1 1 5

343 82 117
                                    

" රං මහත්තයෝ... තුනුරුවන්ගේ සරණින් මගේ දරුවා කරන හැමදේම හරි යන්න ඕන... මන් දන්නවා ඉදලා හිටලා මුරණ්ඩුකම් කරාට පවුලෙන්ම දක්ශයා රං මහත්තයා කියලා.. "

මන් ෆෝන් තව ටිකක් ලොකු අම්මා දිහාවට දිග් කරලා ඇහිබැමක් උඩ යැව්වා... කුමාරි යැයි යැයි කියලා මගේ ඔලුව අතගානවා.. එයාගෙත් ආදරේ පෙන්නන්න හරි කැටයම් තියෙන්නේ නේත සමන්ත.. උබටත් ආඩම්බර ඇතිනේත ම්හුක්.. ගමෙන් ආපු රං කැකුලනේ..

" මේ දුප්පත් අත්තම්මගෙන් රං මහත්තයට මොනාද ඕන...අහ්හ් මන් ඇඳුම් සූට් එකක්නම් ගත්තා.. රං මහත්තයා අදින ජාතියේ..

" අයියෝ අත්තම්මේ.. ඕන්නෑ අනේ.. හුම්.. "

මන් ඇඹරි ඇඹරි ෆෝන් එකට කියද්දි ලොකු අම්මා ආයෙත් ඇස් උඩ යව යව හිනා වෙනවා.. හරි හරි ඉතින් රං එපා කියුවේ නෑනේ.. අනික ලොකුත් කියුවා එයා දැන් අවුරුදු නිවාඩුවට එනකොට යම්කිසි දෙයක් අරන් එනවා කියලා රංට... සමන්ත රං කාගෙවත් හිත රිද්දන්නෑනේ.. දෙන ඕන දෙයක් ගන්නවා එපා කියන්නෑ.. මේ රං ඇවිල්ලා සුපිරි කොල්ලෙක්නේ.. ආත්තම්මා දෙන එව්වා නොගෙන ඉන්නෑ ජීවිතේට.. එයා හරි ආසාවෙන් අරගන්නෙත්.. මන් හොඳටම දන්න නිසා එයා ගේන ඕනම දෙයක් පුදුම සතුටකින් තමා අරගන්නේ.. දෙවියෝ මට හැමදේම මැව්වේ නෑනේ.. ඉතින් තියෙන දේවල් මට ගොඩක් වටිනවා..

" මන් සුමන සමන් දෙවියන්ට භාරයක් උනා.. රං මහත්තයා හොඳට විභාගේ පාස් උනොත් බෝධිපූජාවක් කරනවා කියලා.. ඉක්මන්ටම භාර ඔප්පු කරන්න එපැයි.. කවද ද එන්නේ රං මහත්තයා අත්තම්මව බලන්න.. "

අත්තම්මාගේ හිනාවෙන කටහඬ ඇහෙද්දිත් සනීපයි.. ඒ තරම් හැඟීමක් එයා ගැන මට තියෙන්නේ.. ඔන්න..එන්න කියනවා ඇහෙද්දිම ලොකු අම්මගේ මූන චුරු උනු තක්කාලි ගෙඩියක් වගෙ උනා.. රංගේ කුමාරී... ම්හුක්..

" මන් අවුරුද්දට කලින් එනවා අත්තම්මා.. "

කෝල් එක ඉවර උනා විතරයි ටවල් එකත් අරගෙන මන් බාතෲම් එකට පැන්නා.. රං වෙනස් වෙලාද සමන්ත.. අනේ මන්දා.. ම්හුක්.. යම්කිසි වෙනසක් තියෙනවා වගේ රංටත් දැනෙනවනේ අප්පා.. මොකක්ද මන්තා... නේතෝ...ගිහින් කිරි කෝපි එකක් හදපන්..ආවා වෙනස්කම් හොයන්න..!!

The Owner of Moon ❤ ( සඳේ අයිතිය සොයා🌙) KookV🌟Where stories live. Discover now