5️⃣2️⃣🌌

565 126 123
                                    




මන් හිටියේ ග්‍රවුන්ඩ් එක මැද්දෑවේ දපලා වැටිලා...!!

කකුල් දෙක ඔහේ දිගට දාලා අත් දෙක ඔලුව යටින් තියාගෙන.. මන් බලන් හිටියේ තරු පිරිච්ච අහස දිහා... ලොකු වළාකුලක් මන් එද්දි දිලිසුනු හඳ වහගෙන.. තද කලු පාටක් ගනිපු අහසේ රිදී පාටින් වළාකුලු අස්සෙන් හද දිලිසෙන්නේ මන් මෙතන ඉන්නවා කියන්න වගේ.. 



පැරකුම් යකාව හදලා ඉවර වෙද්දි රෑ එක පහු  වෙලා.... ලොකු අම්මා සැරින් සැරේ කෝල් කරනවා.. අන්තිමේ සඳුත් එක්කම එන්නම් කියුවට පස්සේ ලොකු හුස්මක් පහත දාලා  පරිස්සමෙන් එන්න කියලා ෆෝන් එක තිබ්බා... යක් මූණක් පිටිපස්සේ ලොකුවට හදලා අපි ඉස්සරහා හාන්සි වෙලා හිටියේ කිසිම සද්දයක් නැතුව... හැම හවුස් එහෙකම වගේ වැඩ ඉවරයි... ඕශිලා ලොකු මොණරෙක්.. විජය උන් හැදුවේ රතු ඉන්දියන් ගමක්... එතකොට තිස්ස උන් පප්පා ගම හැදුවා.. ග්‍රවුන්ඩ් එකේ තැන් තැන් වල ඉදපු සේරම උන් තණකොළ ගොඩේ පේළියට හාන්සි වෙලා හිටියේ මහන්සිය නිවාගන්න..




ගොක්කොල කප කප ඒවා කපලා අමුතු ජාතියේ සැරසිලි හද හද ඉදපු මට අන්තිමට ගොක්කොල ඔලුව ඇතුලේ කැරකෙන්නත් ගත්තා..කේශරයා මගේ එහා පැත්තේ ඇස් පියාගෙන...ජබ්බත් වැඩ..  ඕශි ගැමුනු එක ළග.. සදැස් ආයෙම වටයක් අඩුපාඩු හොයන්න කියලා හවුස් කැප්ටන් එක්ක යද්දි මෙනුරයා ඔක්කොටම කෑම ගෙන්නුවා.. කෑම වලින් කිසිම අඩුවක් නැති වෙද්දි ඩිපියුටි ප්‍රින්සිපල් විසි තිස් පාරකට වඩා ග්‍රවුන්ඩ් එක වටේ රවුම් ගැහුවා...




අහස දිහා පුදුම ලෝබ කමකින් බලන් ඉදපු මන් ඇස් පියාගත්තේ නිදි මතට වඩා ඇගට තිබ්බ තෙහෙට්ටුවට... උඩ නගිනවා... බහිනවා.. ඒක හරි නෑ ඕක මෙතෙනට දාමු කියුවම ආයේ වෙන තැනකින් එල්ලනවා... හැම කොල්ලෙක්ම පුදුම විදියට මහන්සි වෙද්දි කලින් වැඩ ඉවරවුනු හවුස් වල උනුත් ඇවිත් අනිත් ඒවට උදව් කලා..



මලිතයා තිස්ස එකේ ඉන්නවා මන් ලාවට දැක්කත් මන් ඒ රූපේ ඌමද කියලා අඳුනගන්නවත් උත්සාහ කරේ නෑ.. ආයේ මොන ප්‍රශ්නේ ගියත් අන්තිමේදී ඕකට ඇඳිලා එන්නේ කොහේවත් ඉන්න මගේ අහිංසකයා.. මට තවත් ඒ පිරිමි ආත්මෙට වද දෙන්න උවමනාවක් තුන් හිතකවත් තිබුනේ නෑ.. මගේ වයසෙම වෙලත් ඒ අවුරුදු ගානම මාත් ගෙවලා තිබ්බත් මන් වගේ සිය ගුණයක් ඒකා ඉස්සරහින් හිටියා.. හරියට මගේ අයියා කෙනෙක් වගේ.. ලොකූ මගේ අම්මා අප්පච්චි අක්කා කියන චරිත ඔක්කොම කරට අරන් වැඩ කරද්දි මට දැන් මගේ කියලා පන ගහන්න පුලුවන් එකෙකුත් ඉන්නවා කියලා දැනෙද්දි පපුව හරි වෙනස් තාලෙකට ගැහෙන්න ගත්තා...






The Owner of Moon ❤ ( සඳේ අයිතිය සොයා🌙) KookV🌟Where stories live. Discover now