Chapter 12

477 79 29
                                    



" චූටි පුතා..."

" ම්ම්ම් ඔම්මා කියන්න."

මම හිටියේ රූම් එකට වෙලා වීඩියෝ ගේම්ස් ප්ලේ කර කර. අපෙ ඔම්මා ඇවිත් පලු ගහපු දොඩං බෑවක් මගෙ අතින් තියන ගමන් මගෙ ගාවින් වාඩි වුනා.

" මොකක්ද පුතා හිතන්නෙ ඉංග්‍රීසි සර් ගැන. එයා හොඳයිද.."

" ඕ වරදක් නැ ඔම්මා. ස' කියල දෙන ඒවා යම්තාක් දුරට තේරෙනවා"

" පුදුමයි"

" ඇයි ඔම්මා"

මම ඔලුව ඔම්මගෙ ඔඩොක්කුවෙන් තියා ගත්තා. ඒත් ඉතින් ඔලුව හිල් වෙන්න ටොක්කකුත් කෑවා. මොකද මම ගේම්ස් ප්ලෙ කරනවට ඔම්මා තරයේ විරුද්දයි.

" ආව් ඔම්මා. ඇයි කියන්නකො පුදුමයි කිව්වේ"

" ඔය තරම්වත් ඉංග්‍රීසි ගුරුවරයෙක් ගැන ඔය කටින් හොඳක් කියවුනා මෙ කන්දෙකට ඇහුනමයිනෙ"

" මට හම්බුන හොදම ඉංග්‍රීසි ස' තමා මෙයා"

" එහෙනම් දිගටම එ සර් ගෙ ක්ලාස් කරමු නේද පුතා"

" හා ඔම්මා"

" ඒත් පොඩි ප්‍රශ්නයක්"

" එ මොකක්ද "

මම පෝන් එකේ ස්ක්‍රීන් ඕෆ් කරලා පෝන් එක කොට්ටෙ උඩින් තියලා ඔම්මගෙ මූන දිහා බලාගෙන ඔම්මගෙ නලලට වැටිලා තියෙන කෙස් රැල්ලක් කන පිටිපස්සට කලා. මගෙ ඔම්මා හරීම ලස්සනයි. ඒත් මට බනිද්දි ගහද්දි නම් කැතයි හුම්.

" සර් අප්පට කෝල් කරලා"

" මම වැඩ කරන්නැ කියල ද. එක්කො ජිමින්වත්. ස' අපිට උගන්නන්න බැ කියල ද

" එහෙම දෙයක් නෙවෙයි පුතා. සර්ගෙ ඔම්මා අසනීපෙන්ලු. සර්ට තමයි එයාව බලාගන්න වෙලා තියෙන්නේ. ඒ කියන්නෙ ඔම්මා කැමති නෑලු වෙන පිට කවුරුත් එයා බලාගන්නවට. සර්ගෙ මල්ලිත් තාම ඉස්කෝලේ යනවලුනෙ.."

" මම එයාව අඳුරනවා ඔම්මා. එයා අපෙ ඉස්කෝලේ ඉන්නෙ."

" ආ.. එහෙනම් ඔයා දන්නව ඇතිනෙ එයාලගෙ අප්පා තමයි ඔයාලගෙ ප්‍රින්සිපල් කියලා."

𝐀 𝐌𝐞𝐥𝐨𝐝𝐲 𝐎𝐟 𝐇𝐢𝐝𝐝𝐞𝐧 𝐋𝐨𝐯𝐞  ᵗᵃᵉᵏᵒᵒᵏ ᶠᶠ (completed)Where stories live. Discover now