19

741 141 41
                                    

The owner of Moon 🌙🌠

ස්කෝලේ ඉවර උනු ගමන් මන් ඕශිලාටත් කලින් එලියට ආවා.... හම්බුන පලවෙනි බස් එකේම එල්ලිලා ගෙදර එද්දි වෙලාව දෙක වෙලාවත් නෑ....

හුම්ම්ම්ම්ම්....

මන් ලොකු හුස්මක් පහත දැම්මා... වතුර ටිකක් රත් කරන් බීලා එහෙම්ම ගියේ බාතෲම් එකට... ලොකු අම්මා එන්නේ හවස... මහා බරක් හිත ඇතුලේ.. මන් සදැස්ට කියපුවා බර වැඩීවත් ද..

මට තරහ යන එක සාදාරණ නැද්ද... අච්චර ගුටි කාලා ඉදපු මිනිහා ගහපු උන් ගැන හොයන්නැතුව මට කෑගහද්දි මට තරහ යන්නැද්ද.. මාව හයියක් ලු.. මට මොනවහරි උනා නම් ලු.. මට මොනවා වෙන්නද.. ඊලග දවසේ අරුන් හොයන් ගහන්නැතුව මූ මන් මැදට පැනපු එකට කෑගහනවා..

මූ කියන්නේ මන් නපුංසකයෙක් වගේ උන්ට මැරෙනකන් ඌට ගහන්න දීලා දාලා දුවන්න කියල ද... ර්‍ර්‍...ර්‍ර්.. මන් මගේ කොන්ඩෙන් හයියෙන් ඇදගත්තා...

මට මේ තරම් තරහ ගියාම ද කොහෙද... ගමේදිවත් මෙහෙම නෑ... චූටිට වැඩක් නෑ කිය කිය දොඩවනවා..!!!

පිස්සෙක් !!!!

මුරණ්ඩු වෙන්නෙපා ළමයෝ.....

ආයිශ්.. සමන්ත... ඇයි ඒ අමු යකා මට ළමයෝ කියුවේ... මාව දියවෙනවා වගේ ඒ කියපු විදියට... ඒ ගොරෝසු කටහඬ... හරියට මී පැණි වගේ මට ඇහුනේ... ළමයොලු... අයියෝ මට බෑ සමන්ත.. මන් එයාගේ ළමයෙක් නෙවිනේ.. අනේ ලොකූ ඔයාගේ රං ව මෙහේ එකෙක් දරු කමට ගත්තා ලොකූ...

ඇයි යකො මන් දිය වෙලා වැක්කෙරෙන්නේ... මට කිති වගේ.. මන් ඇද පුරාම පෙරලුනා... කොට්ටේ කෑල්ලක් හපාගත්තා.... ළමයොලු.... මුලින් චූටී.. දැන් ළමයා.... මට බෑ ලොකූ.... මට කිචි.....!!

" රං...... මොකද ළමයෝ තනියම හිනා වෙන්නේ...??? "

කොට්ටේ හපාගෙන ඉදපු මන් උඩ ගිහින් ඇදේ කෙලින් උනා... ආයේ ළමයොලු.... මන්  දොර දිහා බලද්දි ලොකු අම්මා ඉන්නවා ඇස් ලොකු කරන්... අයියෝ ලොකු අම්ම ද...  වස ලැජ්ජාව...

" අද වේලාසන ආවද ලොකු අම්මා...? "

මන් ඔලුවත් කස කස ලොකු අම්මා ලගට එද්දි එයා අත කටින් වහගත්තා... ඒකත් ඇස් දෙක හීනි කරගෙන... මේ මොකක්ද එපාර ලොකු අම්මට උනේ.. හෑ...

The Owner of Moon ❤ ( සඳේ අයිතිය සොයා🌙) KookV🌟Where stories live. Discover now