Chapter 45

448 58 15
                                    



ඊයෙ මහ පාන්දර වෙනකන්ම එයා එක්ක කෝල් එකෙන් කියවලා කියවලා මම අද වෙනදටත් වඩා කලින් නැගිටලා මගෙ යුනිෆෝම් එකත් ලෑස්ති කරගෙන ගියෙ එයාගෙ අපාර්ට්මන්ට් එකට. එයා අද තමයි ඉස්සරෝම අපෙ හොස්පිට්ල් එකේ වැඩට එන්නෙ. ඉතින් මට හිතුනා එයත් එක්කම එහෙදි ලෑස්ති වෙලා අද වැඩට යන්න.

කා එක පාක් කරලා ඊයෙ වගේම විසි හතර වෙනි තට්ටුවට ඇවිත් මගෙ බත්දෙ එක ගහල එයාගෙ දොරෙ අන්ලොක් කරගෙන ඇතුලට ඇවිත් මම ආවෙ එයාගෙ රූම් එකට. එයා දොයි. හනෙ ඉතින් මගෙ පන ටික අවුරුදු ගානක් දුරින් ඉදලා දැන් මගෙ ගාවට ඇවිත් නිදාගෙන ඉන්න ලස්සන.

මම එයා ගාවට ගිහින් නැවතුනෙ එයාගෙ අත් ගොබෙ අස්සෙ. හරිම රස්නියි. මෙ උණුහුම කොච්චර නම් ඕන උනාද ඉතින් මට.

" බ..බා... හ්.. ඔයා ආ..වද..හ්"

" ම්ම්ම් මං ආවා"

නිදිමතේම කෙදිරි ගගා එයා මාව එයාගෙ ඇඟ ඇතුලට ඔබා ගත්තා. හනෙ මගෙ ඇට ටික. මං මැරෙයි..හ්

ටික වෙලාවකින් එයාගෙ එලාම් එකට මාව උඩ ගිහින් ඇහැරුනා. මෙ මනුස්සයගෙ රස්නියට මටත් නින්ද ගිහිල්ලා. ඒත් එයා නම් තාම නිදි. මම එලාම් එකත් ඕෆ් කරගෙන ඇඳෙන් නැගිටලා කිචන් එකට ආවා. කිචන් එකේ සර්ච් පාරක් දාද්දි මට පානුයි චීසුයි සෝසුයි සොසේජ් පැකට් එකකුයි හම්බුනා. මම ටක් ටික් ටුක් කියලා බිත්තර දෙකකුත් බැදලා සැන්ඩ්විච් හදලා තියලා කිරි එකක් හදාගෙන ආපහු ‍රූම් එකට ඇවිත් ඒක සයිඩ් ටේබල් එක උඩින් තියලා එයාගෙ ඇගට පැන්නා.

" නැගිටින්න හ්‍යුන්ග් වැඩට යන්නෙ නැද්ද ම්ම්ම්"

" ම්ම්හ්හ්හ් එපාහ්හ්හ්..."

ගෙම්බෙක් වගේ අඬු හතරෙන්ම මම එයාව බදාගෙන එයාගෙ නහය රතු වෙන්නම හැපුවා.

" නැගිටින්න හ්‍යුන්ග්"

" ම්ම්ම්හ්හ්හ්..."

එයා අතපය දිගෑරලා ඇගමැලි කඩලා මාව තුරුල් කරගෙනම ඇදෙන් වාඩි වුනා.

" ගුඩ්මෝනිම් හ්‍යුන්ග් බබා"

මම එයාගෙ පපුවට පිට හේත්තු කරගෙන එයාගෙ කකුල් මැද්දෙන් වාඩි වෙලා කිරි එක අරන් එයාගෙ අතට දුන්නා.

𝐀 𝐌𝐞𝐥𝐨𝐝𝐲 𝐎𝐟 𝐇𝐢𝐝𝐝𝐞𝐧 𝐋𝐨𝐯𝐞  ᵗᵃᵉᵏᵒᵒᵏ ᶠᶠ (completed)Where stories live. Discover now