29❤️‍🩹

657 138 73
                                    

" පූ උබ මොකද මුලින්ම ආවේ..?? "

ඕශි අහද්දි මන් හිටියේ ඕශි ගෙනාපු බිත්තර ඔම්ලට් එකේ මට අහු උනු හූනු බිත්තරේ සයිස් කෑල්ල කටේ දාගන්න ගමන්... සමන්තට කියන්න.. අරිනවා විතරයි පෙනුනේ බත් එක... අත දාද්දි ඉතුරු උනේ මෙච්චර යි... මුන් මහ සාගත කාරයෝ වගේ සමන්ත...අනේ ලොකූ උබ ටවුම කියලා ගෙනල්ලා දැම්මේ ඉතියෝපියාවට ද.. මටත් කෑල්ලක් දෙන්න තිබ්බා ඒ උනාට...

" මුලින් ආවේ කියන්නේ අරූ හම්බුනා උදේ ... ඌ මට ගස්සන් ගියා... ආයේ මොකට උගේ ලයින් බලනවද මන් කලින් ආවා..!! ගෙරි බූලා !!! "

මන් පරිප්පු ටිකකුයි කැරට් ටිකකුයි දාගෙන හොඳට ඇනුවා.... කැරට් කෑල්ල චුරුස් වෙනකන්ම ඇනුවා... ඔය ගොපලු යකාගෙ ලයින් මන් බලන්නෑ...!! බලන්නෙම නෑ සමන්ත ගානට වැඩී පොඩි පගයා..!!

" අමෝර් අමෝර් මුගේ හිතේ කොනක ප්‍රේමයක් දලුලනවා වගේ උට්ටෝ !!! "

ජබ්බා ඌ ඇදලා ගනිපු තඩි ඔම්ලට් කෑල්ල එක කටටම ඔබා දාගත්තා..... ගමේ ඉද්දි නම් කිකිලි දානකොටම බිත්තරේ ඉස්සුවා ඒත් දැන් බිත්තර ගණන් නේ...ටවුමේ කිකිලිගේ පුක ලොකුලුනේ.. හරි වේදනාවයි ජබ්බට තිබ්බා කෑල්ලක් දෙන්න...!

" මේ ඕශී.. උබ මොකෝ දැන් මිනාට බනින්නැත්තේ..??? "

" මාත් අහන්න හිටියේ උබේ මොනවද දලුලන්නේ එපාර ?? "

නල්ලේයි ජබ්බයි අහද්දි මන් කැරට් කෑල්ලක් කටේ දාගත්තා.. කැරට් කන්න අපි හාවොද නෙවි මගේ ලොකූ කියලා තියෙන්නේ රංට කැරට් කැවම කිරි සුදු වෙනවා කියලා.. සමහරවිට සදැස් අර මැණික් කැටේ වගේ ඉන්නේ කැරට් කිලෝ ගනන් කාලද කියලා කවුද දන්නේ..

" එහෙම මුකුත්... ඊයා ඌ මොකෙක් ද.. පිස්සු ද උට්ටෝ !! පිස්සු පූසෙක් නේ ඌ!! එහෙම නෑ උබලට පිස්සු !! "

ඕශි කියවලා කියවලා වතුර බෝතලේ කටේ ගහගත්තා..... !!ඌ ඒ මිනාට බැන්නද අපිට බැන්න ද... ඊයා පෙරේතයා මගේ බෝතලේ නේද අර කට ඇතුළටම ඔබාගත්තේ.. අනේ ලොකූ මට මේ ටවුමේ ඉන්න බෑ... මන් ලොකු අම්මව‍යි සමන්තවයි අරන් ආයේ ගමේ යනවා... ඇමති පුතා කියුවට මුගේ උප්පැන්නේ බලනකන් මට නම් සුවර් නෑ..

The Owner of Moon ❤ ( සඳේ අයිතිය සොයා🌙) KookV🌟Onde histórias criam vida. Descubra agora