4️⃣6️⃣ සුමනා🌚

659 138 184
                                    

" පැරකුම් !!

පැරකුම් !!

පැරකුම් !!! "

පොඩි කොල්ලෝ සෙට් එක ගිරිය කඩාගෙන කෑගහනවා... මන් හවුස් එක ළග පුටුවකට හේත්තු වෙලා බලාගෙන හිටියා.. කිසි ගැම්මක් නෑ.. දුර පනින්නයි උස පනින්නයි... ලොකූගේ රං වැඩිය ඕවට ආස නෑ නේ සමන්ත... සඳුත් නෑ.. මොකක්ද මීටින් එකක් කියලා එයා ගිහින් දැන් පැය භාගෙකට වැඩී තාම ආවේ නෑ..

ඕශියා පේන මානෙක නෑ..ඌ ඉන්න හවුස් එකෙත් විනාඩි පහලවක් විතර ඉදපු මම ආපහු පැරකුම් එකට ම ඇදිලා ආවා... ඒක නිකන් උන් ටික මට නෝන්ඩි දාල එලෙව්වා කියලත් කියන්න පුලුවන්.. ම්හුක්.. මන් යන්නෑ ආයේ ඔය ගැමුනු උන්ගේ රෙද්ද අස්සේ..!!

" අඩෝ චූටී බූල් දැක්කද බන්..?"

පැරකුම් එකේ වයිස් ගේම්ස් කැප්ටන්.. සඳූ එක්කම පැරකුම් එක කරේ තියන් වැඩ කරන ඊලග එකා.. මෙනුරයා...වැඩේ කියන්නේ දැන් හැම එකාම මගෙන් තමයි බූල් ගැන අහන්නේ.. මොන වදයක් ද සමන්ත මේක.. ම්හුක්... විශාල කරදරයක් උනානේ මේක..!!



" මීටිමටකට කියලා ගියා තාම ආවේ නෑනෙ.. මොකෝ කේස් එක..?"


මන් ඌ දිහා බලලා අහද්දි මුගේ ඉහින් කනින් හැම තැනින්ම දාඩිය බේරෙනවා.. මූත් හැම වෙලේම ස්පෝට් කිට් එකනේ දාගෙන ඉන්නේ.. ඇත්තමයි මුන්ට ඉගෙන ගන්න වෙලාවක් නැතුව ඇති.. මෙහේ පස්සෙන් පන්නලා උගන්නන එක්කයෑ.. ඕන්නම් ඉගෙන ගනින් නැත්නම් නිකා හිටාන් තියරියනේ තියෙන්නෙත්..


" බූල්ගේ ඉවෙන්ට් එක 30 mins වලින් පටන් ගන්නවා කියුවා.. මූ නෑනේ පුලුවන්නම් හොයන් වරෙන්කෝ චූටි.."

මොකා..!! බූල්ගේ ඉවෙන්ට්.. දෙයියනේ දෙයියනේ සමන්ත මට කොහොමද ඒක අමතක උනේ.. මෙච්චර ග්‍රවුන්ඩ් එකේ ඉන්න එකා කරන ඇත්ලටික් ඉවෙන්ට් ටික මට අහගන්න බැරි උන හැටි නම් හරිම අපූරුයි..අපූරුයි සමන්ත... සඳූ මගේ ජංගියේ ඉදන් දන්නවා මන් ඌ කරන ඉවෙන්ට් තුන දන්නෙත් නෑ...

" මොනවද බූල් කරන්නේ..?? "

මන් වාඩි වෙලා ඉදපු පුටුවෙන් නැගිට්ටේ ඔලුවත් කසන ගමන්.. හැබැයි මන් අහපු එකට නම් මෙනුරයගේ ඇස් නලලට ගිහින් ඔලුව දෙපැත්තට වැනුවා.. මුන් හෙන ඩ්‍රාමාටික් නේත සමන්ත.. හමෝර් හමෝර් ටවුමේ නළුවා..!!


The Owner of Moon ❤ ( සඳේ අයිතිය සොයා🌙) KookV🌟Where stories live. Discover now