6️⃣0️⃣💔

586 134 80
                                    


දවස් හරි වේගෙන් ගෙවිලා යද්දි අපේ වාර විභාගෙත් තිබුනා.. පලවෙනි වාරේ ඉවරයි... මට ආයේ හැරිලා මන් අලුතෙන් පටන් ගනිපු ටවුමේ ජීවිතේ දිහා බලන්න ඕන උනත් මට ඒකටවත් වෙලාවක් තිබුනේ නෑ...

මේ මාස ගාණ හරි ඉක්මන්ට ගෙවිලා යද්දි මන් අමාරු පාඩම් අල්ල ගන්න නොසෑහෙන්න කට්ටක් කෑවා... දවස ගානේ වැඩි වෙන අලුත් පාඩම් එක්ක.. මට පාඩම් කරන්න නෝට් ලියන්න පවා අලුතෙන් වෙලාවක් හොයාගන්න උනා.. දවසේ පැය ගානත් මට මදි කියලා දැනෙද්දි මන් වාර විභාගෙට මැරීගෙන පාඩම් කරා.. මට ඕන උනේ මගේ ලොකූට මන් වැඩ කරනවා කියලා පෙන්නන්න.. ගව් ගාණක් දුර හිටියත් පපුවේ මැද මහ ලොකුවට ලොකූ කියලා කොටන් ඉදපු මට ඒකිව අමතක උනු තත්පරයක් නැති තරම්...


මට මහන්සි දැනෙන හැම වෙලේම මැවිලා පෙනුනේ ලොකූගේ රූපේ... මන් ආසම ලොකූගේ කම්මුල් වල ගැහෙන හිනාව... නිදාගන්න හම්බුන පැය තුන හතර ටික ටික අඩු වෙද්දි ලොකු අම්මාත් මන් එක්කම නිදි වැරුවා....




" එක්සෑම් අමාරුද චූටි.. ඇස් කලු ගැහිලා උබත් ඇදිලා ගිහින්.. "






මන් හිටියේ ෆිසික්ස් ගානක් හදන ගමන්.. අදින් විභාගේ ඉවරයි... කොමස් එක ළග පාඩම් කරන්න හදලා තිබුනු බෙන්ච් එකේ කොනක මන් ඉද්දි මගේ ළගම සදැස් වාඩි වෙලා හිටියා.. එයාගේ අතේ තරු බිස්කට් පැකට්.. එයා එක එක කන ගමන් මගෙ කටටත් දානවා..

මන් මහන්සි වෙන විදිය දැක්කම සඳූටත් මහන්සි වෙන්න හිතෙනෝලු... ඒක නිසාමයි මගේ කටේ බලේටයි සඳූ හැමදාම පාඩම් කරා... එයා කියන්නෙම එයාට පාස් වෙන්න පුලුවන්.. කැම්පස් යන්න නම් බෑ කියලා... ඕක ඉතින් මන් පාඩම් කරන්න කියලා කියන හැම වෙලාවකම මතුරලා මන් දැන් එයා කට අරිනකොටම එයාට කලින් ඕක කියනවා... ටව්මේ බක පණ්ඩිත බකුස්...


" එච්චරම අමාරු නෑ බන්.. මට ඕන මන් ළග සඳූ ඉන්නවා බලන්න.. "





මන් කටු කොලේ හදපු ගාන ආයෙම පිළිවෙලට මුල ඉදන් හදන්න ගත්තා.. එකින් එක වෙන වෙනම.. ආයෙම බැලුවත් මටම තේරෙන විදියට මන් හැමදෙයක්ම එකින් එක ලියුවා.. සඳුට එක්සෑම් ඊයෙන් ඉවරයි.. අපි ඔක්කොටම එකට පටන් ගත්තට බයෝ මැත්ස් ක්ලාස් වලට දවසක් වෙනස් උන නිසා සඳූලට කලින් ඉවර උනා..





The Owner of Moon ❤ ( සඳේ අයිතිය සොයා🌙) KookV🌟Where stories live. Discover now