Chapter 09

492 76 25
                                    

" ආ ඔහොම බැ හරියට අතුගාපන්"

මම අතුගාන දිහා අත් දෙකත් බැඳගෙන බලන් හිටපු සුගා පඩයා වගෙ පඩ ලයින් දෙනව දැන් සෑහෙන වෙලාවක ඉදන්. මට එන කේන්තියට මුට නෙලන්න හිතයි. ඒත් මෙ ලැබ් එක නිසා ඉවසනවා. බැරි වෙලාවත් මුකුත් රණ්ඩුවක් ගිහින් මොනව හරි දෙයක් වත් උනොත් එහෙම. නැ මම කීවෙ මට තරහ ගියාම අතට අහු වෙන එකෙන් ගහන පුරුද්දක් තියෙනවා මට. ඉතින් ලැබ් එක්ක  රසායනික දේවල් නෙ තියෙන්නෙ. ඉතින් මුකුත්  වෙලා මූ මැරිල ගියොත් එහෙම. මට නිකන් මිනීමරුවෙක් වෙන්න බෑනෙ.

" එහෙනම් තමුසෙ අතුගානවකො"

" උබෙ කට කඩනව දැනගනිං හරියට කතා කරපිය"

" මට හරියට කතා කරන මිනිස්සුන්ට විතරයි මම හරියට කතා කරන්නෙ"

ඇයි වදේ මට බෙදන ස්පූන් එකෙන්ම තමා මම ත් බෙදන්නෙ. මට ටී ස්පූන් එකෙන් බෙදලා ටේබල් ස්පූන් එකෙන් බලාපොරොත්තු වුනාට එහෙම කරන්න බෑනෙ. ටේබල් ස්පූන් එක්කින් ඕන නං මට ත් ටේබල් ස්පූන් එක්කින් බෙදපන්.

" මුගෙ ලයින් යකෝ. ඒ ටේහ්‍යුනා මම මුගෙ දත් දෙකක් බඩට යවන්නද"

" හා දෙකක් නෙවෙයි තිස් දෙකම යවපන්"

එ අනිකා. ඒකා මහ එකා වගෙ ටේබල් එකක් උඩ වාඩිවෙලා කකුල් දෙකත් වනව වනව හැලපයා වගෙ බලන් ඉන්නවා. මෝඩ මූසලයා. ඌ ගාවින්ම අනික් එකත් හේත්තු වෙලා අමුතු එකෙක් වගෙ හිනා වෙලා බලන් ඉන්නවා. මට වෙලාවකට මුන් පිටසක්වල ජීවියො වගෙත් පේනවා. මම සුගාට රවලා අහක බලාගත්තා. මම දැක්කා ඌත් හැටට හැටෙ රවනවා

ඔය අතරෙ ඉතින් මගෙ පිම්පල් චින්ගු හෝ ගාලා ටැප් එක ඇරගෙන සින්ක් එකේ තිබ්බුවා හෝදනවා.

මම මගෙ ලව් එකව චුට්ටක් මෙහාට කරලා එයා ගාව තිබ්බු දූවිලි ටිකත් අතු ගෑවා. පව් මගෙ අහිංසකයාගෙ මකුලු දැලුත් බැදිලා.. මම කොස්ස පැත්තකින් තියලා ඩස්‍ට් ක්ලීනර් එක අරගෙන මගෙ ලව් එකේ ඇඟ පුරා තිබ්බු දූවිලියි මකුලු දැලුයි පිහ දැම්මා. පව් කාත් කවුරුත් නැති අහිංසකයා. ඔයා තනිවෙලා නැ හොදද. මම ඉන්නවා නෙ දැන්. මට පුළුවන් වෙලාවට ඇවිත් ඔයාව බලලා යන්නම්.. මම ඔයාට අද ඉදන් ලැටිස් කියන්නම්ද... ඔයා ඒ නමට ආසයිද....

𝐀 𝐌𝐞𝐥𝐨𝐝𝐲 𝐎𝐟 𝐇𝐢𝐝𝐝𝐞𝐧 𝐋𝐨𝐯𝐞  ᵗᵃᵉᵏᵒᵒᵏ ᶠᶠ (completed)Where stories live. Discover now