Chapter 19

521 73 111
                                    


" ඔය ඇත්තමද කියන්නෙ "

" හ්ම් ඔව් බන්. මම දන්නැ මේක උබලා කොහොම තේරුම් ගනීවිද කොහොම පිලිගනීවිද කියලා. ඒත්... මේක තමයි ඇත්ත.."

" ඉතින් තිරිසනො ඕක තො කලින් කියන්න එපැයි. මේක අපට ප්‍රශ්නයක් වෙන්නෙ කොහොමද උබ අපෙ බොක්කනෙ. නැද්ද හොබා"

" ඒකනෙ බං"

ටේහ්‍යුන් පැනලා සුගාගෙ බෙල්ල වටින් අත දාලා සුගාව තුරුල් කර ගත්තා. ජිමින් මගෙ අත තවත් තදින් මිරිකගෙන කදුලු පිරුන ඇස් වලින් මගෙ මූන දිහා බැලුවා. සේරම හොදින් විසදුනා කියල කියන්න වගෙ මම ජිමින් දිහා බලලා හිනා වුනා. මම හිතුවට වඩා ටේහ්‍යුන්ටයි එයාගෙ යාලුවන්ටයි දෙයක් තේරුම් ගන්න හිතන්න මොලයක් තියෙනවා. මම හිතුවෙ නැ මෙ ප්‍රශ්නෙ මෙ විදිහට හොඳින් විසඳෙයි කියලා. මගෙ අහිංසකයා කාටවත් වැරැද්දක් කරලා නෑ. මගෙ කොල්ලගෙ වෙලාව හොඳ නිසා වෙන්න ඇති හැමදේම හොඳින් සිද්ද වුනේ.

" එතකොට උබට මේ කොල්ලා සෙට් උනේ කොහොමද"

හොබා ජිමින් දිහායි සුගා දිහයි මාරුවෙන් මාරුවට බැලුවා.

" එයාව මට හම්බුනෙ අහම්බෙන්. ඒත් අද වෙනකන් දැනගෙන හිටියේ නැ එ මෙයා කියලා. එයාම තමයි ඇවිත් මම එක්ක කිව්වේ මේ එයා කියලා"

" මොකක්. එ කිව්වෙ"

" මම ඒක හිමින් පැහැදිලි කරලා දෙන්නම් උබලට.  යමුද බීච් එක පැත්තට"

සුගා ජිමින් දිහා බලාගෙන කීවා. මම දැක්කා එ ඇස් කතා කරනවා. එ ඇස් වල ආදරෙ උතුරනවා. සුගා නරක කෙනෙක් නෙවෙයි කියල මට දැනෙනවා. මොකද එදා මම සුගාට මැසේජ් කලත් ඒක සීන් කලා මිසක එයා අද වෙනකන් මට රිප්ලයි කලේ නෑ.

" අඩෝ බඩු තියෙනවා. ගහමුද මෙ සතුට සමරන්නත් එක්කම.. මුලින් හඳට ගිහින් පස්සෙ යමන් බීච් එකට. ඔහ් සොරි"

හොබා එක පාරම කියවගෙන කියවගෙන ගිහින් අපි දෙන්නත් මෙතන ඉන්නවා කියල මතක් වෙලා ලොකු වැරැද්දක් කරලා වගෙ මූන කලු කරගෙන බිම බලාගත්තා. සුගා බෙල්ල  කහ කහ උඩ බලාගත්තා. ටේහ්‍යුන් එක පාරම මගෙ දිහා බැලුවා. හරියට නිකන් මම කා එක්ක හරි කියයි.. එක්කො වෙන මොනව හරි කරයි වගේ. මෙයාලා තාම හිතන්නෙ කැලෑ පත්තර ගැහුවෙ මම කියලා.

𝐀 𝐌𝐞𝐥𝐨𝐝𝐲 𝐎𝐟 𝐇𝐢𝐝𝐝𝐞𝐧 𝐋𝐨𝐯𝐞  ᵗᵃᵉᵏᵒᵒᵏ ᶠᶠ (completed)Where stories live. Discover now