3️⃣8️⃣

571 127 52
                                    


The owner of Moon 🌙❤




මන් සදැස්ගේ පිටිපස්සෙන් ආවේ හොර පූසෙක් වගේ..


අඩුගානේ හැරිලා මන් එනවද කියලවත් බැලුවේ නෑ.. අර වේගෙන්ම ගිහින් බයික් එකට නැග්ගා.. මාත් සදැස්ගේ ගානටම දුවලා ගිහින් පාරත් පැනගත්තා.. නැත්නම් සමන්තටයි මටයි තව පැයක් විතර පාරෙ වාහන ඔක්කොම යනකන් ඉන්න වෙනවා... මේ ලොකූගෙ රංට පාර පනින එක ටිකක් කරන්න අමාරු වැඩක්..හුම්..

බයික් එක ස්ටාට් කරලා හෙල්මට් එක ඔලුවට දාලා ලොක් කරා... සදැස්ට හොඳටම තද වෙලා.. මන් දිහා බකුසු ඇස් උස්සලා එකපාරක්වත් බැලුවේ නෑ.. හෙල්මට් එක දාලා ඉස්සරහ බලාගත්තා.. මන් එයාගේ මූන දිහා බලන් ඉන්දෙද්දිම... අ..නේ සඳූ.... මන් ලොකු හුස්මක් පහත දාලා ගිහින් බයික් එකට නැග්ගා..

මට කිසි දෙයක් කියාගන්නවත් බෑ... හිත එක එක දේවල් කියනවා... සදැස්.. සමාවෙයන්කෝ..... වැරදි කරන්නෙ මිනිස්සුනේ... මන් මනෝපාර ගහගෙන කල්පනා ලෝකේ සැරිසරද්දි සදැස් එකපාරම බයික් එක නැවැත්තුවා...

ගෙදර ළගටත් ඇවිල්ලා.. වෙනදට නම් කොහේ හරි කඩයක් ගාව විනාඩි ගානකට හරි නවත්තනවා.. අද ඒකවත් නෑ.. පැය භාගෙන් ගෙදර ළග.. මන් හෙමින් සැරේ බැහැලා සදැස් ගාවින් හිටගත්තා...

එහෙම්ම හැරිලා හෙල්මට් එකේ ලොක් එක ගලවන්න ගත්තා... නපුරුකම තියෙන.. ඌට ගහන්න බැරි උනා කියලාත් මට කෑගැහුවා.. දැන් මන් උන්ට ගහලත් මූ ආපහු ඔරවනවා.. පුදුම නපුරුකමක් උබේ නම්.. ගොපලු යකා... මන් ආයේ ඇස් බෝල කරා..



" ස...ඳූ.... "



හෙල්මට් එක අරන් අතේ දාගෙන  බයික් එක ස්ටාට් කරද්දි මන් ඉක්මන්ටම හැන්ඩ්ල් එකේ එල්ලුනා... හරි ඉතින් මට කියන්න බැරි උනා තමයි ඒකට ඔහොම තරහ වෙන්න ඕන්නෑ..අනික මට මුකුත් උනෙත් නෑනේ බන්... අනේ සඳූ....මගේ හිත කියවන්න පුලුවන් උනා නම් උබට මේ සේරම ඇහේවි බන්... හැන්ඩ්ල් එකේ එල්ලිලා මන් බලන් හිටියේ බකුසු මගේ දිහා බලනකම්.. ම්හුක්...  ඔරවගෙනම ස්කූටිය රේස් කරපු එකත් නවත්තලා කකුල බිම ගහගත්තා.. ඒත් තාම මගේ දිහාවට ඒ ඇස් හැරුන්නෑ...





The Owner of Moon ❤ ( සඳේ අයිතිය සොයා🌙) KookV🌟Where stories live. Discover now