Chapter 16

517 75 42
                                    

ඉස්කෝලේ පටන් ගන්න බෙල් එක වැදුනම හැමෝම ක්ලාස් වලට දුවගෙන යද්දි තමයි අපිත් ක්ලාස් එකට ආවෙ. එතකොට අර ගෝතයො තුන් දෙනත් යනව නෙ. නැත්තං එපා වෙනව. මට දැන් කොහොමත් මෙ වෙලාවෙ එපා වෙලා ඉන්නෙ. උන් එක්ක කතාවක් තියා එවුන්ගෙ හුස්ම පොදක් වත් මට වැටෙන්න ඕන්නැ. ටේහ්‍යුන් කියන එකා මගෙ මූන අල්ල අල්ල හරො හරො බලපු හැටි. දෙන්න හිතයි මැරිල වැටෙන්න.

අපි ආපහු ක්ලාස් එකට එද්දි උන් හිටියේ නැ තමයි. ඒත් මගෙ ඉංග්‍රීසි පොතෙන් කොල කඩලා මුන් ඒවගෙන් බෝට්ටු හදලා මගෙ බෑග් එක පුරෝලා ගිහින්. මෝඩ පාත්තයො තුන් දෙනා. මාව ගිනි ගන්නවා වගෙ එන තරහට. මම ආසම පොත. මම මේකෙ තමයි චිත්‍ර අඳින්නෙත්. ආයිශ්. මම මේකෙ ඇදල තිබ්බු චිත්‍ර ත් බැලුවද දන්නැ. ආහ් ජන්කුකා.... කාම්ඩවුන්න්න්...

" ආයිශ් උබ මට කියන්නෙ මෙච්චර දේවල් ඉවසං අත පය අකුලන් ඉන්න කියල ද ජිමිනා.....හ්හ්හ්"

මම ඇස් දෙකෙන් ගින්දර පිට කරන් බෑග් එක දිහයි ජිමිනා දිහයි මාරුවෙන් මාරුවට බලද්දි ජිමිනා හොම්බ පුප කරන් මගෙ දිහා බලන් ඉන්නවා. මට මේකාව දෙකට කඩලා බෑග් එකෙ ඔබන්න හිතයි. මේකා කියන විදිහට ඉවසන්න ගියොත් මට මේකෙ වසන්න හම්බෙන්නැ. අරුන් මගෙන් අයුතු ප්‍රයෝජන ගනි. ටේහ්‍යුන් කියන පාත්තයා තමා මේ වැඩෙ කරන්න ඇත්තෙ අනිවාරෙම්ම. ඕකටනෙ මාව පෙන්නන්න බැරි ගොඩක්ම. නැ අනික් ඩබලත් උදව් වෙන්න ඇති මෙ කුප්ප වැඩේට. කුප්පයො

මට යන තරහා සාධාරණ නැද්ද අනේ. නිකරුනෙ ගුටි කන්නයි. මෙ වගෙ පජාති වැඩ ඉවසන්නයි මම අර මොනාද එව්වට වෙලා පැය විසි හතරම භාවනා යෝගීව ඉන්න හිත එක්තැන් කරගත්ත කවුද එක්කෙනෙක් නෙවෙයිනෙ. ඉවසීමෙ සීමාව පනිනව කොහොමත්. මගෙ ඔම්මා කියන විදිහට මගෙ ඉවසීමේ සීමාවක් තියෙන්න මට ඉවසීමක් උපතින්ම පිහිටලා නැල්ලු. අපෙ ගෙදරට එහා ගෙදර ඇන්ටි එක්ක දවසක් කතා වෙනව මන් අහගෙන. සමහරවිට ඩොක්ට අතින් මාව එලියට ගද්දි ඒක කැපිලා යන්න ඇති. ඔය වෙලාවට ඉතින් ඕවා බලනවයැ ජීවිත දෙක බේරගන්නනෙ ට්‍රයි කරන්නෙ.

" ජ ජන්කුක් බ් බෝට්ටු"

" කටවහපන් තාරා හොටා. බෝට්ටු ගහනව මම අරුංගෙ පුපෙ රෙද්ද. මට තමුසෙ එක්ක කේන්තියි. කැවැදැ හැරි පැසුචැවෙයි යැයි යැයි තමා. එතකන් මම මෙ ඔක්කොම මගුල් ඉවසං ඉන්න ඕන නැට්ට පුකෙ ගහන්. ඒකලා කවද්ද පතැවෙන්නෙ. එතකොට මම මෙ ඔක්කොම දුක් විදලා උන් පසු තැවුනම ඇති. මාව මිනිමරුවෙක් කරගන්නැතුව වට වහං මගෙ දිහා නොබලා අහක බලාගනින්. උබෙ හොම්බ පෙනෙද්දි මගෙ තරහ නිවෙනව. "

𝐀 𝐌𝐞𝐥𝐨𝐝𝐲 𝐎𝐟 𝐇𝐢𝐝𝐝𝐞𝐧 𝐋𝐨𝐯𝐞  ᵗᵃᵉᵏᵒᵒᵏ ᶠᶠ (completed)Where stories live. Discover now