8️⃣8️⃣

426 103 89
                                    



ගමෙන් ආපු රං...

ඉස්සර ජීවිතේ ගැන කිසි දෙයක් නොහිත.. තේ වතු පුරා සීතලේ දුවපු හැටි මතක් උනා... මගේ එකී අපි වෙනුවෙන් සල්ලි එකතු කරලා ලොකු අම්මට බරක් නොවී ඉන්න හදපු හැටි මාත් එක්ක කියද්දි..මට හිතුනා මන් මොන විදියේ මල්ලි කෙනෙක්ද කියලා... ඒකිට සල්ලි නැතුව නෙවි.. අප්පච්චිගේ සල්ලි ලොකූට හම්බුනත් ඒකි තව හම්බ කලා.. සමහරවිට.. ලොකූ හිතුවේ නැතුව ඇති ලොකු අම්මා මේ තරම් කාලයක් ගිහිල්ලත් එදා ගමෙන් ආපු දවසේ වගේම අදටත් අපි දෙන්නට ඒ විදියටම සලකාවි කියලා.. පොඩි හරි වෙනස්කමක් මට වෙයි කියලා ඒකි හිතන්නැති.. අන්තිමේ.. එදාත් ලොකූ ඒකිගේ රං වෙනුවෙන් හැමදේම කරලා...

අලු ගසා දාලා නැගිටපු එකෙක් වගේ.. මන් ටවුමේ කරක් ගැහුවා... අම්මගේ ආදරේ නොලබපු මට.. මහ ගොඩක් ආදරේ කරන යකෙක් හම්බුනා... අම්මගෙම ආදරේ හම්බුනා.. මාව උවමනා වෙන වෙලාවට විතරක් මතක් වෙන දිවෙන් දිව ගාපු උන් මට ගමේදි හිටියේ නෑ..  කවදාවත් හොදම යාලුවෙක් කියලා එකෙක් ගමේදි  උන්නේ නැති වෙද්දි.. මගේම කියලා මන් වෙනුවෙන්ම ඉන්න යාලුවෝ හම්බුනා... මේ හැමදේම අහම්බයක් ද.. නැත්නම්.. මට ගමේ දොළපාර ගාව තියෙන ගල උඩ නින්ද ගිහින්වත්ද...

එකින් එක වෙනස් උනු මගේ ජීවිතේ...
ස්පෝට් කරන්න බස් වල බඩගාපු රං... ගමේ හුච්චක්කු බස් එකේ නැගලා..
මාතරට ඇවිත් යද්දි පහු කරපු මහා වංගු ටික මතක් වෙද්දි මට නිකන් ඔක්කාරෙට වගේ ආවත් මන් ඒක කාගෙන හිටියේ කීපාරක් නම් ඔය වංගු අස්සේ මට වමනේ ගියාද කියන එක අමතක කරන්න ඕන නිසා.. මතක් වෙද්දිත් බඩ පෙරලෙනවා.. ඈයියා..

The Owner of Moon ❤ ( සඳේ අයිතිය සොයා🌙) KookV🌟Where stories live. Discover now