Chapter 32

505 68 22
                                    


කාලය හිමින් ගෙවිලා ගිහින් මීට් එක තියෙන දවසට කලින් දවසත් උදා වුනා. පහුගිය දවස් ටිකේම ටේහ්‍යුන් හ්‍යුන්ග් මීට් එකේ වැඩත් එක්ක ගොඩාක් බිසී වෙලා එයාගෙ වටිනා කාලය ඉස්කෝලේ වෙනුවෙන් කැප කරලා හොද ළමයෙක් වෙලා ඉන්නෙ. අදත් උදෙ ඉදන් තාම මම මෙ බලන් ඉන්නෙ වචනයක් එයත් එක්ක කතා කරන්න. කොහෙද ඉතින් අද එයාට වැඩ ගොඩයි. හෙට මීට් එකේ ස්පීච් එකකුත් තියෙනවා කිව්වා කරන්න.

දෙයියනේ කියල අද ගුරුවරු අපිව නිදහස් කලා හෙට දවසට ලෑස්ති වෙන්න කියලා. අනෙ අපරාදෙ අදත් අපට උගන්නන්න තිබ්බෙ. ඇයි වදෙ මෙච්චර දවස් හිර කරගෙන ඉදලා මට නම් තරහ ගිහිල්ලා හිටියේ හොදටම.

අපෙ ඉස්කෝලේ හතරට බෙදිලා ග්‍රවුන්ඩ් එකේ හතරකොනට වෙලා හවුස් වලට අදාල තීම් එකට ඩෙකරේශන් කරනවා. ජිමිනා ඉස්කෝලේ ආව ගමන්ම මගෙන් වෙන් වෙලා උගෙ හවුස් එකට රිංග ගත්ත රිංග ගත්තමයි මෙ වෙනකන් උගෙ පිහාට්ටක්වත් දැක්කෙ නෑ. ඌට නම් මොකද ඉතින් සුගා පප්පා ඉන්නවනෙ ඒකෙ. වැඩ කෙසේ වෙතත් දෙන්නා ලව් කරනව ඇති මුල්ලකට වෙලා

හැබැයි ඉතින් මට ත් තනියක් තිබුනෙ නෑ සෝහුවා මගෙ හවුස් එකේ. අපි දෙන්නයි තව අපෙ වයසෙ උන් දෙතුන් දෙනෙකුයි තමා කරන්න තිබ්බ බරම වැඩ ටික කලේ. පොඩි උන්ට බෑනෙ ඉතින් ලොකු යකඩ බාර් උස්සගෙන වැඩ කරන්න.

" අපිට පහු ගිය ටිකෙ උගන්නන්නැතුව මෙ වගෙ ඉන්න තිබ්බ නම් මරු නේද බන්"

" මෙ වගෙ කිව්වේ "

මම හෙන ලොකු ඉටිරෙදි රෝලක් උස්සන් ඇවිත් සෝහුවගෙ අතට කතුර දීලා මම මෙහා කෙලවරෙන් අල්ලගෙන උගෙ කතාවට සවන් දුන්නා.

" නැ ඉතින් අපට මෙහෙම එකට ඉන්න තිබ්බා"

"ම්ම්ම් ඔව් නේද"

" අපරාදෙ අපි එක සෙක්ශන් එකේ හිටිය නම් එකට පාඩම් කරන්නත් තිබුනා"

" ම්ම් ඒකනෙ. ඇගිල්ල කපන්නැතුව කපහන් ඈ..."

සෝහුවා ඉටිරෙද්ද කපාගෙන මගෙ ගාවට එද්දි මම ඇගිලි දෙකෙන් ඉටිරෙද්ද අල්ලගෙන හිටියා. කියන්න බෑනෙ මුගෙ ඇස් හරියට පේන්නැති එකෙක් එහෙම නම් ඒක කියල කපයි මගෙ ඇගිලි දෙක. එතකොට මගෙ හ්‍යුන්ග්ට ඇගිලි දෙකක් නැති සැමියෙක් එක්ක තමයි අනාගතෙ දීග කන්න වෙන්නෙ.

𝐀 𝐌𝐞𝐥𝐨𝐝𝐲 𝐎𝐟 𝐇𝐢𝐝𝐝𝐞𝐧 𝐋𝐨𝐯𝐞  ᵗᵃᵉᵏᵒᵒᵏ ᶠᶠ (completed)Where stories live. Discover now