08

741 147 22
                                    

🙊❤

ගෙදර ආපු ගමන් ලොකු අම්මා මට කැව්වා...

ඒක මහ පුදුම ආදරයක්.. !

තමන්ගේ නංගිගේ දරුවෝ වෙනුවෙන් මෙහෙම කරන එක... අමාරුවෙන් බත් කාපු මට ලොකු අම්මා බලෙන්ම බෙහෙත් ටිකත් පෙව්වා...

ඇඟේ අමාරුවටයි බෙහෙත් නිසායි මන් හොඳට නින්ද ගියා... උදේ ඇහෙරෙද්දි උණ හොඳටම බැහැලා... මන් මුලු ඇඟටම හොඳ ෆිට් එකක් අරගෙන.. නැගිට්ටා... තාම උදේ පහයි... ලොකූ කියුවනේ ලොකු අම්මට කරදර කරන්නෙපා කියලා...
මන් මගේ ඇඳුම් ටිකත් අරගෙන ආවේ අයන් කරගන්න.. ඊයේ අමාරුවට නින්ද ගිය නිසා කිසි දෙයක් කරගන්න බැරි උනා...

අයන් බොඩ් එක උඩින් ඇඳුම් තියලා මන් එහෙම්ම බාත් රූම් එකට ගියා... කුස්සියෙ ලයිට් එකක් පත්තු වෙනවා....

අපෙ ලොකූ නම් ඉස්සර මේ වෙද්දි තමා උයන්න පටන් ගන්නේ එතකන් එයා පාඩම් කරනවා... මාත් එයා නැගිටිනකොට කුස්සියට වෙලා පොල් ගානවා.. පිඟන් හෝදනවා.. මතක් වෙද්දිත් හිනායි.. අපි දෙන්නා කුස්සියට වෙලා කියවන විදියට ඒ උදේ කියලවත් හිතාගන්න බැරි වෙනවා... ඒතරම් අපි දෙන්නා කියවනවා...

ඕප දූප... රටේ විස්තර ගමේ විස්තර... වැඩි පුරම කරන්නේ අපේ අප්පච්චිගේ නෑදෑයොන්ට බනින එක... ලොකූ කොහොමත් එයාලට වැඩිය කැමති නෑ.... ලොකූ කැමති නෑ කියන්නේ මාත් කැමති නෑ කියන එකනේ...

බැනලා බැනලා ඇති උනාම අපි කියනවා...

අනේ අපිට ඕවා වැඩක් නෑනේ අපිට මොකද කියලා.. එහෙම කියලා ආයේ මුලු ගේම දෙදරන්ම හිනා වෙනවා.....

අනේ ලොකූ මට ඔයා නැතුව පාලුයි...

මන් ලොකු අම්මලහ එන්නැතුව ගෙදරම හිටියනම්.. මට මොනව වෙයිද දන්නෑ...
බාත් රූම් එකෙන් එළියට එන ගමන් මන් කුස්සියට ඔලුව දැම්මා.. වැරදිලා හරි මගේ ලොකූ කුස්සියේ උයනවා ඇති කියලා හිතාගෙන...හිස් මුදුනට කරලා කොණ්ඩ ගුලියක් ගහගෙන.... පොල් කටු හැන්දත් අතින් අරන්.. ඉණට අතකුත් ගහගෙන උයන ලොකූව මට මැවිලා පෙනුනා.... 

බොරු කම්මැලි කමක් අරන් නිදි මතේ වගේ ලොකූ ළගට යන රං... ලොකූගේ ඇඟේ එල්ලිලා කිරි කෝපි හදලා දෙන්න කිය කිය නාහෙන් අඬන හැටි... මට කිති කවලා ලොකූ හිනා වෙවී ගිහින් මගේ සුදු පාට කෝප්පෙට කිරි කෝපි හදන හැටි....

The Owner of Moon ❤ ( සඳේ අයිතිය සොයා🌙) KookV🌟Where stories live. Discover now