20

706 138 60
                                    

සදැස් POV ❤😻


ගොපලු යකා !!


බූල්ල්..!!

බූල්ල්....

මිනා කන ගාවම කෑගහද්දි මන් සිහියට ආවේ...

" මොකෝ ඕයි ! "

මන් ඔරවගෙන ඇහුවේ ස්ටූල් එක උඩ දිග ඇරගෙන තිබුනු කකුල් දෙක ආපහු පුටුව උඩට නවා ගන්න ගමන්...

" අමෝර් අමෝර්.. හිච්චි ආදර වන්තයා..  දත් දොස්තරගේ සිහියේද හිටියේ.. "

මිනා කිණ්ඩියට හිනා වෙද්දි මාත් කට කොනින් හිනා උනා....දොස්තරයා දන්නව නම් එහෙම මූව කපලා කාවී... මහ ලොකු දත් දොස්තර... මිනාටත් පිස්සු...

" මෙහේ එන්න කියලා මැරෙන්න හැදුවේ නිකන් ද බූලෝ... මන් හිතුවේ මොකක් හරි කෙප්පයක්වත් ඇති කියලා.."

මිනා ආයේ කුරු කුරු ගානවා... ස්කෝලේ ඇරිලා එහෙම්ම මන් ගෙදර ආවේ මිනාවත් ඇදගෙන.. උන්ලයි ගෙදරින් නම් ඉතින් අවුලක් නෑ මෙහේ ගෙදර ආවා කියුවට... අනිත් එක මේ මන් මොන්ටිසෝරි යන කාලේ ඉදන්ම දන්න එකානේ..ඒකෙන් උනේ උගේ උප්පැන්නේ තියෙන දිග නමටත් වඩා මන් හැම වෙලේම කියන නම ප්‍රසිද්ධ උන එක...ඕන එකෙක් මිනාව හොඳටම අදුරන්නේ සදැස්ගේ නැට්ට කියුවම.. !!

" තාත්තා කේස් බන්.. "

මන් හිටපු පුටුව ළගම වාඩි වෙලා ඉදපු ටෝබි දිහා බලගෙන මන් කියුවා... ටෝ...බී......නම ඇහුනත් ඇති චූටි ට තරහ යන හැටි...

The Owner of Moon ❤ ( සඳේ අයිතිය සොයා🌙) KookV🌟Where stories live. Discover now