12

695 149 28
                                    


"අරූ කවුද? "

මට පිටිපස්සෙන් ඇහුන කටහඬ නිකන් යකඩ තහඩුවකට ගැහුවා වගේ.. පුදුම කටහඬක් ඒක පට්ටම ගොරෝසුයි...

මන් ගනන් ගන්නැතුව ඉස්සරහට යද්දි මට ආයේ ඇහුනා තව ළමයෙක් කියනවා..

"අලුතෙන් ආපු කොල්ලෙක් !"

සමහරවිට මන් ගැනද දන්නෑ කියන්නේ.. ඊයේ හවස බූල් එක්ක ස්කෝලේ ඇරිලා ගෙදර ගිහින් මන් හවස් වරුවෙම කලේ හොඳට නිදාගනිපු එක.. මන් වෙනදට හවස් වරුවේ මෙහෙම නිදාගන්නේ නැති උනාට ඊයේ මට හොඳට නින්ද ගියා..

ඒක නිසා මන් හතේ ඉදන් උදේ දෙකත් පහුවෙනකන්ම පාඩම් කරපු එක කලේ.. ගොඩක් දේවල් පාඩම් කරන්න නැති උනාට දැම්ම ලේසි ඒවා පාඩම් කරන එක මටත් හොඳයිනේ...

හතයි කාලත් පහු වෙලා ගේට් එකෙන් ඇතුළට එනකොට.. මන් වැනි වැනි ස්කෝලේ ඇතුළට ආවේ පන්තියට යන්න...

උබ කොහේද යන්නේ? ගමේ යනවා කියලා හිතුවද යකෝ !

ඒත් ආයෙම මගේ පස්සෙන් ඇහුනේ අර ගොරෝසු කටහඬ....

ටවුමේ උන්ට හිත් කියවන්නත් පුලුවන් ද.. මුන් මාරයිනේ.. මන් ඒක හිතුවේ කියලා දන්නේ කෝමද.. ටවුමේ ඇවිල්ලා ආයේ ගමේ යන්න.. මුන්ට නම් ඇත්තටම පිස්සු.. ලොකූ... උබ මාව ගෙනත් දැම්මේ පිස්සන් කොටුවකට ද... අනේ සමන්ත..

මන් නැවතිලා පිටිපස්ස බැලුවා... මන් වගේ හතරක් විතර ඇඟ පත තියෙන රිට වගේ උස හැඩි දැඩි කොල්ලෙක්.. ශර්ට් එකෙ දිගට තියෙන අත් දෙක වැළමිට ළගට නවලා.. සාක්කුවේ අත් දෙක දාගෙන ඔරවගෙන මගේ දිහා බලාගෙන ඉන්නවා... අනේ සමන්ත මොන ගොපලු යකා ආවත් මේ කිරි කැටියා බයවෙන්නෑ.. මන් ලොකූගේ රං.. ගම රන් කරපු චන්ඩියෙක් තමයි ඩෝ මාත්.. සදෙව් සමානයි පාතාලේ රං.. මූ මොකෙක්ද මට..!

"මොකක්ද ක්ලාස් එක? "

මූ ආයේ ඇහුවා... හරි ස්ථීර හඬක්.. කාටවත් දෙකට නැවෙන්නෑ කියන සවුන්ඩ් එකක් ඌට තිබ්බේ.. ගාම්භීරයි.. මන් කෙලින්ම උගේ දිහා බලන් හිටියා.. ටවුමේ සේරම පත සයිස් වෙන එකේ රහස හොයාගන්න ඕන.. මුන් හොරාට අරිෂ්ටෙවත් බොනවද.. සමන්ත මේ සේරම ජිම් පප්පලානේ.. මන් විතර ද සූර පප්පාගේ සයිස් එකට ඉන්නේ.. මලවිකාර සමන්ත...

The Owner of Moon ❤ ( සඳේ අයිතිය සොයා🌙) KookV🌟Where stories live. Discover now