22

630 134 37
                                    


The owner of Moon 🌙🌠

" මට චූටි එක්ක තරහයි... "


මාව පපුවට තද කරන් සදැස් කියනවා... ඇයි මාත් එක්ක තරහ... මට මුකුත් කරගන්න බැරි උන නිසාද...


" සදැස්... සමහර වෙලාවල් තියෙනවා.. ඕනම කෙනෙක් හිර වෙන... නතර වෙ..න... සදෙව්ටත් උනේ ඒක.... "



මන් හිමින් කියද්දි සදැස් මගේ උරහිස රිදෙන තරම් හයියෙන් මිරිකුවා..... මූ නම් ඇත්තටම යකෙක් සමන්ත.... මේ ඉන්නවා මේ දිස්ටි මාරු වෙනවා...



" එදා එතකොට මන් යන්න කියද්දි පැනලා ගැහුවේ...ආහ් චූ..ටී ?? "

" එදා උබව හිර උන්නැද්ද.. ගමෙන් ටවුමට ඇවිත් කිසි සෙවිල්ලක් නැතුව ගහන්න පැන්නේ.. උන් මොක්කුද කියලා දැනගෙන ද.. චූටි උබට එතකොට හිර උන්නැද්ද.. උබ ආයෙත් මාව යකා කරනවා..!! "

සදැස් කෑගහනවා....රංගේ වචනයක් අල්ලගෙන... ඒකම කිය කිය කෑගහනවා... මගේ උරහිස අල්ලන් ඉන්න පාරට නියපොතුත් වදිනවා...ඇඟේ කෑල්ලක් ගලවගන්නවත් ද මූ හදන්නේ... මූ ටවුමේ අවයම් ජාවාරම්කාරයෙක්වත් ද... එදා උන එකයි අද උන එකෙයි සම්බන්දේ ගලපගන්න බැරුව මන් දහ අතේ කල්පනා කලා.. ඒත් ඒකට සදැස්ට ආයෙම යකා නගින්න තරම් හේතුව මොකක්ද.. මොකට හේතු හොයනවද සමන්ත අපි.. මුගෙ යකා හැමවෙලේම ඔන් නේ..

" චූටී උගේ ඉස්සරහ දඟලනවට වඩා.... හොර බළල් ඇස් ගැලවෙන්න ගහන්න තිබ්බා උබට.. එහෙනම් මාව මේ තරම් පිච්චෙන්නෑ බන්..! "



මිරිකන් ඉදපු උරහිස ටිකෙන් ටික අතාරිනවා මට දැනුනා...  සදැස් මොනවද මේ කියන්නේ...ඇයි එයා පිච්චෙනවා කියන්නේ.. ඒ කිසි වචනෙක තේරුමක් මගේ ඔලුවට වැදුන් නෑ.. මන් තාමත් ඒ පපුවට ඔලුව බරකරගෙන.....


" සල්ලි බලය හැමදේම තියෙන්නේ ඌ ළග වෙද්දි මන් ඌට අත ඉස්සුව නම්  ඌ මට ආපහු ගමටම යන්න වැඩේ දේවී සදැස්... "


මන් ඒ පපුවෙන් ඔලුව ඉස්සුවා... එයාට මන් කියුවනේ පැටලෙන්න එපා කියලා.. මගේ හිතේ තියෙන දේවල් ගැන මන් කොහොමද සදැස්ට පැහැදිලි කරන්නද... මන් ගමෙන් ආවෙ හේතුවකට මට නිකන්ම යන්න උනොත්.. මගේ ලොකූගේ හීන..ඒවා දාලා යන්න තරම් මන් පෞකාර සහෝදරයෙක් වෙන්නේ කොහොම ද...

The Owner of Moon ❤ ( සඳේ අයිතිය සොයා🌙) KookV🌟Where stories live. Discover now