Chapter 13

479 73 18
                                    


" එයාට මොකක්ද වෙලා තියෙන්නෙ"

" එයාගෙ නහය තමයි ටිකක් සීරියස් වගෙ පේන්නෙ. එක්ස්‍රේ ගන්න ඕනි හරියටම මොකද වෙලා තියෙන්නෙ කියල තීරණය කරන්න. හොස්පිට්ල් එකට කතා කරලා තියෙන්නෙ. එහෙන් ආව ගමන් එයාව යවනවා දරුවෝ"

" අන්න එයා ඇහැරුනා. පුළුවන් නම් වේදනාව දැනෙන්නැති වෙන්න එයාට නිදි පෙත්තක්වත් දෙන්න. මම යනව. මම ආවා කියල එයාට කියන්න එපා. ටික්කින් මම එන්නම්"

නිදාගෙන හිටපු මම ඇහැරල හිමින් ඇස් ඇරල බලද්දි හිටියේ ඇඳක් උඩ. කවුරු හරි සනිපෙට මගෙ ඔලුව අත ගානවා. මගෙ මුලු ඇඟම වේදනයි. මගෙ ඉස්සරහ හිටියේ ජිමිනා.

" ජිමින්..."

" මගෙ පැටියො කොහොමද දැන් උබට. හොස්පිට්ල් යවනව කිව්වා ඔයාව"

" හොස්පිට්ල්.. ආහ්... මගෙ නහය රිදෙනවා..."

මගෙ ඇඟපත තලාදාලා වගෙ වේදනයි. ඔව් ඉතින් තුන්දෙනෙක් අල්ලන් ගහපුවම පිහාට්ටක් උඩ නිදාගෙන ඉන්නවා වගෙ සනීපයක් දැනෙයියැ. මම ඔලුව උස්සන්න උත්සහ කලත් නහයෙන් දැනෙන වේදනාව නිසා ආපහු මම කොට්ටෙට බරවුනා.

" දගලන්න එපා මගෙ රත්තරනේ... "

ඒත් එක්කම ගෑනු කෙනෙක් ඇවිත් මට මොකක්ද බෙහෙත් පෙත්තක් බොන්න දීලා යන්න ගියා. ඊටපස්සෙ මගෙ ඇස් වලින් බරගතියක් දැනෙද්දි මගෙ පැටියගෙ රතු වෙලා තිබුනු මූන දිහා බලාගෙනම මම ඇස් පියා ගත්තා. මගෙ පැටියා ගොඩාක් අඬලා වගේ.









වෙලාව තුනට විතර ඇති. මම හිටියේ හොස්පිට්ල් එකේ. ඉස්කෝලෙන් මාව මෙහාට එව්වට පස්සෙ එක එක පරීක්ශන කරලා දැන් තමා රූම් එක්කට ගෙනත් දැම්මෙ. අපෙ ඔම්මා වැඩ කරන්නෙ මේ හොස්පිට්ල් එකේනෙ. ඉතින් ස්ටාෆ් පේශන් කෙනෙක් නිසා සැලකිලි හුගයි. ලේ අරගෙන එක්ස්‍රේ අරගෙන බෙහෙත් විදලා. පිටගැස්මට බෙහෙතුත් විද්දා. ඇගේ තැනින් තැන බැන්ඩේජ් කරලා. ප්ලාස්ටරුත් ගහලා. පුදුම වදයක් දුන්නෙ මට.

" බය වෙන්න එපා. එයාට අපි හිතපු තරම් ලොකු ඩැමේජ් එකක් නෑ. ඒක පොඩි ඉන්ටර්නල් බ්ලීඩින් එකක් විතරයි. එයාව හෙට ගෙදර එක්කගෙන යන්න පුළුවන්.. "

𝐀 𝐌𝐞𝐥𝐨𝐝𝐲 𝐎𝐟 𝐇𝐢𝐝𝐝𝐞𝐧 𝐋𝐨𝐯𝐞  ᵗᵃᵉᵏᵒᵒᵏ ᶠᶠ (completed)Where stories live. Discover now