11

1.2K 148 33
                                    


"උබ ඌව දන්නව ද??"

මන් නැගිටලා පන්තියට යන්න හැරෙනකොටම ඕශිගේ ප්‍රශ්න ටික එළියට ආවා...

"කවුද ?"

"බූල් ව??"

"බූල් ???"

හෑ... මන් කටත් ඇද කරලා ආයෙම ඇහුවා.. මට ඇහෙන හැටි ද.. ගමේ පියදාස මාමලගේ තඩි බල්ලගේ නමත් බූල් !! සමන්ත අපි මේ ඇවිත් ඉන්නේ බලු ගම්මානෙකට කොහෙද... සමහරවිට මේක බලු රක්ශිතයක්වත් ද... ලොකූ මාව අරන් පලයාආආආන්න්න්න්....... තවත් නම් බෑ සමන්ත....!


"උගේ නම මතක නෑ පූ.. ඌට බූල් කියලා කියන්නේ.. අර බෙහෙත් ගෑවේ උබේ.. අන්න ඌ අර තඩි මහත ජිම් පප්පා වගේ පොර ඌ ඌ !!"


මට කැරකැවිල්ල වගේ.. සදැස් ට ද මූ මේ කියන්නේ.. බූල් ?? ඌට ගැළපෙනම නම.. තඩි බන්දුල බල්ලෙක් මැවිල පේනව මට.. සමන්ත ඒ තමයි ඌට හරියනම නම.. මන් අහන්නේ මන් තාම වැරදිද සමන්ත..

හප්පෙ... මන් හයියෙන් හිනා උනා... අත්පුඩියකුත් ගහලා..එහෙම්ම ඕශිගේ කරට අතත් දගත්තා.. හම්මෝ මට බෑ.. බූල්... සමන්ත අරු බූල් !! මට ටෝබි කියුවා නේද පගයෝ.. !! හරි අපූරුයි උබේ බලු නම සදැස් !


"මොකෝ උට්ටෝ.. උබේ ඔය කට්ට ඇතුලේ තියෙන මොලේ ගැස්සුනාවත් ද.? යමන්.. මෙ http ලා දෙන්නා තාම නෑනේ.. "

"නල්ලේ......... !!"

"වරෙන් මූට පිස්සු හැදිලා.. පෞ බන් අහිංසකයා !!"

මට හිනාව නවත්තගන්න බෑ.. කුරිරු සතුටක් දැනෙනවා.. හරියට හෝම්ස් ලෙස්ටඩ් නෝන්ඩි කරනව වගේ... ටොම් ඇන්ඩ් ජෙරී එකේ ටොම් ජෙරීට අල්ලන් නෙලනවා වගේ...... මැල්ෆෝයි අර කුක්කෝ දෙන්නට අල්ලන් ගහනවා වගේ.... බෝලේ වැදුනු ශොට් එක පාවෙලා ගියා ...

ඒ අස්සේ ඕශි පිස්සෙක් වගේ කෑගහනවා..එතකොටම නල්ලෙයි ජබ්බයිත් පිස්සෝ දෙන්නා වගේ එතෙන්ට දුවන් ආවා.. ඔක්කොම පිස්සෝ සමන්ත.. !

ඕශි සීන් එක අරුන්ට කියන අස්සේ මන් හිනාව යන්තන් නවත්තගත්තා...ඕටූ සමන්ත ඕටූ.... ඔක්සිජන්න්..

අරුන් තුන් දෙනා මිනාව පලු ගහනවා... ඕශිට ආයෙත් අරූගේ මරුමුස් කතාවට මල පැනලා.... පන්තියට එනකන්ම මිනා ඌට දාපු ටෝක් එක තුන්සිය අසූ  හත් පාරටත් ජබ්බාට  කියුවා..

The Owner of Moon ❤ ( සඳේ අයිතිය සොයා🌙) KookV🌟Where stories live. Discover now