9 7 🔞

762 122 222
                                    

කොහේදෝ ඉදලා ආපු සුරාජයත් මැදට පනිද්දි මන් දෙපාරක් නොහිතම ඌ කියපු එකට ඔලුව වැනුවා.. මූ කවුද අපිට සද්ද දාන්න... උද්ධච්ච බකුසුවා..!!!

" උබලගේ ගම උබලා තියාගනිල්ලා.. මේ බූල්ට කොහෙත් එකයි..!! "

එතන වටේ ඉදපු කොල්ලෝ ගාන දැකලා හරි මූට බය වෙන්න තිබ්බා ඒ උනාට.. එක පගෙක් ගනන් ගන්නෑ ටෝන් එකකින් ඌ ගර්ජනා කරන්න ගත්තේ කැලෑවට පිටින් ආපු සිංහයෙක් ගාණට.. කැලෑවට පිටින් සිංහයෙක් ඇවිත් කෑගහද්දි කැලේ හිටපු රජාට මළ පනිනවා.. ඌ එනවා වලියට.. ඊට පස්සේ දෙන්නම වලි කාගෙන වැඩියෙන් ශක්තිමත් එකා දිනනවා.. ඌ රජා වෙනවා... දැන් උනත් වෙන්න යන්නේ ඒක.. ගැඹුරු කටහඬ එක්කම රවාගෙනම ඉන්න ඒ හීනි ඇස් එකට යා වෙන්න හදන ඝන ඇහිබැම.. ඒවා වැටිලා තිබුනේ මගේ දිහාවටම වෙද්දි මගේ පපුව ඇතුලේ හිරියක් දුවන්න ගත්තා.. මට පොරව යන්තන් වගේ මතකයි.. මූ ඉදලා හිටලා අපේ කඩේට ඇවිත් පෙබල්ස්.. ටරු බිස්කට් එහෙම අරන් යනවා.. සන්ක්‍රශ් දෙයියා.. මූ තමා කඩේට ගනිපු සන්ක්‍රශ් ටිකත් ඉවර කලේ.. විලා එකේ මහත්තයා කිය කිය නුවනයා කියුවෙත් මූ ගැනද මන්දා..

" මේ මේ මේ.. ගාල්ලේ උන් අපිට ලොකු නෑ හරියේ..!! "

" අඩෝ අවුල් ගන්නෙපා මූ කතා කරන විදිය මේ.. බූල් යමන්.!! "

" මිනා මේ උබ පැත්තකට වෙයන් හුත්තෝ.... ඇයි තොපිට පෙන්නන්නද ගාල්ලේ උන්ගේ ලොකු..!! "


සුරාජයා මූත් එක්ක බලද්දි හීන් දෑරී..මේ යකා බකුසු රාජයා වගේ අඩියට දෙකට සුරාජයා ලගින් ඇවිත් හිටගත්තේ දැන් දැන් වලියක් පටන් ගන්න වගේ.. වටේ කීයක් ඉන්නවද මේක උගේ ගම නෙවෙයි නේද කියලවත් ඌට මතක පාටක් තිබුන්නෑ.. ගැහුවොත් ගහන්න ගමම එනවා.. ඒත් මූ ගර්ජනා කරන්නේ ගමේ එකෙක්ටවත් ඌට අත තියන්න බෑ වගේ.. ඌ එක එල්ලෙම සුරාජයව උස්සලා පොලවේ ගහන බැල්මකින් බලාගෙනම ඉද්දි මිනයි මලිතයයි වටේ උන් එක්ක සාම ගිවිසුම් ගහන්න ගත්තා..

රං .. පපුව පුරා ඇවිලෙන අමුතුම හිරිය මොකක්ද කියලා හිතාගන්න බැරුව බකුසුවා දිහාම බලාගෙන හිටියේ මට ඌව හොදට හුරුයි කියලා හිත කෑගහලා කියද්දි.. පොඩ්ඩක් ඉන්න..!! දැන් මෙතන මුන් ගහගත්තොත් රං ගන්නෙ කාගේ පැත්තද.. අනේ සමන්ත.. පිට උන්ගේ ගත්තොත් ගමේ උන් තරහා වෙනවා.. ගමේ උන්ගේ ගත්තොත් මුන් තරහ වෙනවා.. ර්‍ර්.. අනේ ලොකූ රංට කවුරු හරි ගුලියක් දීලා..යකෝර්... යන යන තැන ප්‍රශ්න විතරමයි අයියූ...!! කිරි කෝපී සමන්තයෝ..ඕඕ!! ටෝබි පුලුවන්නම් මාව පිටේ තියන් දුවපන් යම්කෝ..!!


The Owner of Moon ❤ ( සඳේ අයිතිය සොයා🌙) KookV🌟Where stories live. Discover now