Chapter 50

973 83 71
                                    

" මම කවදාවත් මෙ ගත්ත තීරණය වෙනුවෙන් පසුතැවෙන්නැ ජන්කුක් ඒක ස්ථීරයි..."

එයා ඒක කිව්වෙ මගෙ දිහා බලාගෙන. එ ඇස් ආදරෙන් දිලිසෙන්න අරන් තිබුනා. එයාගෙ එ දිලිසෙන ඇස් ඇතුලෙන් මට පෙනුනෙ එයාගෙ වචනෙන්ම කියනව නම් මෙ ලෝකෙ ඉන්න ලස්සනම කෙනාව. එයා කියනවා මාව මැරි කරන්න ගත්ත තීරණය ගැන කවදාවත් පසුතැවෙන්නැ කියලා. ඉතින් දෙයියනේ මාත් එහෙමනෙ. මාත් කවමදාකවත් මෙ වෙනුවෙන් පසු තැවෙන්නෙ නෑ.

" යෝහ් උබලා පෙම් කෙලින්නැතුව මෙ පැත්ත බලාපල්ලකො බං ඉක්මනට පොටො ටික ගන්න."

අපි හිටියෙ අපෙ වෙඩින් එකෙ පොටෝස් ගන්න ගමන්. වෙඩින් එකට එන ගැමෝම එක්ක පොටෝස් ගන්න එක ඉතින් සිරිතක් වගේනෙ. ඒක ඇත්තටම සිරිතකට වඩා මට නම් හුගක් වටිනවා. මොකද අපි ඉන්වයිට් කරපු අය හැමෝම අද අපි වෙනුවෙන් ආවෙ නැ. අපෙ ආදරේ අසම්මතයක් විදිහට දැකපු මානසික ලෙඩක් විදිහට දැකපු අය අපෙ වෙඩින් එකට එන එක පවා පිලිකුල් කලා. ඉතින් මෙ ඇවිත් ඉන්න අතලොස්ස මට මහ හුගක් වටිනවා. ඉතින් එ හැමෝම එක්ක පොටො එකක් අරන් ලගින් තියාගන්න එක අනිත් කපල්ස් වලට වඩා මට අපට වටින්නෙ එ නිසා වෙන්න ඇති.

හොබාගෙ අධීක්ෂණය යටතෙ ඌට ඕන විදිහට අපිව හිටවලා කැමරා එක අරන් හිටපු බෝයිට කියලා අපෙ පොටෝස් ගත්තා.

අද අපෙ වෙඩින් එක කියලා හිතද්දි මට තාමත් අමුතුයි. මෙච්චර ඉක්මනට අපි ලොකු වෙලාද කියලා හිතෙනවා. අපි ආදරෙ කරන්න පටන් ගත්තට පස්සෙ අපෙ ජීවිත මොන තරම් වෙනස් වුනාද. දුක් කරදරත් අඩුවක් නැතුව වින්දා. ඒත් අපි අපිව අතෑරියෙ නැ. ඉතින් එ නිසාම තමා අපට මෙ තරම් දුර එන්න පුළුවන් වුනෙ.

මට මතක් වුනෙ ජිමින්ලගෙ වෙඩින් එක. මගෙ හ්‍යුන්ග් මට ප්‍රපෝස් කරපු විදිහ. ඒත් මම දැනගෙන හිටියෙ නැ මගෙ හ්‍යුන්ග් එදා මට ප්‍රපෝස් කලේ එයාගෙ ඔම්මගෙන් අවසර අරන් ඇවිත් කියලා. ඔව් මගෙ හ්‍යුන්ග්ගෙ ඔම්මගෙ ආශිර්වාදය අපට හම්බුනා. ඉස්සර වගේම ලස්සනට හිනා වෙලා අද එයා අපි ඉස්සරහ ඉන්නවා. ඒත් හ්‍යුන්ග්ගෙ අප්පාගෙ ආශිර්වාදයක් නම් අපට හම්බුනෙ නැ.  ඔහොම තමයි ඉතින් නේද මේක අසම්මතයක්ලුනෙ බහුතරයක් මෙ ආදරෙ දකින්නෙ වැරැද්දක් විදිහටනෙ... හ්‍යුන්ග්ගෙ ඔම්මා කිව්වෙ එ ගැන හිතන්න එපා අපට එයා ඉන්නවයි කියලා. මගෙ ඔම්මා අප්පා හ්‍යුන්ග්ගෙ ඔම්මා අපට අද ආශිර්වාද කලා. හ්‍යුන්ග්ගෙ අප්පා ඉන්න ඕන තැන හිටගෙන හිටියෙ අපෙ නම්ජූන් ස'... එයා එයාගෙ මල්ලි වෙනුවෙන් ඕනම දෙයක් කරයි. ඒත් අපට එයා වෙනුවෙන් මුකුත් කරගන්න බැ.

🎉 You've finished reading 𝐀 𝐌𝐞𝐥𝐨𝐝𝐲 𝐎𝐟 𝐇𝐢𝐝𝐝𝐞𝐧 𝐋𝐨𝐯𝐞 ᵗᵃᵉᵏᵒᵒᵏ ᶠᶠ (completed) 🎉
𝐀 𝐌𝐞𝐥𝐨𝐝𝐲 𝐎𝐟 𝐇𝐢𝐝𝐝𝐞𝐧 𝐋𝐨𝐯𝐞  ᵗᵃᵉᵏᵒᵒᵏ ᶠᶠ (completed)Where stories live. Discover now