9 9

386 96 156
                                    

දවස් ගානක් ගත උනා... !!!




සදෙව් සත්මිණ..  දොස්තරලා බර ගානක්  අස්සේ හිර වෙලා එක එක පරීක්ශන වලට ලක් උනා.. එයාට තිබුන හැම ලෙඩක් ගැනම අකුරක් නෑරම බෙහෙත් කෙරෙව්වා...



" ඕශි පුතා සඳූ පුතාට කොහොම ද ?? මට තේරෙන්නෑ පුතේ ඔයාට කොහොම thank කරන්න ද කියලා.. අනේ පුතේ බුදු බව ලබන්න ඕන මේ කරන උදව් වලට..  "




" මගේ හොඳම යාලුවා වෙනුවෙන් මට මීට වඩා දේවල් උනත් කරන්න පුලුවන් අම්මා.. ඒක එච්චර දෙයක් නෙවෙයි.. "




" අනේ ඔව් මල්ලි.. ඔයාට පිං.. මන් මගේ රංට මෙහෙම දුක් විදින්න වෙනවා කියලා දන්නවනම් ගමෙන් පිට අඩියක් තියන්න දෙන්නෑ.. මට ඉන්නේ එයා විතරයි..මට හිතාගන්න බෑ පුංචි ලෝකයක් ඇතුලේ විතරක් ඉදපු එයා යාලුවෙක් වෙනුවෙන් බස් එකට පැන්නා කියලා.. "




ලොකූ ඕශිගෙ සිනිදු මාස්මෙලෝ වගෙ අත් එකට ගුලි කරගෙන කියුවේ ඇදේ නිදාගෙන ඉන්න එයාගේ රං දිහා බලන ගමන්... මිනා..ඕශි උදෙන්ම ආවේ සදෙව්ව බලන්න.. එයාලා එද්දිත් ලොකුයි අම්මයි සදෙව් ලග.. තිඋඑන හොදම හොස්පිට්ල් එකේ මේ දවස් ගානටම බිල ලක්ශ ගනන් උනත් ඒ හැමදේම ඕශිගේ ඩඩා ගෙව්වේ.. අම්මට ඕන උනේ හැමදේටම ස්තූති කරන්න..ඒත් ලොකූට විශ්වාස කරන්න බැරි එකම දේ.. රංගේ ජීවිතේ වටිනම දේවල් මහ ගොඩක් තිබුනේ නෑ කියලා එයා දන්නවා... ලොකූ වෙනුවෙන් එයා ඕනම දෙයක් කරන්න ඉඩ තිබ්බා.. ඒත් මේ අවුරුදු දෙකට හම්බුනු යාලුවෙක් වෙනුවෙන් එයා මේතරම් අවධානමක් ගත්තා... කීයටවත් හිතන්නවත් බෑ..




" අක්කා... එයා යාලුවෙක්ට වඩා පූට වටිනවා.. එයාට සිහිය ආවට පස්සේ එයා කිසිම වෙලාවක මේ කරපු දේට පසුතැවෙන එකක් නෑ.. එයා එහෙම බූල්ව කවර් කරේ නැත්නම්.. බූල්ගේ ඔලුව උඩින්ම බස් එකේ පලවෙනි රෝදේ යන්න තිබ්බා.. පූ කඩාගෙන පැනපු නිසා තමයි
බස් එකේ රෝදේ අස්සට නොගිහින් තහඩුවේ වැදිලා තියෙන්නේ.. අනික බ්‍රේක් කරගන්නත් ඩ්‍රයිවර් දැකලා තියෙන්නෙ පූ නිසා.. "


" සඳූ පුතා එහෙම පව් කරපු දරුවෙක් නෙවි.. රත්තරන් කොල්ලෙක්.. පොඩි කාලේ ඉදලම මන් එයාව දන්නවා ලොකූ...  පුතා හරියට අපේ රං ගැන හෙව්වා..මට කොයිතරම් උදව් කරන්නැද්ද ඔය දරුවා.. අම්මා නැතුව තනියම හැදුනෙ..  "




The Owner of Moon ❤ ( සඳේ අයිතිය සොයා🌙) KookV🌟Where stories live. Discover now