90 🥂

512 109 100
                                    


මැනිකේ පාරු පදිනවා.. නිළමේ-

හේ හේ මන්  හිතුවේම  ඒක ගැන.. දෙයියනේ ඒ වචනේ ලස්සන.. සමන්තෝ.... ට්‍රිප් එකක්.. ම්හුක්..!!

මන් මගේ සඳූ මැණික  යනකම් ඉදලා ගේට්ටුවත් වහලා ගේ ඇතුළට ආවා...




" නෑ අම්මා නෑ... ඔයාට තේරෙන්නෑ අම්මා මන් දන්නවා එයා ලොකුයි කියලා.. "






මන් දොර ලගම නැවතිලා බලන් හිටියා.. ලොකූ...!! ලොකු අම්මා ලොකූ දිහා බලන් මාව පෙන්නද්දි එයා කියපු වචන ටික ආයෙම ගන්න බැලුවා.. එයා ගල් වෙලා මන් දිහා බලන් ඉද්දි මන් ලොකූ දිහා බලන් හිටියා.. මොනවද එයාලා කතා කළේ.. හිතේ කොනක ඒක ට්‍රිප් එක ගැන වෙන්නැති කියලා මතක් වෙද්දි මගේ හිත ඇතුලේ වචන දාහකට වඩා එක දිගට එයාලා කතා කරපුවා අනුමාන කරද්දි මන් පිලිමයක් වගේ දොර ළගම නැවතුනා..





" රං.. ඇතුළට යන්න.. "





ම්ම්.. ඉස්සර ඉදන්ම.. හැම ප්‍රශ්නයක්ම.. මගේ එයාගේ අප්පච්චිගේ.. අත්තම්මගේ.. ස්කෝලේ..ගමේ පවා ඇති උනු හැම ප්‍රශ්නයක්ම එයාගේ වෙද්දි.. ලොකූ හැමදාම මේ වගේ මාව පැත්තකට කලා..
ඒ අවුරුදු ගානටම හුරු වෙලා දැනුනු ඉවට ඒක මගේ ප්‍රශ්නයක්ම කියලා හිතෙද්දි මන් ලොකූගේ වචන නාහා සෝෆා එක ළගට ලං උනේ ලොකුයි අම්මයි දෙන්නම එතන වාඩිවෙලා ඉද්දි.. ඔව්.. මන් ලොකූ කියන දේ නාහන මල්ලි කෙනෙක්..




" ලොකූ.... අ..ම්මා.. ඇයි මොක- "


" සින්හල තේරෙන්නැද්ද තමුසෙට.. ඇතුළට යන්න කියුවම ඇතුළට යනවා.. "





මන් ලොකූයි අම්මයි දිහා මාරුවෙන් මාරුවට ඇස් ගෙනියන ගමන් අහද්දි ලොකූ ගෙදරම දෙදරවන සද්දෙන් කෑගැහුවා.. ඇයි?? ඇයි මන් එයා කියන දේ අහන්න ඕන.. මන් මේ තරම් කාලයක් කලේ ලොකූට ඕන දේවල් නෙවිද.. මන් කොල්ලෙක් වෙලත් මන් කවදාවත් ලොකූට කටගහන් ගියේ නෑ.. එයාට මාව පෙන්නන්නම බැරි උනු කාලයක් තිබුනා.. ඒ දවස්වල පවා මන් ඒකි පස්සෙන්ම වැටිලා හිටියා මිසක් මන් ඒකිට වචනයක් කියලා නෑ.. ලොකූගේ නපුරු බැල්ම මගේ දිහාවට වැටිලා තියෙද්දි ඒකිගේ ලස්සන හීනි ඇහිබැම එකට ඇලිලා නළල රැලි වෙලා තිබ්බා.. අම්මා මාරුවෙන් මාරුවට අපි දිහා බලද්දි මන් ලොකූව ගනන් නොගෙනම එතන හිටගෙන හිටියා..



The Owner of Moon ❤ ( සඳේ අයිතිය සොයා🌙) KookV🌟Where stories live. Discover now