Chapter 29

487 76 17
                                    

Tae pov

තමුසෙ , අයිසෙ , තෝ , බල්ලා , ටේහ්‍යුන් වගෙ වචන හැමදාම අහලා අහලා ආදරෙ ගැබ් වෙච්ච එයාගෙ හුරතල් කටහඩින් හ්‍යුන්ග් කියල අහපුවාම... කාලයක් තිස්සෙ හිර කරගෙන හිටපු හැඟීම් එයත් එක්ක බෙදාගන්න පුළුවන් වුනාම.... තුරුල් කරගෙන එ හුරතල් මූණ ඉබින්න පුළුවන් වුනාම... එ කටහඬින් කිසිම ලෝබකමක් නැතුව මම ඔයාට ආදරෙයි කියල අහපුවාම... මනුස්සයෙක්ට එ තරම් තවත් සතුටක් තියෙනවා ද.. නැ මම හිතන්නෑ...

" ඕයි මොකද තමුසෙ තනියම හිනා වෙන්නෙ. ඒ හොබා මේන් මේකාට අර පොඩි එකාව ගෙනත් දීපන් හුරතල් කර කර ඉන්න. බලාපන්කො පැනි වැක්කෙරෙනව. නොදකිං තුහුක්"

" ආ ඇයි ඇයි දැන් උබ මොකක්ද කියන්නෙ ආ.. ජිමිනා දකිනකොට උබෙ වැක්කෙරෙන ඒවා මම කියන්නෑ. නැද්ද හොබා"

" ආහ් ශික් කටවහන් හිටපියව්කො තොපි දෙන්නා. තොපි කන ලග වැලලෙද්දි මට පාඩම් කරපුව මතකෙට එන්නෙත් නෑ."

අපි හිටියේ ලැබ් එක පිටිපස්සෙ තියෙන පරන ඩෙස් පුටු එකතු කරලා තියෙන තැන. දැන් හිස් පීරියඩ් එකක්. ක්ලාස් එකේ උන් එක්ක ඉන්න බැරි නිසා අපි මෙතෙන්ට ආවා ටයිම් පාස් කරන්න. හොබා ශෝට් නෝට්ස් වගයක් උස්සන් ඇවිත් පාඩම් කරනවා. ඒකයි ඔය බෙරිහන් දෙන්නේ.  මුහුද හත් ගව්වක් තියාගෙන අමුඩ ගහනව වගෙ තව සති තුනකින් තියෙන එක්සෑම් එකට තමා ඔය පාඩම් කරන්නෙ. අපි තුන් දෙනාගෙන් හොබා විතරයි ඔහොම පොතෙ ඇලිලා ඉන්නෙ. මටයි සුගාටයි එ සිස්ටම් එක හරි යන්නෑ.

" ඒක නෙවෙයි කොහොම හරි අපෙ කොල්ලා දාගත්තා නේහ් බං ජන්කුකාව. අඩො මම නම් හිතුවෙ නැ බන් මෙච්චර ඉක්මනට මුංගෙ හුටපටෙ වෙයි කියලා.. මුන් හිටියේ නං කොහොමද.. අපට පේන්න රන්ඩු කරාට මුන් දෙන්නා අපට හොරෙන් ලව් කරලද මන්දා බං. ආ උබට එහෙම හිතෙන්නැද්ද  සුගා.."

" මට තාමත් විශ්වාස කරන්න බැ බන් ජන්කුක් මට කැමතියි කිව්වා කියලා. මම හිතුවෙ එදා රෑ කා එකේදි මගෙ කන පැලෙන්න ගහලා කා එකත් කුඩු කරලා දාලා මගෙ මූණවත් නොබලා යයි කියලා"

" ඔව් හැබැයි මාත් උබට ඕක උට කියන්න හදිස්සි වෙන්න එපා කිව්වෙ එහෙම හිතුන නිසා. මනුස්සයා මහ අමාරු කාරයා කියලා අපෙ එක්කෙනත් නිතරම කියනව.. කමන්නෑ දැන් කොහොම හරි ඒ ප්‍රශ්නෙත් ඉවරයි නේ.. දැන් අපට පාටි දියං"

𝐀 𝐌𝐞𝐥𝐨𝐝𝐲 𝐎𝐟 𝐇𝐢𝐝𝐝𝐞𝐧 𝐋𝐨𝐯𝐞  ᵗᵃᵉᵏᵒᵒᵏ ᶠᶠ (completed)Where stories live. Discover now