදර නෙමෙයි නවතින්න වෙන්නෙ හොස්පිට්ල් එකේ තමා. ඉතින් ඒ නිසාම අපි පාර අයිනෙ තිබුන බස් හෝල්ට් එකක් ගාවින් නැවතුනා.

මුලින්ම ජිමිනා බයික් එකෙන් බැහැලා ඇවිත් මාව පරිස්සමට බැස්සුවා. මම ඌගෙ ඇගේ නැගලා හෝල්ට් එක අස්සට රිංග ගත්තා. ඊටපස්සෙ හ්‍යුන්ග්ලා දෙන්නත් අපි ගාවට ඇවිත් මගෙ එක්කෙනා ජිමින්ගෙ ඇඟේ නැගන් හිටපු මාව එයාගෙ ඇඟට හේත්තු කර ගත්තා. කවුරු වුනත් මෙ හෝල්ට් එක හදලා තියෙන්නෙ මොලෙ උඩ ඉදගන්න එකෙක් කියලා අපි හතර දෙනාටම තේරුනා. මොකද වාඩි වෙන්න එකක් හැදුවට වටෙන් එන හිරිකඩ වලින් ඒක තෙත බරිත වෙලා හදිස්සියකටවත් ආයෙ ඉතින් ඒකෙ වාඩි වෙනව බොරු. ඉතින් මම එයාගෙ ඇගේ එල්ලිලාම හිටියා.

වැස්ස යටින් යන රෝද හතරෙ වාහන යි ඊටවඩා ලොකු වාහනයි ඇරෙන්න මෙ පාරෙ වෙන කිසිම පොඩි වාහනයක්වත් පයින් යන මනුස්සයෙක්වත් පේන්න නැති තරමටම වැස්ස තදයි.

එයාගෙ ලේන්සුව අරන් මගෙ මූනෙ තිබුනු වතුර  පිහ දාලා එයාගෙ මූනත් ඒකෙන්ම පිහ දාගත්තු එයා ලේන්සුව ආයම සාක්කුවට දාගත්තා. හෙල්මට් එක නිසා ඔලු ගෙඩි ටික බේරුනා. මම දැක්කා ජිමිනත් උගෙ ලේන්සුවෙන් සුගා කාරයව පන දාගෙන පිහ දානවා. ඒත් සුගා නෙවෙයි හෙල්ලුනේවත්. අත් දෙකත් පපුව ගාවින් බැදගෙන ගල්ගෙඩියක් තියලා වගෙ හිටියා. හැබැයි එ ඇස් වලට නම් නිදහසක් නැති හැඩයි. ඒවා තිබුනෙ ජිමින් ගාව. කටින් මුකුත් නොකීවත් එ ඇස් දැකපු මට එ දෝරෙ ගලන ආදරෙ තේරුනා. පොඩි පොඩි දේවල් වලට ජිමිනට සැර දැම්මට ඔය මනුස්සයා ජිමිනට පන ඇරලා. ඒ අතින් නම් මමයි ජිමිනයි මාරම වාසනාවන්තයි. එ දෙන්නම කිසි අඩුවක් නැතුව අපි දෙන්නට ආදරෙ දෙනවා. ඉතින් මෙ ලෝකෙ ඉන්න වාසනාවන්තම යාලුවො දෙන්නා අපි දෙන්නා කිව්වොත් හරි.

𝐀 𝐌𝐞𝐥𝐨𝐝𝐲 𝐎𝐟 𝐇𝐢𝐝𝐝𝐞𝐧 𝐋𝐨𝐯𝐞  ᵗᵃᵉᵏᵒᵒᵏ ᶠᶠ (completed)Where stories live. Discover now