Chapter 06

548 78 23
                                    

" ජන්කුක් උබ මොකක්ද කරන්න යන්නෙ"

" කට වහන් බලන් ඉදපන්කො.."

" ප්ලීස් බං උන් එක්ක එල්ලෙන්න යන්න එපා."

මම එක පාරම ජිමිනා දිහා රවලා බලද්දි උ කට පියන් බිම බලාගෙන උගෙ කෑම එක කන්න පටන් ගත්තා. අපි හිටියේ කැන්ටින් එකේ කෑම කන ගමන්. අද ජිමිනත් කෑම ගෙනත් තිබුනෙ නැති නිසා දෙන්නම අද යැපෙන්නෙ කැන්ටිමේ නූනාගෙන්. අද සඳුදා. ඊයේ උදෙ ඉදන් හවස් වෙනකන්ම අපට ක්ලාස් තිබුනා. ක්ලාස් දෙකක්ම ඉරිදට වැටිලා. සෝ ඊයෙ ඉදන් අයි හේට් සන්ඩේ.  මම ඊයෙ ඉදන් පාඩම් කරන්නම් කියල හිතුවත් ඒක කරගන්න බැරි වුනා මහන්සි නිසා. අද ඉදන් නම් අනිවාරෙන්ම පටන් ගන්න ඕනෙ.

අපි මෙතෙන්ට ඇවිත් කෑම කන්න පටන් ගත්ත වෙලේ ඉදන් අරුන් තුන් දෙනා අපිව කන්න වගෙ බලන් ඉන්නවා. අනේමන්ද මොන මගුලක්ද කියල උන් දකින දකින ගානෙ අපිව කන්න වගෙ බලන් ඉන්නෙ ඇයි කියල මට නම් තේරෙන්නැ. ඒක ඉතින් අපට අදාල නැ අපි අපෙ කෑම එක කනවා. උන් බලන් ඉදලා කෙල ගිලලා අපිට බඩෙ කැක්කුම හැදුනොත් තුන්දෙනාටම හෙට උදේට පාට හතෙන් බඩ යන්න ඕනෙ. උන් නිකන් කන්න නැති හිගන්නො තුන්දෙනෙක් වගෙ. කෑම ගන්න සල්ලි නැති නිසාවත් ද දන්නෙත් නෑ බලන් ඉන්නෙ. ඒක ඉතින් අපට අදාළ නෑ අපි හතුරොනෙ. මුල් දවසෙ ඉදන් අපි එක්ක හොඳින් හිටිය නං මම තුන් දෙනාටම මගෙ ගානෙ කෑම අරන් දෙනවා. ඒත් දැන් ඒක කරන්න බැ සෝ සොරි. හතුරො ඉන්න ඕනි හතුරො විදිහට.

මම නිකමට වගෙ ජිමිනට කීවා එදා මාව වට්ටපු එකේ පලිය මට අද අරූගෙන් ගන්න පුළුවන් වෙයි කියලා. ඒකයි ඔය ඉස්සෙල්ලා කුනු කුනු ගෑවෙ මගෙ සෝස කැකුල.

අද මගෙ වෙලාව හොඳයි වගේ. මම හිතපු විදිහටම අපි කාලා ඉවර වෙන්නත් කලින් මෙන්න එලියට යන්න එනව තුන් දෙනා පෝලිමට. හැබැයි ටිකක් කලබලෙන් වගේ. ඒක වඩාත් හොඳයි. මොන්ටිසෝරි ලමයි වගේ මොකද මුන් මෙ පෝලිමට ඇවිදින්නෙ. දෙන්නං පුතෙ උබට සබ්බුව දවස් හතක් මතක හිටින්න. උබලා කොහොමත් යන්න ඕන අපි ගාවින් නේ... ඔන්න ඔන්න එනවා ගොදුර සිංහ පැටියා ගාවට..

ඉස්සරෝම ආවෙ කොට ඩයල් එක. උ යනකන් මම බිම බලාගෙන කෑම එකට ඔලුව නමං හිටියා.. මුන්ට මොකක් හරි කුලප්පුවක් හැදිලා වගෙ වේගෙන් දුවන් යනවා.  ඊලඟට ගියෙ කැත නමක් තියෙන පොර. ඌ යනකනුත් මම ඔලුව නමන් හිටියා. අන්තිමට එන්නෙ මට ඕන එකා. ටේහ්‍යුන් කියන උස දිගංචියා. උ මගෙ ගාවින් යනවත් එක්කම මම කකුල හරස් කලා.

𝐀 𝐌𝐞𝐥𝐨𝐝𝐲 𝐎𝐟 𝐇𝐢𝐝𝐝𝐞𝐧 𝐋𝐨𝐯𝐞  ᵗᵃᵉᵏᵒᵒᵏ ᶠᶠ (completed)Where stories live. Discover now