Chapter 30

531 76 39
                                    


Jk pov

මෙ මනුස්සයා හදාගන්න නම් උබට ලේසි වෙන්නැ ජන්කුක් පුතො. මම අහන්නෙ මොන ඇටි කෙහෙල් ගෙඩියකටද බැජ් එක ගැලෙව්වෙ. මෝඩකමනෙ තියෙන. අප්පා ප්‍රින්සිපල් උනාට වැඩක් නැ පුතාට මොලයක් දීලා නෑ. උබටත් හොද වැඩෙ ජන්කුක් මොලයක් නැති එකෙක්ව ඇඟේ එල්ල ගත්තට.

මම ඉස්කෝලේ ඇරිලා බස් එකේ එනගමන් ජනේලෙට ඔලුව තියාගෙන කල්පනා කර කර ආවෙ මගෙ මනුස්සයයි මායි ගැන. කොහොම හිටිය අපි දෙන්නද මෙ දැන් කුරුලු ජෝඩුව වගෙ එකතු වෙලා තියෙන්නෙ. ඒකත් පේන්නම බැරුව හිටපු උන් දෙන්නා. මම හදිස්සි උනා වැඩිද කියලත් හිතෙනවා. ඒත් ඉතින් මගෙ හිතෙත් අමුතු මෙව්ව එකක් තිබ්බනෙ. නැ ඉතින් මෙහෙමයි රණ්ඩු වුනා තමයි. ඒත් ඉතින් පස්සෙ පස්සෙ මගෙ හිතට අමුතු අමුතු එව්ව දැනෙන්න පටන් අරන් මාව වෙනස් වුනා. ඒක මම හිතලා කර ගත්තු දෙයක් නෙවෙයි ඉතින්. මම කිව්වනෙ මට එයා ගාවදි හුරුවක් දැනෙනව කියලා. එ හුරුව නිසා වෙන්න ඇති ඉක්මනට ඉක්මනට මෙ දේවල් සිද්ද වුනේ. කොච්චර අපි රණ්ඩු වුනත් එ හැමදේම අමතක කරලා එකතු වෙන්න පුළුවන් වුනෙ එ නිසා වෙන්න ඇති. එ බැඳීම ඉස්සරහා අපෙ පොඩි රණ්ඩු එලියෙන් අරන් තියපු අයිස් කැටයක් වගෙ දිය වෙලා යන්න ඇති. උශණත්වය වැඩි වෙනකොට අයිස් කැටේට කොච්චර ශක්තිමත්ව ඉන්න ඕන කියල හිතුනත් වැඩක් නෑ දිය වෙලා ගිහින් එ උශ්නත්වය යටතෙ ඉන්න හැඩ ගැහෙනවනෙ.. ඉතින් මෙතනත් වෙන්න ඇත්තෙ ඒකමයි.  දිය වෙලා ගිය අයිස් කැටෙ වගෙ අපෙ හිත් වල තිබුන තරහත් දිය වෙලා යන්න ඇති. කොහොම හරි මම දැන් සතුටින් ඉන්න එක ගැන මට සතුටුයි. ඉස්සර ඉස්කෝලේ ගැන මතක් වෙද්දිත් හිතට ආපු පිලිකුල් හැඟීම වෙනුවට දැන් පිරිපුන් හැඟීමක් දැනෙන එකට නම් මම හරි ආසයි.

මට එහා පැත්තෙන් හොම්බ එල්ලගෙන ඉන්න තාරාවා දිහා මම ඔලුව උස්සලා බැලුවා. අද තාරා පූස් ගැටුමක් ගිහින්. සුගා මුගෙ මොකක් හරි මෝඩ වැඩකට හොදටෝම බැනලා.  මූන පුප කරගෙන ඉන්නෙ ඒකයි. සුගා කාරය ගල් ගෙඩියක් වගෙ උනාට මෙ අහිංසකයා රෝස මල් පෙත්තක් වගෙ ඉතින් අර යකාගෙ බැනුම් දරාගන්න බෑ. මුට තරහ ගියාම කොච්චි කරලක් වගෙ තමයි. ඒක ඉතින් වෙනම කතාවක්. ඒක අදාල නැ නෙ මෙතෙන්ට. දැන් අදාල මු අරූගෙ ගල් ගෙඩි බැනුම් වලින් තුවාල ලබපු අහිංසක සුකුමාල රෝස පෙත්තක් කියල විතරයි. මම ඇහුවට හේතුවක් කියන්නෙත් නැ. දැන් ලොකු ලොකු මිනිස්සුනෙ. නැ ඉතින් උන්ටත් තියෙනවා නෙ ප්‍රයිවසි එකක්. මම ඒකට වැඩිය ඇගිලි ගහන්නැ. උන්ගෙ ප්‍රශ්න රන්ඩු බැ නම් ඕන මගුලකින් උන්ම විසදගන්න ඕන. නැත්තං අන්තිමට අපි තමා වැරදි උන් තමා හරි. මට කරන්න පුළුවන් ඉතින් හිත හදන එක විතරයි.

𝐀 𝐌𝐞𝐥𝐨𝐝𝐲 𝐎𝐟 𝐇𝐢𝐝𝐝𝐞𝐧 𝐋𝐨𝐯𝐞  ᵗᵃᵉᵏᵒᵒᵏ ᶠᶠ (completed)Nơi câu chuyện tồn tại. Hãy khám phá bây giờ