Chapter 10

532 75 9
                                    

හිමින් හිමින් සති දෙකක් විතර ගෙවිලා ගියා. අපි සුපුරුදු විදිහට සතියෙ දවස් පහේ ඉස්කෝලේ ගිහින් සති අන්තයෙ ක්ලාස් ගිහින් ඉංග්‍රීසි ස'ගෙ ක්ලාස් එකටත් ජොයින් වුනා. ඔය අතරෙ ඉස්කෝලේ රැග් සීසන් එකත් හිමින් හිමින් යටපත් වෙලා ගිහින් නෙක්ස්ට් වීක් එකේ අපෙ සෙක්ශන් එකේ වෙල්කම් පාටි එකට කට්ටිය ලක ලැහැස්ති වෙමින් ඉන්නෙ.

ඒක මෙහෙමයි. අලුතින් ඉස්කෝලෙට ආපු අපිව දවස් ගානක් ලැජ්ජා කරලා අරව කරල මෙව්වා කරලා හංවඩු ගහලා අන්තිමේට පාටි එකක් දීලා තමා මුන් අපිව වෙල්කම් කරන්නෙ.

රැග්ස් යටපත් වෙලා කිව්වට යටපත් වෙලාමත් නෑ. අපිට වඩා වැඩිමල් උන් අපිව දැකපු දැකපු තැන කෑ ගහන් බෙරිහන් දීගෙන පඩයො වගෙ යනවා. උන් ඉතින් අවුලක් නෑ. ශර්ට් යට නොකර හිටියොත් එහෙම තමා ඉතින් බෙරිහන් දෙන්නෙ. ඒත් අර ඔලු උදුම්මගෙන ඉන්න පගයො තුන්දෙනා ටිකක් වෙනස් නෙ. උන් කොහොමත් උදේ ඉන්නෙ අපෙ ක්ලාස් එකේ. ඉතින් අපෙ උන්ව රැග් කරනව මුන්. වාත බැරල් තුනක්.

ටේහ්‍යුන් කියන එකා මං එක්ක එල්ලෙන්නමයි එන්නෙ. ගිය ආත්මෙ මගෙ වෛරක්කාරයෙක් වෙන්න ඇති.. දවසක් මම ලයිබ්‍රි එක ගාව පාතින් යද්දි මේකා උඩ තට්ටුවෙ ඉදන් මගෙ ඇඟට වතුර හැලුවා. අනේමන්ද මුන්ගෙ පූර්ව ළමාවිය සංවර්ධනය වෙලා නැද්ද මම දන්නෑ. ඒත් ඉතින් කියන්න සන්තෝසයි මමත් ඒකේ පලිය ගත්තා හරි ලස්සන විදිහකට. මු අපෙ ක්ලාස් එකට රිංගං අපෙ උන්ට පාට් දාගෙන ඉදලා පුටුවකින් වාඩි වෙන්න ලෑස්ති වෙනවත් එක්කම මම උගෙ පුටුව ඇදලා බිම අපතයා වගේ වට්ටලා අපෙ ක්ලාස් එකේ හැමෝම ඉස්සරහ නෝන්ඩි කලා.

මේ සති ගාන ඇතුලත මට තේරුන තව දෙයක් තියෙනවා. ඉස්කෝලේ හැමෝම වගෙ මුන් තුන් දෙනාට බයයි. ඔලුව නවාගෙන වගෙ ඉන්නෙ. ඒත් මට නම් මුන්ගෙ එහෙම නවං ඉන්න තරං දෙයක් පේන්නෑ. එ කියන්නෙ සාමාන්‍යයෙන් අපි බයේ ජීවත් වෙන්න ඕන කියල ජීවීන් කොට්ටාසයක් ඉන්නවනෙ. ප්‍රින්සිපල් ගුරුවරු දෙමව්පියෝ.. ආන් ඒ වගෙ අයටනෙ බය වෙන්න ඕන. ඉතින් ඉස්කෝලේ හැම එකාම මොකටද මෙ කැහුටු බලු නකුටො තුන්දෙකෙන්ට එ වගෙ බයවෙලා ඔලුව නවන් ඉන්නෙ. අනේමන්ද පිස්සු නැත්තං ශෝක්.. අපෙ ඉංග්‍රීසි ස' අපිට කියල දුන්නා පිස්සු නැත්තං ශෝක් කියන එකට ඉංග්‍රීසියෙන් කියන්නෙ කොහොමද කියලා. ඒක මගෙ දිව අග තියෙනවා තියෙනවා වගෙ ඒත් මීටර් වෙන්නෑ..  ආහ් හරි මතක් උනා 'ඉෆ් නොට් මෑඩ් ෆන්ටෑස්ටික්'... හුහ්...

𝐀 𝐌𝐞𝐥𝐨𝐝𝐲 𝐎𝐟 𝐇𝐢𝐝𝐝𝐞𝐧 𝐋𝐨𝐯𝐞  ᵗᵃᵉᵏᵒᵒᵏ ᶠᶠ (completed)Where stories live. Discover now