91 ☘️

436 109 105
                                    

මූසලම දවසක පටන් ගැන්ම කියුවනම් හරි..

දවස් වේගෙන් ගියේ මන් හිතන්නේ මන් ඒ ලෙවල් ලියද්දි විතරයි..ඒත් දැන් දවස් යන්නේ ඉබ්බා රේස් දුවපු වේගෙටත් වඩා අඩුවෙන්.. ඒව්..

මන් දවසෙම ලොකූට කෑගහපු එකේ දුක ගැන හිත හිත රං ඉස්සර කරපු ගොං වැඩ මතක් කලා.. ඇත්තම කියුවොත් සමන්ත මන් කරපු ගොං කම් විතරනේ බන් තියෙන්නේ..

එකපාරක් ගමේදි අත්තම්මා නාවන්න කියලා වතුර උනු කරලා ඒක බේසමකට දාලා..

ඒක නිවෙනකම් ඉදලා ආයෙම සබන් ගාන්න වෙලාවක් යන නිසා වතුර බේසමට සබන් එක දාලා දිය කරලා අත්තම්මා නාවපු හැටි මතක් උනා.. අත්තම්මා නොහිටින්න එදා රං කන්නේ ඉපදුනු දවසේ අත්තම්මා පෙට්ටි කටේ ගාපු රං කිරි පනින්න.. හම්මේ.. ලොකූ ඒක අප්පච්චිටත් කියුවනේ.. මූ ගොන් නාම්බා කියලා අප්පච්චි එදා මට කෑගහපු හැටිත් මතක් උනා.. ඇයි ඉතින් ලේසි වැඩක් ද උනු කරපු ලොකු වතුර හට්ටියකට සබන් කෑල්ලක් දානවා කියන එක..අපරාදේ. එදා ඒකට මන් සර්ෆෙසෙල් දැම්මනම් අත්තම්මා දිලිසෙන්නත් ගනීවි නේතෝ සමන්ත...

මට නම් හිතෙන්නේ මෙච්චර තාක්ශනේ දියුනු වෙන්න ඇත්තේ මේ රං වගේ ගමෙන් ආපු මැණික් කැට නිසා වෙන්න බැරිත.. ම්හුක්.. පුලාන් ඉතින්.. බැරි නෑනේ..

ඇත්තටම සමන්ත ඇයි මට කරපු හොද වැඩක් මතකෙට එන්නැත්තේ.. සමහරවිට ගමේදි වගේ රංට ටවුමෙදි ගොටුකොළ කන්න බැරි උන නිසාවත්තෝ..මන්තා.. සැක්.. මල් පැල ගලවලා ගොටුකොළ පාත්තියක් දාන්න ඕන..

යක්කු ගස් නගින මද්දහනේ මන් ඉස්තෝප්පුවේ වාඩි වෙලා කල්පනා කලා.. සමහරවිට මද්ධහන නිසා මගේ මොලේ අව්වට පිච්චිලා වෙන්න බැරිත සමන්තෝ.. ඒත් මගේ හිසට සෙවණක් තියෙනවනේ..කිරි කෝපි නැති එකේ අඩුව වෙන්න බැරිත යම්කෝ..!!

Beep beepp..

රංට මෙච්චර ප්‍රශ්න..අස්සේ ෆෝන් එකත් ෆෝම් වෙලා වදින්න ගත්තා.. ආතල් කුඩුනේ මාත්තයෝ... සැක්.. මන් ප්‍රශ්න හිතන එක පැත්තකින් දාලා ලා දුබුරු පාට කලවා හරියට තියෙන ගල් ශෝටේ සාක්කුව අස්සට අත දාලා ෆෝන් එක ගත්තා.... ම්ම්.. රං ඉතින් හැන්ඩියනේ... ඒත් වටේ බලන්න එකෙක් නෑ සමන්තෝ...

The Owner of Moon ❤ ( සඳේ අයිතිය සොයා🌙) KookV🌟Tempat cerita menjadi hidup. Temukan sekarang