Chapter 17

500 73 60
                                    

" ජිමිනො ආය පාරක් ඔබන්නකො..."

" ඉදහං ඉතින් දැන් දෙපාරක්ම එබුවනෙ"

" අනෙ ආය එක පාරක් ඔබපන්කෝ...."

" ඇයි චු බරයිද. ඔච්චර හසිස්සියෙන් දගලන්නෙ"

" ඔව් බන්න්... අනෙ ආය ඔබපන්න්...."

" එහෙම ගෙවල් වල බෙල් අපට ඕන විදිහට ඔබන්න බැ ජන්කුක්.. මැනස් කියල දෙයක් තියෙන්න එපැයි...ස' මුකුත් වැඩක්ද දන්නවයැ. "

" ස' ගෙදර නැද්ද දන්නැ නේද"

" බලමුකො. ගේට් එක ඇරලනෙ තිබ්බෙ. කවුරු හරි ගෙදර ඉන්න ඕන."

අද අපි ස' ගෙ ගෙදර ආපු දෙවෙනි දවස. එදා නං ජොකා පිටින් රෝස මලෙ නටුවෙ කටූ සාලෙට වෙලා නූකාවාලෙයියා නැටුවා. අද දොරත් වහලා. ගෙදර කවුරුත් නැද්ද දන්නෑ. මට ඒ අස්සෙ ඉන්න බැරි චූ බරක් ලෝඩ් වෙලා.

කවුරු හරි ඇවිත් දොර ඇරල අපිව ඇතුලට ගන්නකන් අනාතයො දෙන්නෙක්  වගෙ අපි දොර දිහා බලන් උන්නා. මම එහෙට මෙහෙට ඇබරි ඇබරි චූ බර හෝල්ඩ් කරගන්න ලොකු සටනක යෙදුනා.

ටිකකින් 'ක්ලික්' කියලා සද්දයක් එක්ක දොරේ ලොක් එක කරකැවිලා ස' දොර ඇරල අපිව ඇතුලට ගත්තා.

"ආ ළමයි. ඇවිත් වාඩි වෙන්න. එන්න අපි ඇතුලටම යමු. අපේ හාදයත් දැන් එයි."

ස' එයාගෙ පස්ස වනො වනො කියව කියව අපිව එදා ක්ලාස් කරපු එයාගෙ බැල්කනි එකටම එක්කන් ආවා. ස' කීව විදිහට නම් නටුවෙ කටු තියෙන දුෂ්ටයා මෙ වෙලාවෙ ගෙදර නෑ. ඇත්තටම නටුවෙ කටුද දන්නෑ. ඊව් මම කවද්ද මෙච්චර වල් වුනේ...

" ළමයිනේ මට විනාඩි දහයක් දෙන්න. මම කෑම හදන ගමන් හිටියේ ඉක්මනට එන්නම්"

" හරි ස'.... ආ ස' "

" ඔව් ජන්කුක් කියන්න"

මම කතා කරපු නිසා යන්න තියපු අඩිය ආපස්සට ගත්තු ස' මගෙ දිහාට හැරුනා.

" ස' වොශ් රූම් එක..."

" ආ අපෙ මල්ලිගෙ රූම් එකට යන්න ජන්කුක්. ඒකෙ තියෙනවා"

" තැන්කිව් ස' "

ආයිශ් මොන මගුලක්ද මට මෙච්චර චූ යන්නෙ. ඒක නම් හෙනම කරදරයක් තමයි. ගමනක් යන්න නැ බස් එකෙන් බහිනකන් ඉවසන්න බැ චු බර. ඉස්කෝලේ ගියත් එහෙමයි. දැන් ඉතින් චු දාන්න අර මගුලගෙ රෙද්ද අස්සට රිංගන්න එපැයි. ඇයි ස'  ට බැරි වුනේ ස' ගෙ රූම් එකෙත් වොශ් රූම් එකක් හදාගන්න. එහෙනම් මට එක එකාගෙ රූම් ගානෙ බඩගාන්න ඕන්නැනෙ.

𝐀 𝐌𝐞𝐥𝐨𝐝𝐲 𝐎𝐟 𝐇𝐢𝐝𝐝𝐞𝐧 𝐋𝐨𝐯𝐞  ᵗᵃᵉᵏᵒᵒᵏ ᶠᶠ (completed)Where stories live. Discover now