Chapter 21

532 85 37
                                    


දැන් ඉස්සර වගෙ අර තුන්දෙනාගෙන් දෙන්නෙක් මම එක්ක එල්ලෙන්න එන්නෑ. අඩුම දකින තැන හිනා වෙලා වත් යනවා. ඒත් මම නම් බලෙන් හිනා වෙන්නෑ. හිනා වුනොත් ලාවට හිනා වෙලා මුකුත් ඇහුවොත් එ අහන දේට උත්තර දීලා ශේප් වෙලා යනවා. මට ඒ දෙන්නා නම් වැඩිය ගානක් නැ ඒත් ටේහ්‍යුන්ව වැඩිය අල්ලන්නෑ. ඌගෙ හැසිරීම මහ අමුතුයි. මහලොකුවට එදා සමාව ගත්තට මම එක්ක හරහටමයි කතා කරන්නෙ. හැබැයි ඉතින් අර ඉස්සර තරම් වලි සීන් නෑ. ගොඩින් බේරෙනව.  ඒත් ඉතින් උන්ට විඳවන්න මුකුත් වුනෙ නැති එකට මගෙ හිතට අමාරුයි. ඒත් ජිමිනා මැරෙන්න හදනවනෙ ඒක එතනින්ම නවත්තන්න කියලා. බලමුකො ඉතින් නේද ඉස්සරහට.

අපි හිටියේ ලයිබ්‍රි එකේ. මේක ලයිබ්‍රි පීරියඩ් එක නොවුනත් ජිමිනි පබෝට පොතක් මාරු කරගන්න ඕන කියල මාවත් ඇදගෙන ආවා. ඌ පොත තෝරගන්නකන් මම වාඩි වෙලා මූනත් අත් දෙකේ තියාගෙන සමනලයෙක් ගිලින්න බලන් ඉන්න හූනු පතයෙක් දිහා බලන් ඉන්නවා.

මූ සමනලයා අල්ලගනියිද සමනලයා ඉගිලිලා යයිද. සමනලයා ඉගිලිලා ගියොත් හොදයි. නැත්තං පව්. ඒත් හූනත් පවුනෙ ඌට බඩගිනි ඇති. සමනලයා අහු වුනොත් එතන හූනට පවු සුද්ද වෙනවා ප්‍රාණගාතයක් කරන නිසා. ඒත් ඌ එහෙම කරන්නෙ උගෙ බඩගින්න නිවාගන්නනෙ. ඉතින් ඇයි හූනට බැරි වෙන දෙයක් කන්න. ඌට පුළුවන් නෙ සමනලයා වගෙ මල් පැණි බොන්න. හැබැයි ඉතින් මෙ ලෝකෙ ඉන්න හැම හූනම මල්පැණි බොන්න ගියොත් සමනල්ලුන්ට මල් පැණි නැති වෙනවනෙ. මල් පැණි වලින් කොච්චර සත්තු ජීවත් වෙනවද. මී මැස්සොත් මල් පැණි නිසානෙ ජීවත් වෙන්නෙ. මීමැස්සො මල් පැණි මී පැණි කරලා අපිට දෙනවා. අරහෙම උනොත් අපටත් මී පැණි නැති වෙනවා. එතකොට මී පැණි ආශ්‍රිතව කරන කරන කර්මාන්තශාලා කීයක් නම් වැහෙයිද. එතකොට අහිංසක මිනිස්සු කී දෙනෙක්ට රස්සා නැති වෙයිද. එතකොට එ මිනිස්සුන්ගෙ අහිංසක ළමයි බඩගින්නෙ. නරකද එ ළමයි හූනංව අල්ලගෙන කෑවොත්. නෙදකිං මම මොනවද මෙ කල්පනා කරන මන්ස්ගාත.

මේකා මෙ පොත් තෝරනවද නැත්තං ප්‍රින්ට් කරනවද. හූනු සමනල් කතන්දරෙ දිහා බලන් ඉදලම හෙන විසාල නිදිමතක් දැනුන නිසා මම ටේබල් එක උඩින් ඔලුව තියාගත්තා. අරකා පොත තෝරලා බැයි නම් පොතක් ලියලා ප්‍රින්ට් කරලා හරි ඇවිත් මට ඇහැරවයිනෙ.

𝐀 𝐌𝐞𝐥𝐨𝐝𝐲 𝐎𝐟 𝐇𝐢𝐝𝐝𝐞𝐧 𝐋𝐨𝐯𝐞  ᵗᵃᵉᵏᵒᵒᵏ ᶠᶠ (completed)Where stories live. Discover now