Chapter 27

496 81 12
                                    


Jk pov

මම කොච්චර එපා කීවත් ප්‍රින්සිපල් ස' එක්ක බේරෙන්න බැරි වුනා. එයා කිව්වා රෑ තනියම බස් වල යන්න එපා මෙ කාලෙ ගෑනු ළමයෙක්ට නෙවෙයි පිරිමි ළමයෙක්ටවත් තනියම යන්න හොද නැති කාලයක් කියලා. ඒ උනාට ඉතින් මම කියන්නෙ අපෙ නම්ජූන් ස' ට තිබ්බනෙ මාව දාන්න එන්න. මෙයා ඕන නෑනෙ. අනික අද මහ නරක දවසක්. ඔම්මා හාදුවක් දුන්න නිසා ටිකක් හරි හොදයි.

ටේහ්‍යුන් කා එකට ගොඩ වුනාම මාත් ගිහින් පැසෙන්ජර් ශීට් එකෙන් වාඩි වුනා.

" තුවාලෙ හින්දා ඩ්‍රයිව් කරන්න පුළුවන් ද"

මොනා නැතත් මගෙ මනුස්සකම තියෙන නිසා ටේහ්‍යුන් දිහා බලල මම ඇහුවා. ඇරත් මට දැන් මෙ යකා එක්ක තරහ වෙන්න හේතුවකුත් නෑ. අර ජරාව පාවිච්චි කරන්නැ කිව්වා. සෝහුට කරදර කරෙ නැ කිව්වා. ඉතින් දැන් අපි හතුරො නෙවෙයි. හැබැයි මිතුරොත් නෙවෙයි ඉතින්.  ඒත් මේකා බොරු ද දන්නැ කිව්වෙ. බලමුකො අපිත් ඉන්නෙ මේ රටෙනේ...

" පුළුවන් සර්. ඔයා කියන ඕනම තැනකට අරන් යන්න මම රෙඩී.. ඒක මගෙ රාජකාරිය. ලොකු මහත්තය මට යතුර භාරදුන්නෙ සර් කියන ඕනම තැනකින් ගිහින් බස්සන්න කියලා. සර් ට යන්න ඕනි හඳට නම් මම හඳට වුනත් එක්ක යන්නම් මට පුළුවන්"

මෙ මිනිහට මොනව වෙලාද. අද වෙනදා වගෙ නෙවෙයි මේ යකා. හරි වෙනස්. ෆ්‍රෙන්ඩ්ලි විදිහට කතා කරන්නෙත්.

" නැ නැ එච්චර දුර යන්න ඕන නෑ. අපෙ ගේ ගාවින් මාව බස්සන්නකො"

" ජන්කුක් උබ ඔය හිනා වෙනවද..."

" ඇයි"

" මේ උබ මන් එක්ක හිනා වුනාමද කොහෙද. හැමදාම මම එක්ක එල්ලෙන එකමනෙ කලේ"

" මම ද බලෙන් එල්ලෙන්න ආවෙ ආ... තමුසෙනෙ දැක්ක දවසෙ ඉදන් මාව කන්න හැදුවෙ. ඒක නෙවෙයි අපි අද කීය වෙන්කන් මෙතන ඉන්නවද ම්ම්..."

මෙ මනුස්සයා ගානක් නැතුව මම එක්ක කියව කියව ඉන්නවා. වාහනේ ස්ටාට් කරන්නෙත් නෑ.

" ඔහ් සොරි සර්. අමතක වුනා.."

ටේහ්‍යුන් කා එක ස්ටාට් කරලා පාරට දැම්මා.

𝐀 𝐌𝐞𝐥𝐨𝐝𝐲 𝐎𝐟 𝐇𝐢𝐝𝐝𝐞𝐧 𝐋𝐨𝐯𝐞  ᵗᵃᵉᵏᵒᵒᵏ ᶠᶠ (completed)Hikayelerin yaşadığı yer. Şimdi keşfedin