6️⃣1️⃣ 🚌

528 129 116
                                    


The owner of Moon 🌙❤



" සදෑ....ස්.........!!

බූල්ල්ල්ල්ල්...!!!

සඳූ....!!!! "




මන් කෑගහගෙන දිව්වේ සදැස්ගේ ක්ලාස් එකට.. ඒකේ ළමයිත් මාව දැන් අඳුනන නිසා උන්ට මාව දකින එක පුදුමයක් නෙවි.. සඳූ එයාගේ ඩෙස්ක් එකට වෙලා ටියුට් වගයක් එක්ක ඔට්ටු වෙනවා...

මන් එහෙම්ම කෑගහන් ගිහින් එයාගේ බෙල්ලේ එල්ලිලා එයාගේ එහා පැත්තේ පුටුවෙන් වාඩි උනා... පෙට්ටි රතිඤ්ඤේ කියන නමට සාදාරනයක් කරන්න එපයි අප්පා.. ම්හුක්.. මන් ලොකූගේ රං ඩිංගනේ..




" කෑ ගහන්නෙපා චූටී.. මේක බැලන්ස් වෙන්නෙත් නෑ පැටලෙනවා..!! "





" ආ දැන් ඔයාට මන් කෑගැහුවොත් තමා.. අර සුමනු- "


" නෑ නෑ පැටලෙන්නෑ මඟුල !! "

" ආන් එහෙම එන්න.. සඳූ.. ඊයේ තමුසේ මගේ බෙල්ල මිරිකුවා..!! "




මන් සදැස්ගේ බෑග් එක අරන් කන්න මොනවහරි හොයන්න ගත්ත... අපිට ඩබල් පීරියඩ් ඕෆ්.. මිස් මොකක්ද මන්දා කලාපේ වැඩකට කියලා දිව්වා.. අන්තිම පිරියඩ් දෙකක් සෙට්වෙනවා කියන්නේ ගමේදි නම් අපිට සුර ලෝකේ වගේ තමයි.. ඒ උනාට මෙහේ එහෙම නෑනේ.. අනික දැන් ඒලෙවෙල් කරන ළමයි.. ලොකූගේ හිච්චි දොස්තර පිස්සු නටලා බැරි නිසා.. ඕශියි මායි නල්ලෙයි ජබ්බයි නෝට් ටිකත් සම්පූර්න කරලා පේපර් එකකුත් කරලා අන්තිමම පීරියඩ් එකේ එළියට ආවා..

නල්ලේයි ජබ්බයි ආට් එකට ඇදිලා යද්දි ඕශිත් බෑ බෑ ගාලා මගේ වදේටම කොමස් එක පැත්තට ආවා.. ඇමති පුතු පැංචගේ පුදුම කැටයම්.. ඌට වෙන වෙලාවට අරූ එක්ක මල් නෙලන්න හොඳයි.. මන් වගේ කඩන් බිඳන් ඇවිත් සපාසිස් එකක් කරලා වදයක් වෙන්න හරි අමාරුයි..

කෝමහරි පඬිපෙළ ලගදිම සඳූගේ නැට්ට සෙට් උනා.. අන්තිමේදි ඌට මීමින්නගේ ශරීරේ කොටස් පෙන්නලා දෙන්න ගිහින් මගේ කට වැඩී කියලා ඌ අතේ තිබුනු ඩස්ටර් එකෙනුත් මට ගහලා ඕශිට විනාඩියක් දෙන්න කියලා මගේ පස්සෙන් එලවන් ආවා... හොඳ වෙලාවට ලොකූගේ රංට හොඳ ධාවකයා.. කෙලින්ම දිව්වේ ඉතින් යකා ගාවටමයි...


The Owner of Moon ❤ ( සඳේ අයිතිය සොයා🌙) KookV🌟Where stories live. Discover now