28

663 138 74
                                    




මන් දුවගෙන ගිහින් නැවැතුනේ අපේ ක්ලාස් එකේ.. ඕශි වාඩි වෙලා ඩෙස්ක් එකේ ඔලුව ගහන්... නල්ලෙ කොරිඩෝ එක අතු ගානවා... නිකන් නෙවෙයි හෙඩාගේ පරම්පරා බර ගානකට බැන බැන... !!


" පූ !!! "





ජබ්බා මන් එද්දිම කෑගහද්දි ඕශි ඩෙස්ක් එකෙන් ඔලුව උස්සලා මගේ දිහා බැලුවා...  ඒ වෙද්දිත් මන් ඌ ළග වාඩි වෙලා..



" මොකක්ද උනේ.. මොකෝ මේ බය වෙලා වගේ.. පූ උබ නරක් උනු චෙරි ගෙඩියක් වගේ යකෝ රතුම රතු වෙලා..!!! මේ බලපන් සීතල.... ඩෙඩ් බොඩියක් වගේ..!!!! "



ඕශි මගේ අත් දෙකත් අල්ලන් කියවද්දි ජබ්බෙත් මන් ළගට ආවා... අනේ සමන්ත.. මේ ටවුමේ උන් නම්... බලපන් ලොකූගේ රං ඩිංගට ආදේශ කරපු චෙරි ගෙඩිය..! හරිම අපුරුයි ඕශී !!..



" ම...ට... මට මේ ප්‍රශ්නයක් බන්...!! "




ඕශිල මොන දේ ඇහුවත් මන් කට පියාගෙනම ඉදලා  පලවෙනි පීරියඩ් එකේ මිස් ආවේ නැති නිසා මන් ඕශිගේ පැත්තට හැරිලා රහසින් කියුවා.... අනේ මට බෑ.. කටක් ඇරලා කියන්න පුලුවන් ප්‍රශනයක් ද මට තියෙන්නේ... අනේ සමන්ත අපි ගමේ යමන්කෝ......



" කියපන් පූ.. "




ඕශි හැරිලා සීරියස් මූඩ් එකෙන් කියද්දි ජබ්බත් පුටුව ඇදන් මන් ළගට ආවා... නල්ලෙත් ඉන්නවා... ඌ හෙනම සීරියස් මූඩ් එකෙන් මගේ දිහා බලන් ඉන්නේ ඊලග වචනෙන් මාව ගිලලා දාන්න වගේ...






" අර...මේ...අරූ... මට කැමතිලු නේ බන්.... මට තේරෙන්නෑ ඕයි.. මොකක්ද කරන්නේ කියලා... "






ඕශිගෙ පොතේ කොන නවන ගමන් මන් එක හුස්මට කියල දැම්මා... ම්හු... කිසි සද්දයක් නැ... හුම්ප්...




" උබ කැමති නම් කැමති කියපන් නැත්නම් අල්ලන් ගහමු ! "




මුලින්ම නල්ලේ කියද්දි මන් පෙට්ටි කට අනිත් පැත්ත ගහන් ඌ දිහා බැලුවා... ඔය දෙක මන් දන්නෑනේ... ඉතින් සමන්ත.. ලොකූගේ රං මෙව්වා වගෙ දේවල් වලට වැඩි අවධානයක් දුන්නෙම නෑනේ... නංගිලට විතරනෙ...







The Owner of Moon ❤ ( සඳේ අයිතිය සොයා🌙) KookV🌟Where stories live. Discover now