7️⃣9️⃣🎄

554 125 187
                                    

" ඕයි පූ...!!! මගේ දෙයියා උදව්වක් කරපන්.. මේක ගොඩ දැම්මොත් මන් යද්දි උබට සන්ක්‍රශ් එකයි පීනට් එකයි අරන් දෙනවා දෙයියම්පා !!! "

කේශරයා දුවන් ඇවිත් කියද්දි මන් තඩි බත් ගුලියක් කටේ ඔබාගත්තා...

ඉන්ටර්වල් එක දීපු ගමන් ජබ්බයි මායි ඕශියයි කෑම එක දිගෑරන් කාගෙන කාගෙන ගියා.. ඊයේ වැදුනු පාරට අඹ රස ඩබල් වෙලා දැනුනා කියලා ඕශිත් කියුවා ජබ්බත් කියුවා.. කුමාරිත් කියුවනේ ඒවා හරි රසයි ආයේ තිබ්බොත් ගේන්න කියලා.. ම්හුක්.. හොඳ වෙලාවට සඳූට කියුවේ නෑ.. සඳූට කියුවොත් ඌ ඕක මිනාට කියනවා.. ඊට පස්සේ ඉතින් ඒක මෙම් හදලා ෆ්බී එකෙයි වට්සැප් එකෙයි ශෙයාර් කරා වගේ වැඩක් තමයි අපිට වෙන්නේ.. ස්ටෑන්ඩ් එක වටේ පෝස්ටර් ගැහුවට හපන්..!!  ... සමන්ත මිනා සුවර් නෑ ම්හුක්.. සුමනා ගැන කියනවනම් ඌට දැන් මේ ගමෙන් ආපු අහිංසකයට කතා කරන්නවත් වෙලාවක් ඤෑ..!!

" මොකක්ද දැන් උබට වෙන්න ඕන..?? "

පුහ් !! බලපන්කෝ සමන්ත මුගේ ලයින්.. ඕශියා හෙන ගැම්මෙන් අහද්දි කටේ බත් පුරවන් ඉදපු ලොකූගේ රං යන්තන් බත් කට ගිලගත්තේ හුස්ම හිරවෙන කැස්ස නිසා පපුවටත් ගගහා.. හමෝ හමෝ සමන්ත..!!

මුගේ ප්‍රශ්න වලදි වවාගෙන කන්නේ දැන් බලපන්කෝ.. අනුන්ගේ ඒවට පැනලා උත්තර දෙන්නෙ.. මිනාට වලි බේරලම විසුමක් නැති වෙයි නේත සමන්ත.. ඒ අතින් මගෙ සඳූ කොච්චර වාසනාවන්තද බලන්නකෝ නේත.. හරි අහිංසක මලක් වගේ කොල්ලෙක්නෙ ඌට ඉන්නෙ.. පින සමන්ත පින..!!

ධාර්මික හැසිරීම දසසිල් සුරැකීම..ධාර්මික වාග් ප්‍රහාර.. ටීක්.. ඊයේ උරු තඩියගේ ඒවා ස්කිප් සමන්ත ස්කිප්..ම්හුක්..!! දෙයියනේ.. නමෙත් අගට දෙව් නේ තියෙන්නේ.. හනේ ලොකූගේ අහිංසක හුරතල් රං කැටියා..!!

" ගර්ල්ස් එකෙ නිව්නි සෙට් වේගෙන එනවා පුතෝ.. සෙට් උනොත් සිරා කරනවනේ නම්බරේ දීපන්කෝ..!! "

" මූ නම් අපේ නමත් කනවනේ බන්.. සිරා කරන කීවෙනි එකද මේ.. "

" අනේ මේ සුදු නංගියා උබ ඉදපන් කට වහගෙන.. උබම කීයක් ඇද්දද වල් ඇතා වගේ ඉදගෙන.. "

" අනේ කැහුට්ටා උබ ඉදපන් උබලට ජේ නේද.. "

ජබ්බටත් කට තියන් ඉන්න බෑනේ.. ඌ විහින් නෝන්ඩි වෙනවා.. චුරුස් චුරුස් ගාලා ඌ කේශරයා එක්ක තිබ්බ් තරහට බත් එක අනනවා.. මන් ශේප් එකේ කුමාරි රස වැඩි වෙන්න කියලා දාන නයිමිරිස් කරලක් අරන් අරූ අනන බත් ගුලිය අස්සට දැම්මා.. ඕශියා ට උන්ගේ වලිය ඇති වෙලා ඇස් රෝල් කරලා ඌ අනපු බත් ගුලියයි ජබ්බා මෙලෝ සිහියක් නැතුව තරහට අනන එකෙනුයි බාගයක් අරන් කටේ ඔබාගත්තා.. සමන්ත දුවපාආආආන්..!!!!

The Owner of Moon ❤ ( සඳේ අයිතිය සොයා🌙) KookV🌟Where stories live. Discover now