Chapter 49

547 59 46
                                    





මාස කිහිපයකට පසු


" හරි එහෙනම් අවසානයට මනමාල මහත්මයා අනෙක් මනමාල මහත්මයාව සිපගෙන මංගල සභාවෙ වැඩ ටික ඉවර කරමු නේද..."


" යෝහ්හ්හ්... හ්‍යුන්ග් මගෙ පැටියගෙ ලස්සන බලන්නකෝ.. අනෙහ් මට ඇඩෙන්නත් වගේ... "

මම මගෙ කදුලු පිහිදනගමන් හ්‍යුන්ග්ගෙ අත මිරිකලාම අල්ලගත්තා.

" අපෙ එකත් බලන්නකො බබා. මෙච්චර ලස්සනට මම මූව කවදාවත් දැකලා නෑ. නැද්ද හොබා...."

" ම්ම්ම්.... ඕකා ගල් ගිලලා වගෙ හිටියට හෙන හැන්ඩියා. කොහෙද ඉතින් හැමදාම අර එකම විදිහට නෙ අදින්නෙ පලදින්නෙ එ විතරක්යැ මු කා එක්කවත් හිනා වෙනව කියලයැ. බුම්මන් නෙ ඉන්නෙ.. ඒ ගෝත පෙනුම වෙනසක් කරන්න මුට කිසි උවමනාවක් නෑ... එ වගේම තමා ඕකා හෙන ඇම්ඩා ඔය බලහන්කො ඉතින් අරකගෙ කට කන හැටි"

අපි කට්ටිම හිටියෙ ජිමිනි පැටියගෙයි සුගා කාරයගෙයි වෙඩින් එකේ. මම , මගෙ හ්‍යුන්ග්, හොබා , නම්ජූන් ස' අපි හැමෝම අද කාලෙකින් එකතු උනා. හොබාත් අන්තිමට සෝහ්‍යුන්ව මැරි කලා. හැබැයි අපි කාටවත් වෙඩින් ඒකට ඉන්වයිට් කලෙ නෑ. ඔව් ඉතින් හොබා කොහොමද අපට ඉන්වයිට් කරන්නෙ ඒ කාලෙ වෙච්ච දේවල් එක්ක. ඉන්වයිට් කරත් මම නම් යන්නැ කියලාමයි හිතන් හිටියෙ.  හැබැයි හ්‍යුන්ග් හොබා වෙනුවෙන් එයාගෙ පැත්තෙන් වෙන්න ඕන දේවල් කලා. මොනා නැතත් හොදම යාලුවනෙ. මම දන්නවා හ්‍යුන්ග් ඒ දේවල් කලෙ නොකරම බැරි කමට. මුටත් වෙන මිනිහෙක් හිටියෙම නැද්ද මන් අහන්නෙ. ඉතින් සුගාගෙ ජිමින්ගෙ වෙඩින් එක නිසාමයි හොබා ආපහු කොරියා ආවේ. හැබැයි ආවෙ සෝහ්‍යුන්ව තියලා.

" මොනා නැතත් මට සතුටුයි බන්.  කොල්ලා ඒ කාලෙ අපි නොදන්නව උනාට ගෙදර ප්‍රශ්න නිසා අම්බානකට විදවලා තියෙනවා. හොදම යාලුවො උනත් මු අපි එක්ක මුකුත් කීවෙ නැ නෙ බන්.. ඒත් උ දැන් ඇත්තටම සතුටින්..."

" ම්ම්ම් සිරාවටම බන්. ගෙදර ප්‍රශ්නෙ එහෙම හරි විසදුන එක ලොකු දෙයක්.."

ඔය එයාලා කතා වෙන්නෙ සුගා කාරයගෙ ගෙදර ප්‍රශ්න ගැන. මට මතකයි එ කාලෙ ජිමිනා කිව්වා සුගාට ගෙදරින් ප්‍රශ්න අරකය මේකය කියලා. ඒත් ලොකු විස්තරයක් මම දැනන් හිටියෙ නෑ. ඒත් මෙ ලගදි ආරන්චි උනා පොරගෙ ඔම්මා අප්පාගෙන් ඩිවෝස් උනා කියලා. එ මිනිහට හැම තැනම ගෑනුලූ. ඉතින් සුගාගෙ ඔම්මා අවුරුදු ගානක් එ මිනිහගෙන් ගුටි කකා ඉවසගෙන ඉදලා අවසානෙට බැරිම තැන එ මිනිහගෙන් ඩිවෝස් වෙලා. ඉතින් දැන් සුගා කාරයා ඉන්නෙ ඔම්මා එක්ක. එයා හරි අහිංසකයි.

𝐀 𝐌𝐞𝐥𝐨𝐝𝐲 𝐎𝐟 𝐇𝐢𝐝𝐝𝐞𝐧 𝐋𝐨𝐯𝐞  ᵗᵃᵉᵏᵒᵒᵏ ᶠᶠ (completed)Wo Geschichten leben. Entdecke jetzt