04

921 152 12
                                    

❤🌙  

කෑම කාපු මන් එහෙම්ම ආවේ ඇඳට...

අලුත් පොත් සුවඳ මුලු කාමරේ පුරාම... මන් උස්සන් ආපු බඩු හරි ලස්සනට අඩුක් කරලා.. පොත් මේසේ පිළිවෙලට හදලා.. ඇඳුම් ඔක්කොම අල්මාරියේ නවලා වෙන වෙනම තියලා...  මන් දන්නවා.. මේ කිසි දෙයක් මන් කළේ නෑ.. ලොකූ සේරම පිළිවෙලට හදලා... මන් දන්නවා බර වැඩි කමට ලොකූට මාව වදයක් වගේ දැනුනට.. ලොකූ තරම් මට ආදරේ කරන කිසි කෙනෙක් නෑ කියලා... අම්මා අප්පච්චි මාව දාලා ගියාට මගේ ලොකූ... මන් මැරුන දවසටවත් මාව තනි කරන එකක් නෑ.. ඒකිගේ හිත ගල් උනේ කර උඩට ආපු බර නිසා කියලා මට තේරෙද්දී.. අප්පච්චි පස්‍ යටට වෙලා මාස ගාණක් වෙලා... මන් හිටිය සමනල් ලෝකේ බිඳින්න ලොකූට ඕන නැති වෙන්නැති.. ඒකි තනියෙන් සේරම බර කරට අරන් මාව චූටි සමනල් පැටියෙක් ගානට දැම්මා... ස්කෝලේ ලොකු සර් මට මේ දේවල් කියුවේ නැත්නම්..

උබ හීන දකින සමනල් ලෝකේ ඇත්ත ජීවිතේ නෙවෙයි සදෙව්.. සහෙලි උබේ බර කරට ගත්තට.. ඒකිට අමාරුයි පුතේ.. උබ පිරිමියෙක්.. කරදඬු උස්මහත් වෙච්ච පිරිමියෙක්.. විදියට හිතලා ඒකිට හයියක් වෙයන්.. උබලට තව ගොඩක් දුර යන්න පුලුවන් සදෙව්.. පලවෙනි අඬිය හයියට තියපන්...!! උබලට වරදින්නෑ.....පුතේ...

මන් ස්කෝලෙන් එදා ආවේ පාර දිගට අඬ අඬ.. ඒ වචන නැත්නම්.. හැම ළමයෙක්ටම ඉන්නවා ජීවිතේ හදපු ගුරුවරයෙක්... ඒ මනුස්ස ආත්මේ මාව හරි පාරෙන් තියපු නිසා.. මන් මෙහෙම හරි ලොකූට හයියක් වෙනවා... නැත්නම් මන් තාමත් ඒකිට වද දිදි මුරණ්ඩු කම් කරන රං වේවී..

ගමේදි එළියට බහින ඕනම වෙලාවක මට යාලුවෙක් හම්බුනා.. ඒත් මෙහේ... කිසිම යාලුවෙක් නෑ.. මට බයයි අලුත් ජීවිතේටත් වඩා අලුත් ස්කෝලේ ගැන.. ටවුමේ ලමයි කරන්නෙම පිස්සුවෙන් වගේ ඉගෙන ගන්න එකලු... මන් ඒ ළමයි අතරට වැටිලා තැලිලා පොඩි වෙලා යාවිද දන්නැ.. අනේ සමන්ත.... තේ එකට රත්ති හැන්දකුත් දාන්න......!

ලොකු අම්මයි ලොකුයි තරඟෙට එහාට මෙහාට දුවන සද්දේ අහගෙනම මන් ජනේලෙන් පේන හඳ දිහා බැලුවා... කොයිතරම් වෙලා බලාගෙන හිටියත් එපා නොවෙන තැන් දෙකක් තියෙනවා රං ට.. එකක් ලොකූගේ මූන.. අනිත් එක රෑ අහස... තරු පිරිලා තියෙන අහසට වඩා මන් ආස වළාකුලු වලින් වැහිලා තියෙන හඳ දිහා බලන්න..... සඳෙව්......සමහරවිට මාත් ඒ හඳ වගේ නිසා වෙන්නැති...

The Owner of Moon ❤ ( සඳේ අයිතිය සොයා🌙) KookV🌟Where stories live. Discover now