24

623 146 114
                                    



බයික් එක කෙලින්ම හැරෙව්වේ වෙනදට සදැස් මෝටාර් එක දාන ළමයගේ ගෙදරට...


" බහින්න "

" මෙහේ නෙවිනේ කොටුව !! "

නවත්තලා සදැස් කියනකොට මාත් කියුවා.. මූ මෙහේට ද කොටුව කියලා කියුවේ ගස් නරිය.. කනව තෝ.. සමන්ත මට මේ....වට තමා... ඉතින්න්..........!!!

" ගමේ නෙවි පෙට්ටියෝ ඉන්නේ.. ගොං යකෙක් උබ නම්..මටත් අහු උනානෙ මේ වගේ එකෙක්...! "


හෑ මූ මට නේද මේ බනින්නේ... හරි අගෙයි ටවුමේ උත්තමයා හදපු නම් ටික.. උබ අරිසෙන් අහුබුදුටත් වැඩේ දෙනවා මන් දන්නවා... මුල් ටික මූනට කියලා ඉතුරු ටික කොඳුරනවා.. අනේ අහුවෙන්නෙම එකා.. යැයි යැයි නේත සමන්ත... මුගේ ලැට් එක වගේ කට..!!

දෙන්න හිතෙනවා ඉස්සරහ හා දත් දෙක බඩට යන්න...


" ඕක ගලවල මේක දාගන්න චූටි.. "

බැග් එක අස්සේ තිබිලා හොයලා හොයලා ස්පෝට් ටී  එකක් අරන් මට දිග් කරලා තව එකක් එලියට ඇදල ගත්තා.. මේ මොකත... ඇයි යුනිෆෝම් එකේ අවුල මොකක්ද... මන් බලන් ඉද්දිම සදැස් සුදු ශර්ට් එක ගලවන්න පටන් ගත්තා... මෙන්න සමන්ත කඳ කද....




" ඇයී ඉතින්... කොටුවට මේක හරි නැද්ද..?? "





මන් යුනිෆෝම් එක පෙන්නලා අහද්දි බකුසු යකා එළියට පැන්නා... මට රවාගෙනම ශර්ට් එක ගලවලා දැම්මේ බැනියම ඉතුරු වෙන්න... ලැජ්ජයි සමන්ත.. දැන්නම්... ර්‍ර්... අපි ගමේ කොල්ලොනේ.. මුන් වගේ නෙවිනේ...

" චූටි ඉක්මන්ට දාගන්න හවස් වෙන්න කලින් යන්න ඕන මන් "



සදැස්ගේ ඇඟ දිහා බලාගෙන මාත් ඒවගේ හදාගෙන ගමේ නංගිලට පේන්න යන හැටි මනෝපාරක් ගහපු මන් එළියට පැන්නා...
භාගෙට යට කරලා තිබුනු සුදු ශර්ට් එක සම්පූර්නෙන්ම එළියට ගත්තා... අරගෙන බොත්තම් එකින් එක ගලවන ගමන් බැලුවේ සදැස් දිහා... අයෙත් ඔරවගෙන...

ලොකූ ආවම කියන්න ඕන ටවුමෙ උත්තමයෙක් ඉන්නවා ඌට හිනා වෙන්න කියා දෙන්න කියලා...

" ඇයී...?? "

බොත්තම් දෙකයි සමන්ත ගැලෙව්වේ... මන් ඇහුවා ඇයි කියලා... මැරෙන්න ඔන්න මෙන්න ඉන්න එකාට උනත් පස්න තියෙනවනේ...



The Owner of Moon ❤ ( සඳේ අයිතිය සොයා🌙) KookV🌟Där berättelser lever. Upptäck nu